IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රේගුවේ අංශ හතරක සේවකයෝ පැය 24 ම ඕටී අරගෙන

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස  රුපියල්  කෝටි 320 කට  වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි  ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රජයේ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් කෝටි 214 කට වැඩි මුදලක්ද  රේගු අතිකාල නැව්බඩු පරික්ෂා කිරීමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදලෙන් රුපියල් කෝටි එකසිය හයකට වැඩි මුදලක්ද වශයෙන් මෙම මුදල් ගෙවීම් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණේ යැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

රේගුවේ අංශ හතරක සේවකයන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනයන් ද සහිතව සෑම දිනකම සේවයට වාර්තා කර තිබූ බව   පැමිණීමේ සහ පිටවීමේ ලේඛන අතිකාල ලේඛන සහ නිවාඩු ලේඛන පරීක්ෂාවේදී පෙනී ගියේ යයි එහි  සඳහන් වේ.

මෙම සේවකයන් දිනකට පැය විසි හතරක් දක්වා අතිකාල දීමනා ලබා ගෙන ඇති  අතර පැමිණීම සහ පිටවීම පිළිබඳව නිසි සනාථ කිරීමකින් තොරව ඉහත ගෙවීම් කරන බව  විගණන නිලධාරීන්  නිරික්ෂණය කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා රේගුවට විවිධ ආයතනවලින් අයවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් කෝටි 2323 කට අධික බව පවසන විගණන වාර්තාව සමස්ත හිඟ බදු ආදායමෙන් රුපියල් කෝටි 1607 ක්  නියෝජනය කරනු ලබන්නේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු  බවද  සඳහන් කරයි.

ඉන් රුපියල් කෝටි 1606 කට වැඩි මුදලක්   2019 වර්ෂය හා ඊට පෙර වර්ෂවල සිට පැවත එන හිඟහිට ආදායම වන අතර එම හිඟ ආදායම් 2022 වර්ෂය අවසානය වන තෙක් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන  වාර්තාවේ දැක්වේ.

මේ අතර ත්‍යාග අරමුදලින් ත්‍යාග මුදල් බෙදා හැරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ගෙන ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු වුවත් එසේ අමාත්‍යවරයාගේ එකඟතාවය ලබා ගැනීමෙන්  තොරව 1999 වසරේ සිට 2022 වර්ෂය දක්වා වසර විසිතුනකදී ත්‍යාග  අරමුදල් ලෙස නිලධාරීන්ට රුපියල් කෝටි 2087 ක්ද ඔත්තුකරුවන්ට රුපියල් කෝටි 314 ක්ද ලබාදී තිබු බව වාර්තාවේ සඳහන්වේ.

මේ අතර වාහන එකලස් කරන සමාගම් දෙකක් එකලස් කරන වාහන සඳහා දෙන සියයට  70 ක බදු සහනය  ගනිමින් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා රුපියල් කෝටි 719 ක  නිෂ්පාදන බදු ගෙවීම් පැහැර හැර තිබූ බව  විගණන  කාර්යාලය පවසයි.

විදේශීය පෞද්ගලික ආයතනයක් සිංගප්පූරුවේ නැව්ගත කර තිබූ දුම්වැටි තොගයක් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් පවත්වා ප්‍රති නැව්ගත කිරීමට නියෝග කර තිබූ අවස්ථාවක එහි නිලධාරීන් පිරිසක් මතභේදාත්මක ලෙස මෙම දුම්වැටි තොගය වෙන්දේසි කර විකුණා රුපියල් ලක්ෂ පනස් නවයකට වැඩි මුදලක් උපයා ගෙන තිබූ බව පවසන විගණන කාර්යාලය මෙම වැරදි තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට එම අලාභය ගෙවීමට සිදුවීමෙන්  අත් වූ පාඩුව රුපියල් කෝටි 7කට ආසන්න බව සඳහන් කරයි.

මෙම විමර්ශනයට අදාළ ගොනුව අස්ථානගත වී ඇති බවට ශ්‍රී ලංකා රේගුව වාර්තා කළේ යැයිද එම ක්‍රියාවට වගකිවයුතු නිලධාරීන්ට රේගු  බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොතිබුණේ යැයිද  විගණන වාර්තාව සඳහන්  කරයි.

මේ අතර පොල් තෙල් ආනයනය කර එකතු කර ප්‍රති අපනයනය කිරීම සඳහා රේගුවේ ලියාපදිංචි කෙරුණු සමාගම පොල්තෙල් ප්‍රති අපනයනය නොකර වසර ගණනාවක සිට දේශීය වෙළඳපොළට අලෙවි කිරීමෙන් රජයට බදු ආදායම් අහිමි කර තිබූ බව වාර්තාවේ  දැක්වේ.

එම සමාගම දේශීය වෙළඳපොළට එසේ නීති විරෝධීව අලෙවි කර ඇති පොල් තෙල් ප්‍රමාණය කිලෝග්‍රෑම්463065 ක් බවත්  සමාගම මේ අනුව අහිමිකළ බදු ආදායම රුපියල් කෝටි  පනහකට ආසන්න බවත් විගණන  කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය



අදහස් (11)

රේගුවේ අංශ හතරක සේවකයෝ පැය 24 ම ඕටී අරගෙන

Namal Tuesday, 19 September 2023 09:16 PM

මේ අතර වාහන එකලස් කරන සමාගම් දෙකක් එකලස් කරන වාහන සඳහා දෙන සියයට 70 ක බදු සහනය ගනිමින් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා රුපියල් කෝටි 719 ක නිෂ්පාදන බදු ගෙවීම් පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය පවසයි.

:       1       3

saman Tuesday, 19 September 2023 09:57 PM

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප්, අතිකාල දීමනා, දිරිදීමනා ලෙස ලබාගත් මුදල් නැවත ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවීමට මාස 3ක කාලයක් ලබාදී එසේ මුදල් නොගෙවන්නේ නම් අධිකරණ මගින් ඔවුන් සියලු දෙනාටම විනිවිද භාවයකින් තොරව සේවකයින් දැනදැනම අයථා මුදල් ඉපැයීම මගින් රජයට සහ ආයතනයට වසර ගණනාවක කාලයක් වංචාකළ රුපියල් කෝටි ගණනක පාඩුව නැවත ගෙවීමට අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතුවේ..

:       0       7

Nimal Tuesday, 19 September 2023 10:42 PM

අම්මට සිරි...

:       0       3

කිරිපුතා Tuesday, 19 September 2023 11:52 PM

දුම්රිය , රේගුව , විදුලිය සහ තෙල් යන ආයතන හොඳින් පරීක්ෂා කළොත්.ගෙදර ඉඳන් අතිකාල ගැනීමේ සිට විශාල හොරකම් ,වංචා රාශියක් හොයා ගැනීමට හැකිවනු ඇත. මේ ආයතන වල දූෂන රටටම විනයක් වෙලා හමාරය. හෙව්වට වැඩක් නෑ දඬුවම් සහ නිවැරදි කිරීම් නැත්නම්

:       1       12

Don perea Wednesday, 20 September 2023 02:21 AM

ලංකාවේ ලොකුම හොරු ඉන්න තැන

:       2       8

cc Wednesday, 20 September 2023 08:02 AM

මෙම නිලධාරීන්ගේ වංචා දූෂණවලට ප්‍රධාන හේතුව මේ දූෂිත මජර දේශපාලන ක්‍රමයයි මේ ක්‍රමය තුළ පුද්ගලයින් තම තමන්ගේ වාසිය ලාභය අවස්ථාව ගැන පමණක් සිතමින් ඉන්නවා විනා කිසිදු හොරකමකට වංචාවකට ඉඩ කඩ ඇහිරෙන අභ්‍යන්තර පාලනයක් සහිත පද්ධති හදුන්වා දෙන්නේ නැත බොහෝවිට මෙහි ප්‍රතිලාභ ඇමතිවරයා දක්වා ගොස් ඇත. අප රට වැසියන් හිඟමනට ඇද දමා රටේ අනාගතය වනසන සංවර්ධනයේ පුභ සිහින ඉරා දමන අදුරු සහගත දේශපාලන ක්‍රමයේ වෙනසක් පරිවර්තනයක් අවැසි යැයි විද්වතුන් බුද්ධිමතුන් පුන පුනා කියන්නේ මේ නිසා බව හොදින්ම පැහැදිලිවනු ඇත. රටේ සෙසු ආයතනවල තත්ත්වයද මීට නොදෙවනි බව කිව යුතුමය.මේ නිසා තවදුරටත් මේ ක්‍රමය පවත්වාගෙන යාමට ආසිරිවාද කරන්නන්ට අනාගත දරුවන් ශාපකරනු ඇත.රටට ගැලපෙන නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒම සඳහා වෙර දරන පෙළ ගැසුනු වැඩපිලිළෙක් සහිත ප්‍රතිපත්ති ගරුක දේශපාලන ව්‍යාපාරයක් වෙත වහ වහා ජනතාව එක් රොක්වී බුද්දියෙන් අවබෝධයෙන් ඉදිරි මැතිවරණවලදී නිවැරදි තීන්දු ගතයුතු බව සහිපත් කරමි.

:       2       14

Lalla Wednesday, 20 September 2023 08:23 AM

රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු තලන්නේ පොඩි මිනිහාට. පඩියට බදු ගෙවන්නා සුළු අපනයන කරුවන් සහ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කරන අය. මහා පරිමාණ ආහාර, වාහන වැනි දේ ආනයනය කරන චෞරයින් ආරක්ෂා කනවා.. මේක තමයි ගෝඨා ඇතුලුව සමස්ත රාජපක්ෂ වරිගය කළේත්.. පොදුජන යුගය කියලා සාක්කුවට පුරවාගත්තු ක්‍රමය... අවුරුදු 75ක් වුනේ මේක...

:       2       7

udara Wednesday, 20 September 2023 09:09 AM

බොරු වැඩ ඔහොම විගණනවලින් හොයාගත්ත වැරැදි වලට ගත්ත ක්‍රියාමාර්ග කෝ? කෝ ඕවා කරපු අයට දඩුවම් කෝ? විගණන කියලා තවත් වියදමක් විතරයි...

:       0       18

Prabash Wednesday, 20 September 2023 02:04 PM

මම ඉඩමක් ගත්තා ගෙයක් හදන්න. ඒකට මුද්දර ගාස්තු අඩුවෙන් ගහලා කියලා 60000ක් ගෙවන්න කිව්වා. මම ගෙව්වා. ඉතින් බලන්න අපේ රජයේ නිලධාරීන් මොන තරම් හොඳට හිතලා බලලා කරනවද? රජයට සතයක්වත් පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. මේක ලංකාවේ එකක් වෙන්න බෑ. මම හිතන්නේ එංගලන්තයේ සිදුවීමක් වෙන්න ඇති.

:       0       3

don Wednesday, 20 September 2023 02:58 PM

මුන් තමයි ලංකාවේ ව්‍යාපාරිකයෝ බිහිකරන්නෙත් නැති කරන්නෙත් .මගෙත් යාළුවො කීප දෙනෙක්ම ඉන්නවා මේ ආයතනයේ .පට්ට සල්ලි කාරයෝ .බදු ක්‍රමය ඉතාම සංකීර්ණ කරන මිනිසුන්ව කරකවලා අම්බරවලා අරන් ජරාවක් කන්න තමයි බදු ක්‍රමය හදාගෙන තියෙන්නේ

:       0       2

ගමේ එකාලා Wednesday, 20 September 2023 04:51 PM

ලංකාවේ රේගුව ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිතම ආයතනයක්... එතැන කෙරුවාවල් ගැන දන්නෝ හොඳාකාරවම දනිති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3617 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4176 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 749 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1049 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2987 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3900 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40165 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26003 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 271 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site