
(අංජුල මහික වීරරත්න)
යාපනයේ මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිකෙරෙන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට නියමිත බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා ලබාගත යුතු සියලුම අනුමැතීන් සහ සහතික මේ වන විට ලබාගෙන අවසන් කර ඇති බවත්, ක්‍රීඩාංගණයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය කොන්ත්‍රාත් පිරිනැමීමේ ක්‍රියාවලිය ද සම්පූර්ණ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
මේ අතර, ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය සහ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මණ්ඩතිව් ක්‍රීඩාංගණය ඉදිකෙරෙන භූමියේ නිරීක්ෂණයක නිරත විය.
වැසි කාලවලදී ක්‍රීඩාංගණය ඉදිකෙරෙන භූමිය ජලයෙන් යටවන බවට ඇතැම් පාර්ශ්වයන් විසින් ප්‍රචාරය කර තිබූ කරුණ මෙහිදී අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට ලක් වූ අතර එම ප්රචාරයන්හි සත්‍යතාවක් නොමැති බව භූමියේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ සියලු අනුමැතීන් සහ පරිපාලනමය කටයුතු අවසන් කර ඇති බැවින්, ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමත් සමඟ යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම උතුරු පළාතේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ද මෙම ව්‍යාපෘතිය නව ප්රබෝධයක් එක් කරනු ඇතැයි අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd