IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


යාපනයේ වත්තක වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයගනී

(රොමේෂ් මධුෂංක)

යාපනය කොඩිකාමම් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයාගත් බව පොලීසිය පවසයි.

මන්දුවිල් උතුර ජේ. 346 ග්‍රාමයේ පිහිටි  ඉඩමක හිමිකරුවකු එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව දැන ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට සහ 52 සේනාංකයේ යුදහමුදා කඳවුරට දැනුම්දීමට ඉඩම් හිමියා පියවර ගෙන ඇත.

අනතුරුව අදාල ස්ථානයට යුදහමුදාව සහ පොලීසිය පැමිණ  ආයුධ සහිත බැරලය ගොඩට ගැනීමට පියවර ගත් අතර එහි තිබී ආයුධ රැසක් සොයාගෙන ඇත.  යුද සමයේදී කොටි සංවිධානය මතු ප්‍රයෝජන සඳහා වළදමා ඇති බවටත් දිගුකලක් වලදමා තිබීම හේතුවෙන් ආයුධ බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බවටද පොලීසිය පැවසීය.

මරාගෙන මැරෙන බෝම්බ 07 ක්, කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘතිම බෝම්බ කෑන් 2 ක්, අධි බලැති ක්ලෝමෝ බෝම්බ 03ක්, යුදටැංකි නාශක අධිබලැති පීඩන බෝම්බ 03 ක්, පුපුරණද්‍රව්‍ය කිලෝ 08 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක්, ෆියුස් 23ක්, ආර්.පී.ජී. බෝම්බයක් සහ චාර්ජර් බෑග් එකක්, මිලිමීටර් 81 මෝටර් උණ්ඩයක්, ටී.56 මැගසින් 03 ක්, ටී.56 පතුරම් 517 ක්, බාර් ඇන්ටිටෑන්ක් එකක්, වයිර් මීටර් 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක්, හෝල්ඩර් 2ක්, පී.07 මාර්ක් 01 බ්‍රවුන්ඩින් 04 ක් මේ අතර තිබෙන බව ආරක්ෂක අංශ කියයි.

සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයක් ගෙන පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

යාපනයේ වත්තක වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයගනී

Bunny Preena Wednesday, 24 November 2021 08:58 AM

අපේ රණවිරුවන්ගෙන් හොඳට වදිනකොට ම්ලේච්ච එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෝ මෙලෝ සිහියක් නැතුව අහුවෙන අහුවෙන තැන්වල වලලපු එව්වා තමයි ඔය හම්බ වෙන්නේ.ඉදිරියේදීත් එවැනි පුපුරන ද්‍රව්‍ය සහ ආයුධ හම්බ වෙන්න පුළුවන් .ඉඩ කඩම් සුද්ද පවිත්‍ර කරන වෙලාවල් වලදී

:       2       3

ලමය Wednesday, 24 November 2021 09:36 AM

එල්.ටී.ටී.ඊ එකට පන දෙන්න වගේ අපේ බෝයිස්ලා හදන්නෙ, අර පාස්කු සෙල්ලම වගේ.

:       2       8

සොමිනාත් Wednesday, 24 November 2021 11:36 AM

වැඩේ කරගෙන යන්ඩ බැරි වෙද්දි කොටි අවතාරයක් ගෙන්නන්ඩ නේ යන්නේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 18 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 969 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2142 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 293 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 158 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 865 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26656 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site