අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජනතාව මේ දිනවල සිතුල්පව්ව පුද බිම් පැත්තට පැමිණෙති.
මාස නවයක් පමණ වර්ෂාව නොලැබුණු බව සිතුල්පව්ව ආශ්‍රිත වැසියෝ කියති.
කටගමුව ,කොච්චිපතාන,වරහන,කටගමුව බොරළුවල,කොටි වැව ආශ්‍රිතව සිදී ගිය වැව් අශ්‍රිත දිය කඩිති වලට වතුර බවුසර මගින් ජලය පිරැවේ.
ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියන්ගේ ඉල්ලීම මත වන සතුන්ට අවශ්‍ය ජලය හා ආහාර සැපයීම පිළිබඳ ඉකුත් දිනවල ලංකාදීපයේ පළ වු පුවත් වලින් පසු විවිධ සංවිධාන හා විවිධ ප්‍රදේශයන්හි ජනතාව සතුන්ට ආහාර පාන ලබා දීම සඳහා ඉදිරිපත් වී සිටි සිටිති.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)
ඇත්තටම ගොඩක් පින්. වන සංරක්ෂණ, වන ජීවී දෙපාර්තමේන්තුව මේ වනාන්තර විනාශයට වහාම ක්‍රියාත්මක වියයුතුයි. ඒ වගේම මේ වන සතුන් වෙනුවෙන් හොද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
වටිනා වැඩක්. උදව් කළ සැමට සසර පුරා ආහාරපාන ආදියෙන් අඩුවක් නොවී යහපතක්ම වේවා. (නි)
මේවා දිව්‍යය ලෝකයේ දෙවියොත් වඳින පින්කම්. ඔබ වහන්සේගේ මේ සත් ක්‍රියාවට අපි ඔබට හිසනමා දහස්වරක් වඳිනවා හාමුදුරුවනේ. ඔබ වැනි බුද්ධ පුත්‍රයන් සසුනට ආඩම්බරයක් (නි)
මේ දවස්වල වැව්වල වතුර අඩු නිසා ඉබ්බන් හැමතැනම දැකගන්න පුලුවන් (නි)
අනේ අපිටත් මෙවන් සද්කාර්යයකට සහභාගි වෙන්න ඇත්නම්... සංසාරය පුරා විපාක දෙන පිනක්. ඔබට නිරෝගී සුව ලැබේවා! (නි)
අපේ නායක හාමුදුරුවන් කරන සද්ක්‍රියාවට සහය දක්වන සැමටද නිරෝගි සැප ලැබේවා! (නි)
හොඳ වැඩක්. ඔබ සැමට බුදු සරණයි! (නි)
ජලය යනු ජීවයයි. ලොක්කන් අලි මරන රටේ අලි ජීවත්කරවන්න උත්සාහ කරන මේ පොඩ්ඩන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)
විෂ්ණු, කතරගම, කඩවර, ගම්භාර, අස්න උණුවෙලා බල සක් ඇස් ඇහැර, ගස්ම කප කපා ඉන්නා උන් නොහැර, වස්ම වදින්නට කවි කියපන් මිතුර. (නි)
මේ වනය අයිති සතා සිවුපාවන්ට සහ පරිසරයට ආදරය කරන මිනිසුන්ට.එම නිසා තමයි මිනිසුන් තමන්ගේ යුතුකම ඉටු කරන්නේ. සුළුතරයකට නැතත් වන සිවුපාවුන්ගේ පවා දුක හඳුනන මිනිසුන් සිටින රටක තමයි අපි සිටින්නේ (නි)
සතුන් සාපිපාසාවෙන් දිය බිඳක් සොයා යන අතරතුර උන්ට ගිනි බිඳ මස් ටිකකට කෙළ හලන, දල දෙකට මිලක් ගහන , හම් කැබැල්ලට රුපියල් සත බලාපොරොත්තු වෙන සමාජයක මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ඇතුළු මේ සද්කාර්යට අත හිත දුන් සැම ලෙඩදුක් වලින් අත්මිදේවා! සියලු සැප සම්පත් ළඟා වේවා! (නි)
මේක ඉතාම කාලෝචිත පින්බර වැඩක්. හැබැයි කැලේ තියෙන වලකට වතුර පුරවනවා වගේ නෙමෙයි සත්තුන්ට කෑම ගිහින් දෙන එක. සතුන් මෙහෙම ලැබෙන කෑම වලට පුරුදු වුණොත් අර උඩ වලවේ පාරේ අලින්ට වෙච්ච දේ මේ සතුන්ටත් වෙයි. එහෙම වුණොත් අද කෑම දීලා රැකගත් සතා හෙට පවුකාරයෙක්ගේ උණ්ඩයකට බිලිවෙන්න පුළුවන්. ඒ ගැනත් සැළකිලිමත් වුණා නම් තමයි හොඳ. (නි)
දන් පිළිගන්න වැඩි යුතු හාමුදුරුවනේ... දන් පිළිදෙන්න වඩිතියි සත්තුන්ට වනේ.... පින් ලැබගන්න එන අය හට කියනු මැනේ... සම්පත අපේ ගහකොළ ටික රකිනු මැනේ.... (නි)
මොළේ නැති ටික, කැලේ ගස් ටික, කපා ටික ටික, සිඳියි විල් ටික.... සතුන් අසරණ, වෙලා ඇවිදින, මරා මස්කන, උන්ට වෙයි හෙණ. (නි)
ඉතාම යහපත් ක්‍රියාවක්! බන්දුල පෙරේරා, තමන්ගේ ඔලුව පරීක්ෂා කරගත්තොත් හොඳයි (නි)
සතුන්ට අවශ්‍ය ජලය , ආහාර සැපයීම මිනිසාගේ වගකීමක්. මොකද මිනිසා ඇතුළු සියලු සතුන්ට අයිති මේ මහ පොළොව මිනිසා විසින් තනි අයිතියට භුක්ති විඳිනවා. එසේනම් සතුන්ට අවශ්‍ය එම දේවල් ලබාදීම මිනිසුන් වන අපගේ යුතුකමක් නොව වගකීමක්. අප කාටවත් කැලෑවේ සතුන් අපේ නෙමෙයි කියා එම වගකීම පැහැරහරින්න බැහැ. (නි)
බන්දුල පෙරේරා නම් ඉබ්බෙක්ම තමයි. (නි)
සෑම් මේක රජයෙන් කරන දෙයක් නොවෙයි. හිමි නමගේ ඉල්ලීම පිට ලංකාදීපයෙන් පලවුන පුවතට ලැබෙන ප්‍රතිචාර (නදී)
මහඟු පින්කමකි. අපේ මැති ඇමති ගොල්ලෝ ලක්ෂ ගණන් හම්බ කරනවා. බැරිද කීයකින් හරි ආධාරයක් කරන්න? එහෙම කළොත් ලබන ආත්මෙදිත් ඇමති කෙනෙක් වෙන්න පුළුවන් (නි)
සමාජ ශාලා වල රුපියල් ලක්ෂ ගණනින් සුදු කෙළින අපේ රටේ දේශපාලකයින් මේවා දකීද? ඇතැම් අය මස් වැද්දන් වගෙයි සතුන් මරාගෙන කන්නේ. එහෙම අයට මේවා පෙනෙයිද?මේ පින්කමට සම්බන්ධ වූ අයට ගොඩක් පින්..... (නි)
මේ නම් මහඟු පිනක්! (නි)
සත්තු මරණ නොමිනිසුන් ඉන්න රටක දෙවියන් වගේ මිනිස්සුත් ඉන්නවා (නි)
විශාල පිනක්, අපිත් පුළුවන් හැටියට උදවු කරනවා (නි)
තව තවත් වනාන්තර වල තිබෙන ගස් කැපුවොත් ලබන අවුරුද්දේ වෙන්නේ මේ වතුර ටිකත් නැතිවෙන එකයි. ගස් කපන අයට විරුද්ධව ආයුධ සාමාන්‍ය ජනතාවගේ අතට ගන්න කාලය ඇවිල්ලා. (නි)
උන්ගෙන් සමහර වෙලාවට අපට කරදර ඇති වුණත්, වතුර සහ කෑම හොයාගන්න අමාරුයි මේ වගේ නියඟයක් තියෙන වෙලාවක. වන සතුන්ට මිනිසාගේ පිහිට නැතුව වෙන කාගේ පිහිටක්ද? බොහොම පින් අතේ වැඩක්. (නි)
ඔබ වහන්සේ ඇතුළු මෙම සද්කාර්යයට දායකවන සෑම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත පතමි (නි)
මේ දසුන දකිනකොට තවමත් අපේ රටේ මනුස්සකම තිබෙනවා කියලා හිතෙනවා.අතිගරු ජනාධිපතිතුමාත් මේ ගැන අවධානය යොමු කරලා තිබෙනවා.මේ වගේ වැඩක් කරන්නේ ලංකාවේ මිනිස්සු විතරයි කියලා හිතෙනවා. සුනාමිය වෙලාවේ උතුරටත් දකුණෙන් සහනාධාර යැව්වනේ.මොනතරම් වාසනාවන්ත රටකද අපි ඉපදුනේ කියලා හිතෙනවා .හැකි ඉක්මනින්ම වර්ෂාව ලැබේවා කියලා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ප්‍රාර්ථනා කරනවා.ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)
යාන්තම් ඇති. සතුන්ට ජලය ටිකක් ලැබෙනවා (නි)
පින් සිදුවෙනවා මහත්වරුනේ... (නි)
හාමුදුරුවෝ වගේම මිනිස්සුත් කරන්නේ හිතට හරිම සතුටක් ගෙනෙන දෙයක්. හැමෝම මෙහෙම දුප්පත් අයටයි අසරණ සතුන්ටයි උදවු කළොත් කොච්චර ප්‍රශ්න විසඳේවිද? (නි)
මේ වනෝද්‍යානය අයිති වන ජීවී දෙපාර්තමේන්තුවටද? දන්නා කෙනෙක් මට උත්තරයක් දෙන්න (නි)
මහානුභාවසම්පන්න කුසල කර්මයක්.!මෙවන් සිත් පහළවූ සැමටත් ඒවා ක්‍රියාත්මක කළ සැමටත් පිං සිද්ධ වේවා...!!!(දිල්)
හැමෝටම ගොඩක් පින්. (නි)
මිනිසුන්ට විතරක් නොව සතුන්ටද කරුණාව පතුරවන හේමරතන නාහිමියන් සියලුම දෙනාට ආදර්ශයක් (නි)
පින් සිදුවේවා! (නි)
බොහොම හොඳ වැඩක් (නි)
බොහොම පින් අයිතිවෙන වැඩක් අපේ හාමුදුරුවනේ. සහයෝගය ලබා දෙන සියලුම දෙනාටත් ගොඩක් පින්.....! (නි)
ඉතාමත් වටිනා සහ යහපත් ක්‍රියාවක්. ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
හොඳ වැඩක්. මේ වැඩේට දායකවුණ ඔබ සැමටත් ලංකාදීප පුවත්පතටත් පින් ලැබේවා! (නි)
ඉතා කාලෝචිත වැඩක් (නි)
ඇස් දෙක පින් කරලා තියෙනවා දැන් කාලේ ලංකාවේ මේවා දකින්න. හැමෝටම ගොඩක් පින්.. (නි)