IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති

බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා පවසා ඇත

නේටෝ සංවිධානය රුසියාවට බියවී කියෙව් තනි කර ඇති මේ මොහොතේ යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක් බව සෙලෙන්ස්කි ද ඔහු පවසා ඇත.

රුසියන් ආක‍්‍රමණය නතර කර  ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රුසියාව සමග සාකච්ඡා කිරීමට තමන් බය නැති බවත් නමුත් එසේ සාකච්චා කිරීමට රුසියාවෙන් තමන්ට යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධව සහතිකයක් අවශ්‍ය බවත් අද දින ප‍්‍රකාශකයක් නිකුත් කරමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.

මම නේටෝ සංවිධානයේ රටවල්වලින්  කෙලින්ම ඇහුවා ඔයගොල්ලො අපිත් එක්කද කියලා, එතොකොට  කිව්වා. ඔව් අපිත් එක්කයි කියලා. නමුත් නේටෝ සංවිධානය අපිට සාමාජිකත්වය දෙන්න කැමති නෑ. අපිට නේටෝහි සාමාජිකත්වය දෙනවද කියල මම අහපු ප‍්‍රශ්නෙට රටවල් 27 උත්තර දෙන්නෙ නැතිව බයේ නිශ්ශබ්දව සිටියා.

කව්ද අපිත් එක්ක යුද්දෙට යන්න කැමති කවුරුත් නෑ අපිට අපි විතරයි” ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය.

(034)



අදහස් (35)

යුරෝපය මා තනි කළා - යුක්රේන් ජනපති

Prabha Friday, 25 February 2022 12:51 PM

අනුන්ගේ හයිය අරන් කෝල් කළානම් දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ... මේ වගේ උද්දච්ච නායකයෝ නිසා තැලෙන්නේ අහිංසක ජනතාවයි...

:       5       235

C.K.Lankaputhra Friday, 25 February 2022 12:58 PM

යුරෝපය විසින් තමන් තනිකළ නිසා හමුදාවක් රැගෙන යුක්රේනය බලා වහාම පිටත්ව එන ලෙස හදිසි පණිවිඩයක් ලංකාවේ පදිංචි යුක්රේන හිත මිත්‍ර මැදමූලන වීරතුංග මහතා වෙත එවා ඇතැයි අපට ආරංචි වී ඇත. එය හැබෑද?

:       121       22

යෝගා Friday, 25 February 2022 12:58 PM

බටහිර සුද්දෝ ඔහොම තමයි අයියා. හැමදේම උන්ගේ වාසියට විතරයි.

:       5       152

BamunuarachchiSunday, 27 February 2022 05:46 PM

අයියා අපිට පොඩි කාලේම ඉගැන්නුවා... අයියා තමන් හිසට තම අතමය සෙවනැල්ල... අනුන් බලා සිටියොත් වෙයි වැනසිල්ල කියලා අයියා... අයියා ගිය ඉස්කෝලේ අයියාට එහෙම ඉගැන්නුවේ නැද්ද අයියා...? අපරාදේ අයියා...!

:       2       6

Rasika Friday, 25 February 2022 01:08 PM

යුරෝපිය රටවල් නිතරම ඔහොම තමයි. අපේ රටෙත් කට්ටියක් හිටියා අපි යුරෝපය කියන දේ අහන නිසා අපට බලය ලැබුණාම යුරෝපය උදව් කරයි කියලා. අන්තිමට මොනවද ලැබුනේ?

:       8       167

ranjith Friday, 25 February 2022 01:18 PM

බලවතුන්ගේ හයියෙන් කයිවාරු ගැහුවට අන්තිමේ කෙළ වුණාම කවුරුවත් නෑ. අන්තිමට ජනතාව කරදරේට පත්වෙන්නේ...

:       2       129

ravin Friday, 25 February 2022 02:44 PM

ඕකට අපේ රටේ කියන්නේ දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කියලා... ඉරාකය, ඇෆ්ගනිස්ථානය වගේ සිද්ද වෙච්චි දේ ගැනවත් හිතලා කවුරු කවුරුත් පස්සෙන් ගියොත් තමයි හොඳ...!

:       2       105

චන්දන Friday, 25 February 2022 02:50 PM

ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල කූඨ වැඩ තේරුම් ගනිපු එක ලොකු දෙයක්...! ලංකාවේ සියලු දෙනාම මේවා හොඳින් අවබෝධ කරගත යුතුයි...

:       6       114

RaveendraFriday, 25 February 2022 08:18 PM

සහතික ඇත්ත. ඇමෙරිකානුවන් යනු කිනම් රටකට වුවත් ඩොලර් භාගයක් හෝ වියදම් කරන්නේ ආලෝක වර්ෂවලින් ඒ රටේ අනාගතය ගැන හිතලා...

:       4       106

අප්පුහාමි Friday, 25 February 2022 02:55 PM

අත්තාහි අත්තනෝ නාථෝ...! කොහි නාථෝ පරෝසියා...! කියලා බුදු හිමියන්ගේ දේශනා අහන්න මොවුන්ට වාසනාව උදාවේවා...!

:       4       138

කිරි පුතා Friday, 25 February 2022 02:59 PM

බටහිරට ගැතිකම් කරලා තම රටම අනතුරක දා ගැනීමකුයි පෙනෙන්නට තියෙන්නේ.

:       10       102

Kule Friday, 25 February 2022 03:31 PM

තම හිසට තම අතමය සෙවනැල්ල... අපේ මුතුන් මිත්තෝ කිව්වේ නිකන් නොවේ ගොයියෝ...!

:       1       70

naleen Friday, 25 February 2022 03:42 PM

ඕක තමයි බන් ලෝක ස්වභාවේ... පණ දෙන්න වගේ එන අය ගුටි කනකොට නෑ... දැන්වත් කතාකරලා ඕක විසඳාගනින් මල්ලියේ...!

:       2       166

සෙනෙවිරත්න Friday, 25 February 2022 03:59 PM

පුටින් මේක දන්නවා.. බටහිරයින් දන්නේ දුප්පත් රටවලට සම්බාධක දාන්න විතරයි. මේ දෙගොල්ලන්ම වැරදියි.

:       3       109

sampath Friday, 25 February 2022 04:13 PM

ජනාධිපතිතුමනි, කොහොමත් අපට ඇප පමණයි.

:       27       18

duplicate ralahami Friday, 25 February 2022 04:26 PM

ඉතාම දුකයි ලෝකයේ බලවත් රටක් හැසිරෙන විදිහ...! රුසියානුවනි, හදවතට අතතියා බලන්න ඔබ විනාශ කරන්නේ ඔබගේ දේවල් නොවෙයි... ඔබට එය කිරීමට අයිතියක් නැත...! ඔබ කරන ප්‍රතිඵල කෙදිනක හෝ ඔබට වුණොත් ඔබ අසරණ වෙනවා නේද? ඔබ කෙසේද තව තාම අණසකට යටත් කරන්නේ...

:       92       20

sujeewaSaturday, 26 February 2022 04:36 PM

කාලයක සිට සිදුවූ දේවල් මත පුටින් එසේ කළද, යම් විදිහකින් පුටින් තවත් ප්‍රමාද වූවා නම් ඔබගේ ප්‍රකාශය ඒ ලෙසින්ම වෙනත් රටක් වෙනුවෙන් කියා රුසියානුවන් පව් කියාද කියන්නට සිදු වේවි. එසේ වූයේ නම් උඩින් හොඳ මූණ පෙන්නා ලෝකෙටම චණ්ඩි පාට් දාන කණ්ඩායම් පාලු ගෙයි වලං බිඳිනවා වගේ මේ ලෝකෙ තම අණසකට ගන්නවා. පුටින්ගේ චණ්ඩිකම ලෝක බල තුලනයට අවශ්‍යමයි...

:       2       52

ලුම්බිණි Friday, 25 February 2022 04:31 PM

බලපුළුවන්කාරයා නිදහසේ කෙනෙකුට ඉන්න දෙන්නේ නැහැ...

:       75       18

Ranga Friday, 25 February 2022 04:39 PM

මේ ප්‍රකාශයෙන්, පුටින් ජනපතිවරයාගේ සටන් කිරීමට තිබූ අරමුණ සාධාරණීකරණය වුණා සේම, නේටෝ හා යුක්‍රේනය අතර, පුටින් ජනපතිවරයා දක්වා සිටියි. යටිකූට්ටු ක්‍රියා මාර්ගය එළි දක්වා තිබෙනවා..

:       2       115

Prabha Friday, 25 February 2022 05:01 PM

ජේ.ආර්. උන්නැහේත් ඇමෙරිකාවේ හයිය අරන් ඉන්දියාවට කොකා පෙන්නුවා... අපේ හමුදාව වඩමාරච්චි මෙහෙයුම කරනකොට ඉන්දියාව අපේ ගුවන ආක්‍රමණය කරලා පරිප්පු දැම්මා. කෝ ඇමෙරිකාව ආවද උදව්වට...? මේ සිද්ද වෙන්නෙත් අනුන්ගේ බහට රැවටිලා අසල්වැසියත් එක්ක ගේම ඉල්ලීමේ ප්‍රතිඵල තමයි.

:       4       154

RaveendraFriday, 25 February 2022 08:24 PM

ඔබගේ අදහස් 100% නිවැරදියි. ජේ.ආර්.. නමැති කපටියාගේ බෝල කාරයින්, පක්කලින් නම් එම වකවානුවේ කිව්වේ උන්දැගේ ගැටේට අල්ලපු රට අහුවුණා කියලා. නමුත් වුනේ ජේ.ආර් ගේ "අත අඹරලා" තමයි රජිව් බලෙන් අත්සන ගත්තේ සාම හමුදාවක් එවන්න.

:       7       90

indika Friday, 25 February 2022 07:12 PM

අනුන්ගේ රටවල් අවුලුවලා ඒවාගෙන් වාසි ප්‍රයෝජන ගන්න ඇමරිකන් කාරයා ආක්‍රමණය කරන්න කවුරුත් නෑ නේ... ඔක්කොම එකතුවෙලා ගහන්න ඕනෑ ඇමරිකාවට.. ලෝකේ ත්‍රස්තවාදය ඇතිකරන්නෙත් ඇමරිකාව, නැති කරනවා කියලා හොඳට තියන රටවල් ආක්‍රමණය කරන්නෙත් මෙයාලා බොරු ප්‍රජාතන්ත්‍රවාදේ දාලා. සිරියාව, ලිබියාව, ඉරාකේ, ඇෆ්ඝනිස්තානේ විනාශ කරලා ඒවා හූරන් කාලා දැන් සැපට ඉන්නවා. දැන් වෙන රටවල් දෙකක් මැද්දට පැනලා සම්බාධක දානවා... ඔවුන්ට කරන්න පුළුවන් එච්චරයි..

:       3       53

Darma Friday, 25 February 2022 07:19 PM

ඉස්සර අපේ රටෙත් හිටියා. ඔහොම ඇමරිකාව විශ්වාස කරලා ඉන්දියාවට කටින් ගහපු අය.. පොර හිතුවේ ඇමරිකාව ඇවිත් බේරගනී කියලා. අන්තිමට ඔපරේෂන් පරිප්පු එද්දි වචනෙන්වත් හෙල්ප් කළේ චීන්නුයි, පාකිස්තානෙනුයි විතරයි.

:       3       94

sujeewaSaturday, 26 February 2022 04:30 PM

සම්පූර්ණ ඇත්ත. අපේ රටට කවදාවත් හරි යන්නේ නැත්තෙත් කළගුණ නොදන්නාකම, නැතිනම් කලගුණ අමතක කිරීමේ කැතගතිය නිසයි...!

:       2       2

බද්රානි Friday, 25 February 2022 07:58 PM

ග්‍රාමීය ආකල්ප වලින් හෙබි, ගණන් කාරයින් ඉදිරියේ නැට්ට බඩයට ගහගෙන ඒකාධිපති වියරුවෙන් දඟලන අයට ආවඩන ඔලමොට්ටලයින්ගේ සිතුම් පැතුම් හරිම වෙනස්. ඔයිට වඩා දඟලපු හිට්ලර්ලාගේ, සදාම් හුසේන්ලාගේ හා ගඩාපි මෙන්ම හොස්නි මුබාරකටත් අවසානයේ අත්වූ ඉරණම ගැන මතක් කරගෙන දැනට සතුටු වෙයල්ලා. නේටෝ සංවිධානයට අයත් නොවන රටක් ලෙස මේ ආරවුලට මැදිහත් වී ලෝක විනාශයක් කරන්න තරම් ඇමරිකාව හෝ බටහිර රටවල්වල පාලකයින් අඥාන නැහැ. පුටින්ට තිබෙන ගැටලුවත් යුක්රේනය නෙටෝවට සම්බන්ධ වෙයි පවතින බියයි. ජපානයත් ඇතුළුව ඔවුන් දැනටමත් රුසියාවට එරෙහිව ආර්ථික සම්බාධක දමා අවසන්. ලංකාවේ ඉඳගෙන යුද්ධයට ආවඩන අමනයින් සාමයට ලැදි යුද්ධයට එරෙහිව උද්ඝෝෂණය කරන රුසියන් ජාතිකයින්ව ආදර්ශනය ගත යුතුයි. එත්, ඒ ඒකාධිපතියා සාමකාමී දහස් ගණන් රුසියන් ජනතාව පවා අත්අඩංගුවට ගෙන අවසන්... කොහොමත් අවසානය ලං වෙද්දී හොඳටම කරලා පෙන්වන එක එකාධිපතියන්ගේ සාමාන්‍ය ස්වභාවයක්...!

:       159       11

FedricSaturday, 26 February 2022 07:22 AM

ඔයාගෙ නෑයෙක්ද යුක්‍රේන ජනාධිපති? ඔයාගේ චින්තන රටාවමයි තියෙන්නේ. උන්දැ ගොනෙක් නෙමේ ගොන් බඳින කණුවක්... ඒකයි.

:       2       32

sujeewaSaturday, 26 February 2022 04:22 PM

ඕනෑම රටක සමස්ථ මහජන මතය නියෝජනය නොකරන ඉතාම සුළුතර අමුතු කණ්ඩායම් ඉන්නවා. අන්තිමට බැලුවාම ඒක තමයි ඔවුන්ගේ පැවැත්ම. ගඩාෆිලා, සදාම් හුසේන්ලා කුමන ක්‍රමයකින් හෝ දියුණු කරපු රටවල් අද හිඟන තත්වයට වැටිලා තියෙන්නේ. අනික මතුපිටින් ප්‍රසිද්ධියේ සාමයට අතවනන බොහෝ රටවල්වල ප්‍රධාන ආදායම් මාර්ගය අවි ආයුධ වෙළඳාම. ඒ ඒ රටවල ඉතිහාසය හෝ වර්තමාන ප්‍රවණතාවයන් නොදැන වචන හරඹ වලින් සාමය ගේන්නත් බැහැ. යුද්ධය නවත්වන්නත් බැහැ. ඔබ දන්නා ප්‍රමාණය එපමණක් වුවත් පුටින් මේ තත්වයට ඇදදමා ඇත්තේ වරෙක වහසි බස් දොඩමින්ද, තවත් වරෙක කඳුළු සලමින්ද එකිනෙක පටහැනි අදහස් පලකරන යුක්රේන ජනාධිපති මිස පුටින් නොවේ. පුටින් රටරටවල් සොයසොයා යමින් තම අදහස් බලෙන් අන් රටවලට පටවමින් අන් රටවලට ගොස් යුද වදින්නකු නොවේ. ඔහු ඔහුගේම මායිමෙන් තම රටට පැමිණෙන තර්ජන මැනවින් හඳුනාගෙන කටයුතු කර ඇතිබව මැනවින් ඔප්පු වන්නේ යුක්රේන ජනාධිපතිම ප්‍රකාශ කළ පරිදි බටහිර රටවල් තමාව තනිකළ බවට වූ ප්‍රකාශයෙනි. මේ රටේ ඉන්නවත් අකැමැති මෙරටට ගරහන කාලකන්නි මිනිසෙකුට මේ රටේ ජනතාවට වැරදි අදහස් පැතිරීමට උත්සාහ කිරීම දීන ක්‍රියාවකි...!

:       2       36

බද්රානිSaturday, 26 February 2022 07:21 PM

යුක්රේනය කොහොමද පුටින්ගේ රටක් වෙන්නේ හලෝ? කොහෙද ඉතින් නිවටකමට රජවරු ඉදිරියේ හතරගාතින් වැඳ වැටෙන ඔබලාට කොහොමද ප්‍රජාතන්ත්‍ර වාදය ගැන වැටහෙන්නේ? නගරාන් කාරයින්ට මුට්ටි අල්ලන ටිකිරි මොළකාරයින් සමග මොන දේශපාලන කතාද? "අන්න අපේ පුටින් රජතුමා යුක්රේනයට හගනවා, හුරේ" මේක බලලා සතුටු වෙලා මුත්‍රාකරලා ගොහින් නිදාගන්න ගොන් පැටියෝ..

:       28       2

chandima Friday, 25 February 2022 09:01 PM

ඔවුන් මරාගත්තට අපට මොකද? අපි පුළුපුළුවන් විදිහට අපේ රට ගොඩනගන්න බලමු. අර එක කාලයක් වගේ පුළුවන් නම් දෙපැත්තටම වෙඩි නොවදින ඇඳුම් විකුණලා ඩොලර් ටිකක් හොයාගන්න බැරිවෙයිද? යුක්‍රේනයේ හැමෝටම මේ ඇඳුම් දැන් අවශ්‍යයි. බේබි සයිස් එකේ ඉඳන්ම විකුණන්න පුළුවනි...

:       54       8

Bamunuarachchi Friday, 25 February 2022 09:04 PM

රුසියාවට එකතුවෙන්න රුසියාව හොඳ මිතුරෙක්... අනුන්ගෙන් කෑලි කඩාගන්න හිතන කෙනෙක් නොවෙයි. දැන් රුසියාවේ කොමිනිස්ට් ක්‍රමය නැහැ නේද? අපේ රටේ නොමිනිස් ජෙප්පොයි කොමිනිස් වෙන්න හදන්නේ...

:       22       31

SujeewaSaturday, 26 February 2022 04:27 PM

එසේම අපේ රට අසීරු තත්වයක ඉන්නකොට, අපිව හිර කරන්න, අපිට විරුද්ධව කටයුතු කරපු රටවලට වඩා අපි වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි මිතුරා රුසියාව බව අපි සාමාන්‍ය ජනතාව ලෙස අමතක නොකළ යුතුයි...

:       2       29

Appuhami Friday, 25 February 2022 09:06 PM

අන්තිමට අල්ලපු අත්තත් නැතිවුණා... පයගහපු අත්තත් නැතිවුණා.

:       3       82

Bamunuarachchi Friday, 25 February 2022 09:21 PM

පෙරේදා කමලා හැරිස් කියනවා... අපිට ලෝක යුද්ධයක් ඇතිකරගන්න බැහැ කියලා ඒ වෙනුවට රුසියාවට සම්බාධක දානවලු... ඒ ගොල්ලෝ හිතන්නේ පුටින් ඕවා නොදැන යුද්ධය පටන් ගත්තා කියලා... අපි දැක්කනේ කියුබානු ප්‍රශ්නයේදී කයිවාරු ගහපු කෙනෙඩි අකුලා ගත්තු හැටි. පුටින් මහත්තයෝ යුරෝපයට ගෑස් දීම නැවත්තුවොත් කොහොම හිටීද? ලෝකේ පරමාණු බලය ඇති රටවල් 8යි තිබෙන්නේ ඉන් චීනය, පාකිස්තානය, ඉන්දියාව, උතුරු කොරියාව, රුසියාව සමඟයි. ලෝකේ බලවත්ම ප්‍රහාරක මිසයිල් තිබෙන අපි කාටද බය අපිට කවුද බය නේද පුටින් මහත්තයෝ...?

:       6       26

Deepal Nirosh Saturday, 26 February 2022 08:42 AM

වෙනසක් නැහැ මහත්තයෝ, ලංකාවේ හිටපු පළමු විධායක ජනාධිපතිතුමාට 1987දී වුණෙත් ඕකමයි, ලෝක යුද බලවතුන්ගේ හයිය ඇඟට අරගෙන හුරතලෙක් විදියට වැජඹෙන්න හිතලා අන්තිමට වුණේ අසල්වැසි බලවතාගෙන් පරිප්පු කන්න. අන්තිමට අපට එජාප බොරු මානව හිමිකම් චෝදනා වලට මුහුණ දීමේදී තම නිෂේධ බලය යොදවා ආරක්ෂාව සැපයුවේත් රුසියාවයි, චීනයයි. කාට කාටත් මේවා පාඩම්...

:       2       16

Bunny Preena Saturday, 26 February 2022 09:27 AM

ඔවුන් හැම දෙනාම වැඩකරන්නේ ඔවුන්ටම හදාගත්තු න්‍යාය පත්‍රයක් අනුවයි. අවංකව යුක්රේන් ජනතාව හෝ සාධාරණත්වය වෙනුවෙන් නම් නෙවෙයි. ඔය මහ ජාතීන් කියාගන්නා කවුරුවත් විශ්වාසය තැබිය හැකි පිරිසක් නෙවෙයි. අවස්ථාවාදියොයි..

:       1       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 7359 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4291 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 5604 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4084 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 976 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1745 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36380 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24174 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 523 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 226 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site