IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රඟපාන්න වගේම මට හොඳ ගීත ගයන්නත් පුළුවන්

2016-08-15-ent-29

ලාංකේය සිනමාවේ "සිහින කුමරා" ලෙස වර්තමානයේ බොහෝ දෙනා හඳුන රොෂාන් රණවන පිළිබඳව හඳුන්වාදීමට අවශ්‍ය නැත. "හිරි පොද වැස්ස" චිත්‍රපටය ඇතුළු ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් තුළින් රසිකයන් හමුවූ ඔහු ඉදිරියේදී තවත් චිත්‍රපට බොහොමයකින් හමුවීමට නියමිතයි. චිත්‍රපටවලට පමණක් සීමා නොවූ ඔහු මේ වනවිට ටෙලිනාට්‍යය රැසකටද සිය රංගන දායකත්වය ලබාදී ඇති අතර, ඔහු පසුගිය දිනවල වඩාත් ජනප්‍රිය වී තිබුණේ දෙරණ "ස්ටාර්සිටි" රියලිටි වැඩසටහන හරහායි.

 

රොෂාන්ගේ කලා කටයුතු මොනවද?

2016-08-15-ent-27හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඊට අමතරව නලින් රාජපක්ෂගේ "රේන්බෝ" චිත්‍රපටයත් ඉදිරියේදී ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. පළමු වතාවට ලාංකේය සිනමාවේ දුෂ්ටයා වෙන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙත් "උලත් එකයි පිලත් එකයි" අධ්‍යක්ෂණය කළ හර්ෂ උඩකන්ද. චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සැප්තැම්බර් මාසයේ ඉඳලා පටන් ගන්නවා.

 

"සඳ සේයා" ටෙලි නාට්‍යය හරහා රොෂන් නැවතත් පුංචි තිරේ අපි දකිනවා?

ඔව්. ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "රන් සමනල්ලු" ටෙලි නාට්‍යයට පස්සේ තමයි මම "සඳ සේයා" නාට්‍යයට එකතු වුණේ. හැබැයි මේ නාට්‍යය දෙක අතර ලොකු කාල පරතරයක් තිබුණා. කාලයකට පස්සෙ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයන් හමු වුණ නිසා "සඳ සේයා" ටෙලි නාට්‍යයෙ කළ චරිතයට මට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා.

 

කාලයක් අරගෙන ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වීමේ වාසියක් තියෙනවා කියලා ඔබ හිතනවද?

ඔව්. ටෙලි නාට්‍යයවලට වෙන්වුණ පිරිසක් ඉන්නවා. මේ අය තමයි නිතරම ප්‍රේක්ෂකයන්ගේ මතකයෙ ඉන්නෙ. මාව බොහෝ විට දකින්න ලැබෙන්නෙ සිනමාවෙන්. නිතරම සිනමාවෙන් දැකලා පුංචි තිරේ ටෙලි නාට්‍යයක් හරහා ඔවුන් අතරට යන කොට ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා කියලා මම හිතනවා.

 

රියලිටි තරගවලදී අපි ඔබව රංගන ශිල්පියෙකුට අමතරව ගායකයෙකු, නර්තන ශිල්පියෙකු විදිහටත් දකිනවා?

ඔව්. දෙරණ "සිටි ස්ටාර්" වැඩසටහන තුළ මම රංගන ශිල්පියෙකු, නර්තන ශිල්පියෙකුට වඩා ගායකයෙකු ලෙස ඉස්මතු වුණා. බොහෝ අවස්ථාවලදී මම කරපු ගීත ගායනාවලට විනිසුරුවන්ගේ පවා ඉහළ ප්‍රතිචාර ලැබුණා. රංගනයට අමතරව මට තියෙන අමතර හැකියාවක් තමයි ගායන හැකියාව. දැනට මම ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. විදෙස් සංචාර සඳහා ආරාධනා ලැබුණාම මම ගීත ගායනා කරනවා.

 

රියලිටි තරගවලට එකතු වීම ඔබේ වටිනාකමට හානියක්ද?

නැහැ. මම එහෙම දෙයක් දකින්නේ නැහැ. මොකද රියලිටි තරග කියන්නෙත් එක්තරා විදිහේ කලා කටයුත්තක්. මේක තරගයක් විදිහට පැවැත්වුණත් එහි අපි ඉදිරිපත් කළ යුත්තේ අපේ රංගන හැකියාව. දෙරණ "ස්ටාර් සිටි" කියන්නේ මගේ දෙවැනි රියලිටි තරගය. මීට පෙරත් මා වතාවක් රියලිටි තරගයක් සඳහා ඉදිරිපත් වුණා.

 

බුද්ධික සේනාධීර

 

2016-08-15-ent-28



අදහස් (0)

රඟපාන්න වගේම මට හොඳ ගීත ගයන්නත් පුළුවන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 917 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 802 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 440 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site