ශ්රී ලංකා රේගුවේ වෘත්තිය සමිති සන්ධානය විසින් මේ දක්වා ගෙන ගිය අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියා මාර්ගය අද (23) දහවල් සිට අත්හිටවු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගුව අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා කියයි.
පසුගිය 15 වැනි දා ලෙඩ නිවාඩු දැමීමෙන් ඇරඹූ වර්ජනය 19 වැනි දා සිට අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගය අද (23) දක්වා පැවැත්විණි.
සාමාන්‍ය සේවා දිනයන් ලෙස සෙනසුරාදා (24) ඉරිදා (25) රාජකාරි කළ යුතු බවත් අතපසු වු ආනයන - අපනයන අංශයන්වල කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මාස දෙකක් කරලා පෙන්නනකො ඡන්දෙ එන්න කලින්. දැන් අපි දන්නවා නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැති බව. (නි)
විශ්‍රාමිකයෝ කොන්ත්‍රාත් පදනම මත ගෙනෙනකොට ඔවුන් බය වුණා. වර්ජනය කළ නිලධාරී මාෆියාව පැරදූ රජයට තුති. (නි)
හූ හූ... නිකන් සවුත්තු වුණානේ විනිවිදභාවය ගැන කතාකරන්න ගිහින්. දැන් තියෙන්නේ මුලින්ම ආනයන භාණ්ඩ වලට අය කරන බද්ද විනිවිදව ඕනෑ කෙනෙකුට දැනගන්න පුළුවන් විදියට රෙගු වෙබ්සයිට් එකක පළකරන එකයි. (නි)
වර්ජන කරලා නිකන් සවුත්තු වෙන්නේ මොකටද? කවුරු වුණත් දන්නවා රේගුව කියන්නේ මොකක්ද කියලා. බාගෙන කන්න තියන වළ ඉහගෙන කන්න හදන්නේ ඇයි මහත්තුරුනි? (නි)
කිසිම කෙනෙක්ගේ අනුකම්පාවක් ලැබෙන්නේ නැති වෘත්තීය සමිතියක් මේක. ඔක්කොම බොරුව කරන්නේ. (අ)
අවි බිම තිබ්බද? නැත්නම් යටත් වුණාද එහෙම නැත්නම් සටනින් ජය ලැබුවද? පැහැදිලි නැහැ. (අ)
යන්තම් ඇති... (නි)
ඕකනේ කියන්නෙ ආණ්ඩුවට දවසකට මෙච්චර පාඩුයි කිව්වට මේගොල්ලන්ටයි පාඩු වැඩට නොගියාම. ආණ්ඩුවට හරි මාධ්‍යට හරි බැරිද තියෙන පනතයි, ගේන්න යන පනතයි ප්‍රසිද්ධ කරන්න අපිට කියවලා බලන්න මෙයාල කියන දෙය ද, ආණ්ඩුව කියන දෙයද, ඇත්ත කියල.(අ)
ඇති ඔයින් ගියා
මෙතන ඉන්න අයට හොඳ ජීවනාලියක් තියෙද්දී මේ වගේ වැඩ කරන එක නින්දිතයි.