ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ සමස්ත ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් ලක්ෂ්මන් විජේරත්න ක‍්‍රීඩකයා පෙරේදා (10) සමත් විය. ඒ සඳහා ඔහු වැය කළ කාලය පැය අටයි විනාඩි 24යි. තත්පර 32කි.
ඒ අනුව ශ්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට වැඩිම ත්‍යාග මුදලක් සහිත සුපිරි මෝටර් රථය හිමිකර ගැනීමට ඔහු සමත් විය.
අදියර තුනකින් සමන්විත වූ මෙම තරගාවලිය ඉකුත් 08 වැනි දින මඩකළපුව පුස්තකාලය අසලින් ආරම්භ විය.
පළමු අදියර අවසන් වූයේ සියඹලාණ්ඩුවෙනි. දෙවැනි අදියර සියඹලාණ්ඩුවේ සිට තිස්සමහාරාමය දක්වා පැවැති අතර තෙවැනි අදියර තිස්සමහාරාමයේ සිට මාතර දක්වා පැවැත්විණි.
සමස්ත තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල් දිලීප ප‍්‍රභාත් (පැය 8 වි. 24 තත්. 45) ද, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේම සාමාන්‍ය සෙබල සමීර චතුරංග (පැය 8 වි. 24 තත්පර 50) ද හිමිකර ගත්තේය.
සිවුවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ සුදීර නිලංග (පැය 8 වි. 24 තත්. 51) ද, පස්වැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ (පැය 8 වි. 24 තත්. 52) ටද හිමි විය.
කිලෝ මීටර් 365කින් සමන්විත වූ සමස්ත තරගයේ අවුරුදු 23න් පහළ යොවුන් ධාවකයා ලෙස සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සමීර චතුරංගය.
තිස්සමහාරාමයේ සිට මාතර දක්වා පැවැති තෙවැනි අදියරේ ප‍්‍රථම ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේරත්න දිනා ගත්තේය. දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ දුසාන් සඳකැලූම් ද, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුමාර අබේසිංහ ද හිමිකර ගත්තේය.
ජයග‍්‍රාකයන්ට ජය සංකේත ප‍්‍රදානය කිරීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේමාල් ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, දකුණු පළාත් සභා මන්ත‍්‍රී කාංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම තරගාවලියේ සමාප්තිය දැක බලා ගැනීමට මාතර ප‍්‍රධාන බස් නැවතුම්පොළ අසලට විශාල ජනකායක් ඒකරාශී වී සිටියහ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කර තිබුණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යොවුන් පාපැදි ශූරයා යුද හමුදාවේ ලක්ෂ්මන්
සුනිල් ශාන්ත Monday, 12 December 2011 02:49 PM
ගොඩක් හොදයි.