IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රැකියාවක් කරන්නේ නැහැ

20161220Thilini-1

රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක, නිරූපණ ශිල්පිනියක වගේම රංගන ශිල්පිනියක විදියට කටයුතු කළ තිළිණි කන්නංගර කාලෙකට පස්සේ ලංකාවට ඇවිත්, මාධ්‍යයෙන්, ඈත් වෙලා දැන් ගෙවන ජීවිතය ගැන තිළිණි කිව්වේ මෙහෙම කතාවක්.

කවද්ද ලංකාවට ආවේ

නොවැම්බර් ආවේ. මගේ මල්ලිගේ Wedding එකට, සමහර විට මේ ලිපිය පළ වෙද්දීත් මම ලංකාවේ නැති වෙයි

කොහේද දැන් පදිංචි වෙලා ඉන්නේ

ඇ‍මෙරිකාවේ Cayman Islands වල

මොකද කරන්නේ?

රැකියාවක් කරන්නේ නැහැ, මගේ මහත්තය එහේ පෞද්ගලික ආයතනයක වරලත් ගණකාධිකාරිවරයෙක් විදියට සේවය කරන්නේ, ඒ නිසා තමා මමත් ඔහුත් එක්ක එහේ ඉන්නේ, මගේ මහත්තයට නිතර වෙනත් රටවලට පවා යන්න සිද්ධ වෙනවා. මමත් ඔහුත් සමග ඒ ඒ රටවල්වල සංචාරය කරමින් ඉන්නවා

මුලින්ම රට ගිය කාලේ මොකද හිතුණේ?

මුලින්ම නම් මට හිතුණේ  ඇයි මම ලංකාව දාලා එන්න තීරණය කළේ කියලා, ආයි යන්න තියෙනවා නම් කියල හිතුණා

දැන් එහෙම හිතෙන්නේ නැද්ද?

දැනුත් නැතුවාමත් නෙවෙයි , ඒත් මගේ මහත්තය රැකියාව නිසා මට මෙහේ ඉන්න වෙනවා, නමුත් මම ඉපදුණු ලංකාවට තරම් මම වෙන කිසිම රටකට ආස නැහැ, මම ලෝකේ කොහේ ගියත් ලංකාවේ ජීවත් වෙන්න තමා කැමති,

ලංකාවට අවොත් ආයේ මාධ්‍යයට සම්බන්ධ වෙනවාද?

අනිවාර්යයෙන්ම කලින් වගේ පූර්ණ කාලීනව නොවෙන්න පුළුවන්, නමුත් Freelance හරි වැඩ කරන්න කැමැතියි

නිරූපණ කටයුතු ඔබේ විනෝදංශයක්ද?

ඔව්, රූපවාහිනී නිවේදිකාවක් විදියට වැඩ කරන කාලේ ලැබුණු ආරධනා එක්ක මම නිරූපණ කටයුතු කළේ, ඒ තුළින් මම ලොකු ආත්ම තෘප්තියක් ලැබුවා

20161220Thilini-2

 

එතකොට රංගන කටයුතු

ඔව්, මගේ තාත්තාත් කලාවට සම්බන්ධ කෙනෙක්. ඒ හරහා තමා මට මුලින්ම රංගන කටයුතුවලට අවස්ථාව ලැබුණේ, ඉතින් මාධ්‍යයේ වැඩ කටයුතුත් එක්ක ඉඩ ලැබුණු අවස්ථා කිහිපයක මම රංගන කටයුතුවලට දායක වුණා

කවද්ද ආයේ එන්නේ

ලබන වසරේ ජුනි මාසයේ එන්න හිතාගෙන ඉන්නවා

කොච්චර කාලයකටද ?

ටිකක් වැඩි කාලයක් ඉන්න තමා හිතන් ඉන්නේ. බලමු ඉතින්

දිගටම විදෙස් ගතව ඉන්නද දෙන්නගෙම අදහස?

අනේ නැහැ, මමත් මගේ මහත්තයා ත් කැමැත්තෙන් ඉන්නවා ලංකාවේ පදිංචි වෙන්න එන්න, මොකද එයත් කැමති ලංකාවේ ජීවත් වෙන්න, හැබැයි ඒක කොයි කාලෙද කියන්න නම් තාම බැහැ

අනාගත බලාපොරොත්තු මොනාද?

කවද හරි දවසක ලංකාවේ පදිංචියට ආවම, අපේම කියල ව්‍යාපාරයක් පටන් ගන්න මගෙත් මහත්තයගේත් බලාපොරොත්තුවක් තියෙනවා, ඒ වගේම තමා හැමදාම සිතේ සතුටින් ජීවත් වෙන්න තමා අපේ එකම බලාපොරොත්තුව

ඡායාරූප - සුමුදු හේවාපතිරණ

20161220Thilini-3 20161220Thilini-4 20161220Thilini-5



අදහස් (0)

රැකියාවක් කරන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 116 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 545 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 747 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 438 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 376 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1229 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26026 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 288 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site