IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රේගු නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත් වෙති

(යොහාන් භාසුර)

රේගු නිලධාරීන් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) පස්වරුවේ නැවත ආරම්භ කරන බව රේගු නිලධාරීන් සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රේගු නිලධාරීන් අද පෙරවරුවේ සාමාන්‍ය සේවා ආරම්භ කළ බවත් පස්වරු  4.45 ට වැඩ අවසන් කරන බවත් එම නිලධාරීයා සඳහන් කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නමින් මහජන බැංකුවේ ඇති රේගුවේ සියලු සේවකයන්ට අතිකාල, දිරිදීමනා සහ ත්‍යාග දීමනා ගෙවන ගිණුම මුදල් අමාත්‍යංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යංශයට එම ගිණුම පවරා ගැනීමෙන් පසුව එම ගිණුම හරහා වන බොහෝ ගෙවීම් අත්හිටුවීමට හෝ ප්‍රමාදවීම වැලැක්විය නොහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (7)

රේගු නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත් වෙති

sakalan Monday, 18 March 2024 12:10 PM

මේත් මට්ටු කරන්න ඕන තවත් මාෆියාවක් තමයි. පගාව තෑගි මුදලට වඩා වැඩි නම් පගාව. තෑගි මුදල පගාවට වඩා වැඩිනම් තෑගි මුදල. මේක ප්‍රසිද්ධ රහසක්නේ. දොස්තර කෙනෙකුට අමාරු ලෙඩෙක් සනීප කළා කියලා තෑගි මුදල් ගෙවන්නේ නැතිනම්, ගුරුවරයෙක් අදක්ෂ ළමයෙක්ව සමත් වෙන තත්වෙට ගෙනාවා කියලා තෑගි මුදල් දෙන්නේ නැති නම් මොකටද මෙයාලාට තෑගි මුදල්? තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් හොරෙන් රට ඇතුළට ගෙනෙන සියලු දේ මේ අය සොයාගත යුතුයි.

:       1       26

The Truth Monday, 18 March 2024 12:12 PM

හොඳ තීරණයක් ඕකුන් කරන මහ ලොකු සේවයක් නෑ. දැන් මේ ටික වැඩ හිතා මතාම කල් දමයි. අතිකාල නැතිව රාජකාරි කාලය තුළ පමණක් ඉවර කරන්න බෑ කියලා ඕක තමයි හැම එකකම වෙන්නේ...!

:       1       19

රංබොඩ Monday, 18 March 2024 12:34 PM

මහ බැංකුව බෙදාගත්තා වගේ බෙදාගන්න සේරම එයාලා ළඟම තියාගන්න තමයි දඟළන්නේ... මෙච්චර කාලයක් රස විඳපු කෑමනේ. IMF හොයා ගන්නකම් රටම දන්නේ නෑ. ඒ වගක්...!

:       1       21

T.A.Amin Monday, 18 March 2024 12:42 PM

කම්බ දූෂිත රාජ්‍ය සේවකයන් තවත් නැත...

:       2       20

Lal Monday, 18 March 2024 01:30 PM

මේ තවත් හොර ගුහාවක් ජනාධිපති තුමනි. මුන්ටත් දෙන්න හොඳ පාඩමක්.

:       1       18

විපරමා Monday, 18 March 2024 03:57 PM

රේගුව කියන්නේ හොර ගුහාවක්. රේගුවේ වැඩ කරන අයගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       0       3

Prabha Monday, 18 March 2024 04:28 PM

මොවුන්ගේ අතිකාල ගණන් හදපුවාම 365 දවසේම පැය 24 වැඩකරලා. හැබැයි වැඩක් කරගන්න ගියාම වැඩට කෙනෙක් නැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 459 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 373 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 471 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 685 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site