ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි රජයේ ආරංචි කියයි.
පසුගිය අප්‍රේල් මාසයේදී යුරෝපා සංගමය මෙම තහනම ඉවත් කරන බව දැනුම් දී තිබූ අතර ඒ අනුව යුරෝපා රටවලට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත අපනයනය කිරීමේ හැකියාව යළිත් හිමිවී ඇත.
මත්ස්‍ය තහනමට පෙර යුරෝපා රටවල් සඳහා ටූනා මසුන් අලෙවි කළ ප්‍රමුඛතම රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ ධීවරයන් ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරන බව කියමින් 2014 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව මෙම මත්ස්‍ය තහනම පැනවිණි.
එම තහනම ඉවත් කර ගැනීම සඳහා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය පසුගිය කාලයේදී යුරෝපා සංගමය සමග සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් මෙච්චරකල් කෑවේ මාළු පිටරට යවලද? (නි)
රටට හොඳයි. නමුත් මාළු මාෆියා එකෙන් තමයි හැම හොඳක්ම අතුගෑවිලා යන්නේ. (නි)
ඒ පැත්තේ අයට සුවච කීකරු වෙලා ඉන්නවා නම්, අපිට ඕනෑ එකක් දෙයි. දැන් ඉතින් ඔක්කොම හරිනේ. රට ස්වර්ගයක් වාගේ. (නි)
මාළු නොවෙයි අපි දියමන්ති පිටරටට විකුණුවත් ආදායම යන්නේ මකර කටට. (නි)
කිසිදු වැදගත්කමක් නැති දේවල් ජයග්‍රහණ ලෙස දකින අයට රටේ යුද්ධය අවසාන කළ එක අපරාධයක් හැටියට පෙනෙන්නේ ඇයි? (නි)
අනේ වාසනාවන් යහපාලන ආණ්ඩුව නිසා! අපේ මාළු කන්න යුරෝපියන්ට හැකිවීම සතුටක්. ඇති හැකි අය, නිකම් මුහුදට පන්නිනේ නැතුව, ට්‍රෝලර් බෝට්ටු නැතත් ඔරු පාරු තියා පහුරක්වත් හදාගෙන මුහුදට පනින්න සුදානම් වෙන්න. (නි)
සමීර, එකක් වැදගත් ලෙසත් එකක් කිසිම වැදගත්කමක් නැති විදිහටත් පෙනෙන්නේ දාගෙන ඉන්න කණ්ණාඩියේ වරදින්. යුද්ධය ඉවරවෙලා රටේ අපනයන තහනම් වුණාම හරිද? ජී එස් පී ප්ලස් සහනය නැතිවෙලා රටේ කාන්තාවෝ කී දාහක් රස්සා නැතුව තැවෙනවද කියලා දන්නවද? (නි)
රටේ ජනතාවට කන්න මාළු කෑල්ලක් නැතිකොට යුරෝපයට අපේ හොඳම මාළු යවලා අපිට කන්න කියන්නේ මාළු වරල් ටිකද? සුද්දන්ට කිරි අපිට කැකිරි! (නි)
මත්ස්‍ය සම්පත් ක්ෂේත්‍රයේ දිගු පළපුරුද්දක් තිබෙන අයෙක් හැටියට හොඳම ටූනා පරව් සුද්දන්ට විකුණා අපේ හැටියට මාළු බඩවැල් , වරල් කන ලෙස යෝජනා කරනවා (නි)
මෙයාල යුරෝපයට මාළු අරින්න හදනවා. මෙහෙ දකුණේ අයට උතුරේ මාළු ඇල්ලීම තහනම් කරලා. මෙහෙමත් රටක්! (නි)
මාළු යුරෝපයට යැවෙන්න කලින් අපි මාළු කාල ඉන්න ඕනෑ. මේකෙන් මාළු මිල ඉහළ යනවා තේරෙන්නේ නැති අය ලංකාවේ ඉන්නේ (නි)
මානව හිමිකම් මාළුවාට අදාළ නැද්ද? උන්ගේ අඹු දරුවන් මරාගෙන කනවා ඉපදෙන්න ඉන්න දරුවන් සමඟම. මිනිසුනේ, නුඹලා සතර අපාගත වෙනවා (නි)
වැට් පැටෙව්වේ ඔය යුරෝපයෙන්ද දන්නෙ නැහැ (නි)
තව ඉස්සරහට තව හොඳට සළකයි (නි)
මෙච්චරයි අපිට අඩුවකට තිබුනේ (නි)
වැට් ගැන ජනතාවට අමතක කරවන්න මෙවැනි දේවල් හොඳයි (නි)
යුරෝපයේ මත්ස්‍ය තහනම ඉවතට වුණත් දකුණට උතුරේ මසුන් ඇල්ලීමට තහනම්.මෙවන් ශ්‍රී ලංකාවක යළි ඉපදීමට හේතු වාසනා වේවා! (නි)
නිසි ක්‍රියාමාර්ග මගින් මෙම අපනයන රටට අදායමක් සහ වටිනාකමක් එන ලෙස පවත්වාගෙන යන්න රජය මැදිහත් වෙන්න ඕන. (ර)
දැන් හෙට අනිද්දා ඉදන් පිටරටවල මාළු ගණන් වලට මෙහෙ අපිට මාළු කන්න වේවිද දන්නේ නැහැ. (ර)
පිටබැද්දර ජයා, කාලෙකට පස්සේ! කොහොමද බදු එහෙම? (නි)
සුබ ආරංචියක්! (නි)
මේ විදිහටම සියල්ල වෙනවා නම් මොනතරම් හොඳද? (නි)
රජයට ඇමරිකාව හා යුරෝපය උදව් කරන්නේ ඇයි කියලා අපි දන්නවා. බලන්න අන්තිමට වෙන දේ (නි)
කොන්දේසි මොනවද කියලා මුළු රටම දන්නවා (නි)
මාළු යුරෝපයට යවන්නේ නැති කාලේ මාළු පන්සීයක මිල අපි දරා ගත්තේ බොහොම අමාරුවෙන්. දැන් රට යවන්න ගත්තාම අපිට මාළු කන්න වෙන්නේ නැහැ. (බ)
මේවා විදේශ කුමන්ත්‍රණ හරිද ! (බ)
තහනම ඉවත්වීම ගොඩක් හොදයි ඒත් ලංකාවේ අපට නම් මාළු පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ මාළු ගොඩාක් මිල වැඩියි මාළු මිල අඩුකරන්න හැකියාවක් නැද්ද? (ර)
රටක් විදියට මේක ලොකු ජයග්‍රහණයක්. (ර)
මත්ස්‍ය සම්පත් ක්ෂේත්‍රයේ දිගු පළපුරුද්දක් තියෙන අයෙක් හැටියට මට කියන්නට පුළුවන්, අප ගත කළේ බොහොම අපහසු කාලයක් පැවති තහනම නිසා. දැන් ඒකෙ අනිත් පැත්ත ඉදිරියට. රටේත් මිනිස් වැසියන්ගේත් යහපතට හේතුවක් (මාළුන්ට කෙසේ වෙතත්) (බ)
ශ්‍රී ලංකාව ලැබූ අති විශාල ජයක්. ශ්‍රී ලංකාවේ ධීවරයන් ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීම යලිත් වරක් පටන් ගත්තොත් යුරෝපා සංගමය සදහටම ඔවුන්ගේ "කළු ලැයිස්තුවට" ශ්‍රී ලංකාව ඇතුලත් කරනවා නොඅනුමානයි. රජය මේ ගැන ඉතාමත් විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. (ර)
ජනපතිට සහ අගමැති තුමන්ලාට ජය වේවා ! (ර)
අපේ ධිවරයන් දැනුම්වත් කලා නම් හොදයි. ආයෙමත් අපේ සීමාවෙන් පිටට යන්න එපා කියලා.(හේ)
එයාලගේ තැනම කාලේ අපේ මාළු අතිරික්තයක් තිබුනාද?(හේ)