IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


'රූ' අරන් රූකාන්ත ඇවිත්

2016-12-16-ent-04

”70 දශකයේ අග භාගයේදී ඇරඹුන මගේ සංගීත දිවියේ ප‍්‍රථම ඒක පුද්ගල ප‍්‍රසංගය මෙයයි. මෙතෙක් ඉදිරිපත් කළ සාමූහික ප‍්‍රසංගවලින් මිදී, හතළිස් වසරක් වූ මගේ සංගීත දිවිය සැමරීම සඳහා මේ ඒක පුද්ගල ප‍්‍රසංග මාලාව යොදා ගැනීම වඩාත් සුදුසු කියා මට හැඟුණා.”

ශ්‍රී ලාංකීය ප‍්‍රසංග වේදිකාවේ ජනකාන්ත, මනකාන්ත වූ රූකාන්ත නැවතත් ප‍්‍රසංගයක් සමග සංගීත රසවතුන් අතරට පැමිණෙන මොහොතක, ඒ ප‍්‍රසංගයේ වෙනස ගැන සඳහන් කළේ එලෙසිනි. මෙම දෙසැම්බර් 17 වැනිදා සවස 7ට ”රූ ඔන් ස්ටේජ්” නම් වූ එම ප‍්‍රසංගය ආරම්භ වූ මොහොතක ”රූකා” කාලයකට පසුව අප සමග දොඩමළු වූවේ මෙලෙසිනි.

 

කවදද ලංකාවට ආවේ?

2016-12-16-ent-06මම නම් ඇවිත් ටික දවසක් වෙනවා. නමුත් ”ලේඛා” නම් ආවේ ගිය සතියෙ.

 

මෙහෙ ඇවිත් ඔබ මොනවටද දායක වුණේ?

රියැලිටි වැඩසටහන් කීපයකටම ආරාධනා ලැබුණා. ගීත නිර්මාණය කිරීම් කීපයකටත් දායක වෙන්න සිදුවුණා.

 

ඔබගේම ගී නිර්මාණයක් ද?

ඔව් ”විල්තෙරේ ආලවන්තයෝ” එහි නමයි.

 

කවදද අපට ඒ නිර්මාණය රස විඳින්න පුළුවන් වෙන්නේ?

එළැඹෙන ජනවාරියේ මුලදී පුළුවන් වේවි.

 

කොහොමද ඉතින් ජීවිතය?

දේව කරුණාව ඇතිව බොහොම සුන්දරව ගෙවෙනවා.

 

කාලයකින් ”රූකා - ලේඛා” යුග ගීයක් ගැයුවේ නැහැ නේද?

එක් නිර්මාණයක් කළා. මේ එළැඹෙන වසර මුලදී ඒ නිර්මාණයත් එළිදැක්වේවි.

 

අද දවසේ ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයේ ස්වභාවය මොන වගේ කියල ද ඔබ හිතන්නෙ?

වින්දනීය වගේම විඳගත නොහැකි ඒ අංශ දෙකේම කිව්වොත් හරි.

 

රස විඳින්න තරම් නිර්මාණ අද බිහි නොවන තරම් නේද? ගීත සඳහා රචනා ලියැවිලා ඉවරයි කියල ද හිතන්නෙ?

කිසි දෙයක් එහෙම වෙන්නෙ නැහැ. මුලින් සිද්ධ වුණ දේම තමයි නැවතත් සිද්ධ වෙන්නෙ. හැබැයි ස්වභාවය වෙනස්. ලෝකයේ සියලූ දේ සිද්ධ වෙන්නෙ එහෙමයි. නමුත්, තාක්ෂණය නිසා හොඳ වගේම නොහොඳත් සිද්ධ වුණා. ගීත නිර්මාණයේදී ලෝකයේ වැඩිපුරම සිද්ධ වුණේ ”ආදරය” තේමා කර ගැනීමයි. විවිධ මාතෘකා හා විවිධ ස්වභාවයන් යටතේ එය සිද්ධ වුණා. නමුත් තාක්ෂණය පැමිණීම නිසා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේ වූ ප‍්‍රකාශනය, නැතිනම් අදහස් හුවමාරු කර ගැනීම නිසා, එය පෙර විදියට ආත්මයට කිඳා බැස්සේ නැහැ. අද ”ආදරය” ගැන ලිව්වොත්, අන්න අර වෙබ් (Web) බලන්න කියන තරමට එය ආත්මයෙන් ඈත් වෙලා. මේ නිසා මිනිසුන් අතර ලියන - කියන වචන භාවිතාවත් අඩුවෙලා ඇති. මොකද සන්නිවේදනය සහ ප‍්‍රකාශන විදිය වෙනස් වූ නිසා ලෝකයේ නිර්මාණය වූ සියල්ල කැරකි කැරකී ගලා යන්නෙ මේ විදියට තමයි.

 

කාලයකින් ඔබ ගීතයක් ලිව්වෙත් නැහැ?

ලියල තියෙනවා. අම්මා ගැන තවත් නිර්මාණයක් කළා. ළඟදීම ඒ ගීතයත් එළියට ඒවි. අනෙක අද ලෝකයේ මේ ගීත කලාව ගලා යන මාධ්‍යය ඉතා වේගවත් වෙලා. එක්වර නිර්මාණ ගොන්නක් මුදා හැරෙනවා. ඒ නිසා සමහරවිට අපි හිතන අදහස තව කෙනෙක් වෙතින් ඊට පෙර ප‍්‍රකාශ වෙන්න පුළුවන්. නමුත් මම නිදහසට කරුණු කියන කෙනෙක් නෙවෙයි. සමාජයට අවශ්‍ය කරන්නෙ අපෙන් හොඳ රසවිඳිය හැකි නිර්මාණ විතරයි. ඒවා කිරීම තමයි අපේ යුතුකම.

 

මේ විදියට ඔබ පටන් ගන්න ”රූ ඔන් ස්ටේජ්” අපට මොන විදියට රස විඳින්න හැකි වේවි ද?

ගීත ශ‍්‍රවණයට ලොකු තැනක් දෙන අයට මෙය ඒ අදහසට ගැලපෙන ප‍්‍රසංගයක් වේවි. වෙනස් විදියක රස සොයා යන එවැනි අය වෙනුවෙන් වැඩිය නෑසුන මගේ ගීත සහ ඇසෙන ගීත කීපයකුත් මෙම ප‍්‍රසංගයට ඇතුළත්. නමුත් සංගීතයත් අපි තරමක් වෙනස් කරලා තියෙනවා. මගේ අදහස් අනුව පී.වී. නන්දසිරි ශූරීන්ගේ පුතු වන තරුණ සංගීතඥ උපුල මධුශංක මෙහි සංගීතය මෙහෙයවනවා. මා පමණක්ම ගී ගයන මෙහි ගීත 20ක් වගේ ඇතුළත්. බොහෝ විට විවේක කාලයක් පවා නොදීමට අපි කටයුතු කරනවා.

 

”රූකා” ඔබට ඊයේට සාපේක්ෂව අද පේ‍්‍රක්‍ෂකයින් වෙතින් ලැබෙන ආදරය මොන වගේ ද?

එදා යම් විදියක පේ‍්‍රක්‍ෂක ආදරයක් ලැබිනි නම් අද ඊට වඩා ඉතාම උණුසුම් හැඟුමින් යුතු පේ‍්‍රක්‍ෂක ආදරයක් ලැබෙනවා. කොයි තැන, කොතැන ගියත් එහෙමයි. දෙවියන්ගේ කැමැත්ත අනුහස, ආශිර්වාදය එහෙමයි කියලයි මම විශ්වාස කරන්නෙ. මගේ ආදරණීය රසිකයින්ට මම ආත්මයෙන්ම ගෞරව කරනවා.

 

2016-12-16-ent-07
2016-12-16-ent-05
2016-12-16-ent-03



අදහස් (0)

'රූ' අරන් රූකාන්ත ඇවිත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 350 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 532 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 862 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site