IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රංගනය පැත්තට වැඩිපුර යොමු වෙනවා - චන්දි අනුපමා

වෘත්තිය මට්ටමේ මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන චන්දි අනුපමා, මේ වනවිට රංගනයටද පිවිස සිටින්නීය. ටෙලිනාට්‍යය මෙන්ම, ගීත රූප රචනා කිහිපයකින්ද ප්‍රේක්ෂක ඔබ හමුවන එන චන්දි ඉදිරියේදී රංගන ශිල්පිනියක් ලෙස වැඩි දායකත්වයක් ලබාදීමට අපේක්ෂාවෙන් සිටියි. මෙවර 'සාරවිට' තරු කතාබහට එක්වන චන්දි අනුපමා සිය කලා කටයුතු පිළිබඳව මෙසේ අපි සමගින් අදහස් බෙදාහදා ගත්තෙමු.

 

20160609Chandi-1චන්දි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?

2003 අවුරුද්දේ. 'සන්ඩේ ඔබ්සවර්' පුවත්පත විසින් සංවිධානය කළ 'මිස් ලංකා' පැජන්ට් එකට සම්බන්ධ වීමත් සමග තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

ඔබ සහභාගී වුණ මේ 'මිස් ලංකා' තරගය ගැන කිව්වොත්?

මාත් එක්ක තරගකාරියන් 30 දෙනෙක් විතර මේ තරගයට ඉදිරිපත් වෙලා හිටියා. තරගයේ අන්තිම තරගකාරියන් 10 දෙනා අතරට එන්න මට පුළුවන්කම ලැබුණා.

 

ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

2003 අවුරුද්දේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් වසර කිහිපයක් ගෙවෙද්දි මම වසර දෙකකට විදෙස් ගත වුණා. ඊට පස්සෙ නැවතත් නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ 2007 අවුරුද්දේ. එතැන් සිට මේ දක්වා නොකඩවා මම නිරූපණ ශිල්පිනියක විදිහට කටයුතු කරනවා.

 

මේ ගෙවුණු කාලය තුළදී රංගනයට පැත්තටත් ඔබ යොමු වුණා?

ටෙලිනාට්‍යය, වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකට දැනට දායක වෙලා තියෙනවා.

 

ඒ නිර්මාණ ගැන සඳහනක් කළොත්?

අතුල අධිකාරි ගයන 'මගේ කියා ඈත් වෙලා', කසුන් චාමරගේ 'ඔබ නෑනේ හීනේ', ක්‍රිශාන්ත එරන්දකගේ 'ප්‍රේමයෙන් සඳා', ජුඩ් රොගැන්ස්ගේ 'දුක නෙතේ පුරවලා' ඇතුළු ගීත රූප රචනා බොහොමයකට දායක වෙලා තියෙනවා. ඒ වගේම තව ඉදිරියට එන්නත් කිහිපයක් තියෙනවා. 'විවා' දමිළ, 'මොබිටෙල්' ඇතුළු වෙළෙඳ දැන්වීම් කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඊට අමතරව චාමර ජිනරාජ්ගේ 'ඇසිඩ්' කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. ඉදිරියේදී ඔහුම අධ්‍යක්ෂණය කරන තවත් ටෙලි නාට්‍යයකට දායක වෙලා තියෙනවා. ඒ ටෙලිනාට්‍යයේ කතාව වෙනස්ම එකක්.

 

නිරූපිකාවක විදිහටද, රංගන ශිල්පිනියක් විදිහටද ඉදිරියේදී වැඩි කාලයක් වැය කරන්න අදහස් කරන්නේ?

රංගන ශිල්පිනියක් විදිහට. නිරූපිකාවක විදිහට දැනට අවුරුදු 10ක් විතර වැඩ කළා. මට අවශ්‍යයි එතැනින් එහාට යන්න. ඒනිසා ඉදිරියේදී රංගන ශිල්පිනියක විදිහට වැඩිපුර වැඩ කරන්න කැමතියි.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

කියන්න තරම් ලොකු දෙයක් නැහැ. මොකද ලංකාවේ මෝස්තර නිරූපිකාවගේ ටැලෙන්ට් එක කියන්නෙ සම සුදු වෙන්න ඕනා. එහෙම නැත්නම් ඇහට කනට පේන හොඳ ඇඟක් තියෙන්න ඕනා කියන එකයි. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් ගොඩ කාලයක් වෙනවා. ගොඩක් පරණ නිරූපිකාවන් මගේ මිතුරියන්. ඒ අතර ගොඩක් අය ඉන්නවා හොඳ ටැලෙන්ට් එකක් තියන අය.

 

උදව් කළ අය?

පරාක්‍රම දිමිත්‍රි, චාමර ජිනරංජන, රොහාන් අමරකෝන්, %හරි ක්‍රියේෂන්^ එකේ ළහිරු මුදලිගේ සහ එරන්ද අයියා ගොඩක් මට උදව් කරලා තියෙනවා. ඒ වගේම ගෙදර අයත් මට පුළුවන් උපරිමට සහාය ලබා දෙනවා. වචනයකින් හරි උදව් කළ නම් කියූ නොකියු ක්ෂේත්‍රයේ හැම දෙනාවත් මේ වෙලාවේදී මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද

20160609Chandi-2 20160609Chandi-3 20160609Chandi-4 20160609Chandi-5 20160609Chandi-6 20160609Chandi-7 20160609Chandi-8 20160609Chandi-9

 



අදහස් (0)

රංගනය පැත්තට වැඩිපුර යොමු වෙනවා - චන්දි අනුපමා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 4 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 192 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 316 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 822 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 284 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 557 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 346 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site