IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රඟපාන්න කැමති 'තරු'

මීට වසර කිහිපයකට පෙර නිරූපිකාවක ලෙස කටයුතු කරමින් රසික අවධානය දිනාගත් තරු බෝගොඩ මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස දිගු ගමනක් යාමට අපේක්‍ෂාවෙන් සිටින්නීය. දැනට ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍යය හා චිත්‍රපට කිහිපයකටම සිය දායකත්වය සපයා ඇති තරු %සාරවිට^ තරු කතාබහට අපේ ආලින්දයට මෙලෙසින් ගොඩවූවාය.

20160615Tharu-1නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවේ?

මීට අවුරුදු 3කට කලින්. 2013 වසරේදී විතර. ඒ අවුරුද්දේ තිබුණ 'බෙස්ට් මොඩල් ඔෆ් ද වර්ල්ඩ්' තරගයට ඉදිරිපත් වුණා. ඊට පස්සෙ තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ. දැනට අවුරුදු 3ක කාලයක් තිස්සෙ මම මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. මේ ක්ෂේත්‍රයේ මේතරම් දුරක් ආවේ මගේ හැකියාවෙන් හා දක්ෂතාවයෙන්.

 

ඔබ කාලයක් විදෙස් ගත වුණා?

ඔව්, නිරූපණ ක්ෂේත්‍රය අත්හැරලා මම විදෙස් ගත වුණා ආයේ ලංකාවට නොයෙන්නම. නමුත්, කාලයක් එක්ක මට ආයෙත් හිතුණා ලංකාවට ඇවිල්ලා නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන්න. වසරක කාලයත් විතර මම විදෙස් ගත වෙලා හිටියා.

 

තරු පුංචි කාලේ හීන දැක්කේ වෙනත් වෘත්තියකට?

ඔව්, පුංචි කාලෙ මගේ හීනේ වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත්, ඒ හීනේ සැබෑ කරගන්න මට බැරිවුණා. ඒත්, එක්කම මට නිරූපිකාවක වෙන්නත් ලොකු කැමැත්තක් සහ උවමනාවක් තිබුණා.

 

රංගනය පැත්තට යොමු වුණේ?

ගීත රූප රචනාවකට පෙනී ඉන්න කොට රුචික කියලා මගේ මිතුරෙක් මට මුණගැහුණා. ඔහු තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණ %ආදර වැස්ස^ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා කළේ. එහි මම සුළු චරිතයක් රඟපෑවා.

 

ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍යය හා චිත්‍රපටවලත් ඔබ රඟපෑවා?

දැනට ගීත රූප රචනා 6කට විතර දායක වෙලා තියෙනවා. ඒ අතර කසුන් කල්හාරගේ 'අම්මා' කියන ගීතයේ රූප රචනාව බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුණා. ඊට අමතරව මා දායක වුණ වෙළෙඳ දැන්වීම් අතරින් 'කොත්මලේ කිරි' කියන දැන්වීම් බොහෝ දෙනෙක් කතාබහ කළ වෙළෙඳ දැන්වීමක්. 'ආදර වැස්ස' හා ජාතික රූපවාහිනියේ විකාශය වුණ 'සීතල ගිනිදැල්' කියන නාට්‍ය දෙක ඇතුළුව තවත් ටෙලිනාට්‍යය කිහිපයක මම රඟපෑවා. ලකී ඩයස් මහත්මයාගේ 'බ්‍රේකින් නිවුස්' කියලා ඉදිරියට එන්න තියෙන චිත්‍රපටයකත් මම රඟපානවා.

 

ඕනෑම ක්ෂේත්‍රයක රැඳෙන්න නම් ඒ පිළිබඳව හැදෑරීමක් අවශ්‍යයි?

ඔව්, නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්න කලින් මම වාසනා දන්තනාරයන මහත්මිය යටතේ නිරූපණය පිළිබඳව හැදෑරීම් කළා. රංගනය පැත්තෙනුත් එවැනි හැදෑරීමක් කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඉතින් ඉදිරි කාලයේදී මහේන්ද්‍ර පෙරේරා මහත්මයා ළඟ රංගනය පිළිබඳව කරන වැඩමුළු හා අභ්‍යාසවලට එකතු වෙන්න අදහස් කරමින් ඉන්නවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

20160615Tharu-2 20160615Tharu-3 20160615Tharu-4 20160615Tharu-5 20160615Tharu-6 20160615Tharu-7 20160615Tharu-8



අදහස් (0)

රඟපාන්න කැමති 'තරු'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 490 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 895 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 213 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 759 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1448 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 573 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site