රේගුවේ වාහනවල පැති කණ්නාඩි ගැලවීයැයි සැකපිට රේගු නිලධරයෝ දෙදෙනෙක් ලබන 20 වැනි දා තෙක් කොළඹ අංක හය මහේස්ත්‍රාත් විසින් අද රිමාන්ඩ් කරනු ලැබූහ.
රාජගාරියේ විදුර ප්‍රභාත් වික්‍රමනායක හා ගණේමුල්ල බොල්ලත යූ ඩී එම් ඇන්ටෝනියෝ නිරෝෂන් එම දෙදෙනාය.
කණ්නාඩි ගැලවූ බව කියන පුද්ගලයකුගෙන් ලත් තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතාගෙන හිටියේ රේගු නිලධාරීන් හොරකම් කරන්නේ නැහැ කියලා.(හේ)
සමහර අයගේ ප්‍රතිචාර කියවන්නත් ලැජ්ජයි (නි)
කවුද දන්නෙ ඒවා ඇතුළේ තහනම් ද්‍රව්‍ය හංගලා තියෙනවද බලන්න ගැළෙවුවද කියලා? (නි)
මොවුන් වැනි රාජ්‍ය නිලදරුවන් සිටිනතුරු රටකට සුගතියක් බලාපොරොත්තු වියහැකිද? (නි)
කිසිම කෙනක් විශ්වාස කරන්න බැරි තත්වයක් ලංකාවේ තියන්නේ. (නි)
හැම තැනම හොරු.(හේ)
රේගුවේ සෙල්ලම් එළිවුණා නේද? රට නැඟුමට රේගුව සුද්ධ කළයුතුය (නි)
මොවුන්ට දැඩි දඩුවම් දිය යුතුය. (හේ)
මේක ලෙඩක් දාන්න අටවපු උගුලක් තමයි.(හේ)
චෝදනා ඔප්පු වුවහොත් වැඩ තහනමට ලක් කළ යුතුය.දඬුවම් ද සමගින් .(හේ)
මමත් ඔය ඇහුවාමයි රේගු නිලධාරියකුගේ වැරැද්දක්.(හේ)
මෙහෙම කට්ටිය රේගුවේ ඉන්නවා. මැදපෙරදිගින් එවන පෙට්ටිවල තියෙන සමහර දේවල් අයිතිකරු ඉදිරිපිටම ගන්නවා, සන්තෝෂමක් විදියට. ඒ වුණාට සමහරු ඒක ගන්නේ නිකම් කප්පම් ගානට. ඒ වගේම ඉතාම වැදගත් මහත්වරුත් රේගුවේ ඉන්නව (නි)
මේ දෙන්නාගේ නම් ප්‍රකාශ කිරීම හොඳ නිර්භීත වැඩක්. එයට පැසසුම් පුදමි. මේ වගේම ඔය අනෙක් හොර මැරකම් ළමා දූෂණ වගේ දේවල් කරලා සැකපිට අත්අඩංගුවට පත්වෙන අනික් අයගේ නමුත් මේ විදිහටම පළකරනවා නම් හොඳයි.එ ඒකෙන් සමාජයට සේවයකුත් ඉබේම සිදුවෙනවා නේද? (නි)
රේගුවේ සමහර අය කරන වැරදි දෙස බලනකොට මේක ලොකු දෙයක් නොවෙයි. තෝරු මෝරු සිටියදී පොඩි හාල්මැස්සෙක් අල්ලාගෙන වගෙයි මට නම් දැනෙන්නේ (නි)
ලැජ්ජාවේ පණයනවා... (නි)
සමහර විට හොරෙන් ගෙනාපු වාහනද කියලා පරීක්ෂණයක් කළාද දන්නේ නෑ.(හේ)
මං නම් මේ වගේ දෙයක් ඇහුවමයි.(හේ)
මේ දෙන්නා මුළු රේගු සේවයම අපකීර්තියට පත්කරලා. (හේ)