(බී.ජී. චතුරංග)
යෝජිත අනුරාධපුර පූජා භූමි සැලැස්මට විරෝධය පළ කරමින් බලංගොඩ කස්සප හිමිපාණන් ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්නමක් සහ සිවිල් පුද්ගලයන් කිහිප දෙනෙකු ඉකුත් (07) වන දින ආරම්භ කළ සත්‍යග්‍රහය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකාර හක්ගෙඩි වාදන ශිල්පියා හෙරොයින් සහ ගංජා පානය කර සිටි බව වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
සත්‍යග්‍රහයට සහාය පළ කරමින් සිටි පුද්ගලයකු බාහිර පුද්ගලයකු සමඟ ආරවුලක් ඇති කරගනිමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ සාමය කඩවන පරිදි හැසිරීමේදී, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී , සත්‍යග්‍රහයේ සිටි මෙම සැකකාර හක්ගෙඩි වාදන ශිල්පියා, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා, පහරදී තුවාල සිදුකර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
සැකකාර හක්ගෙඩි වාදන ශිල්පියා අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු හෙරොයින් සහ ගංජා පානය කර සිටි බවට වෛද්‍ය වාර්තා මඟින් අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd