(නිමන්ති රණසිංහ)
ටෙලි නාට්‍ය නාට්‍ය අධ්‍යක්ෂවරියක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් බාරයේ දී ගෘහ සේවිකාවක මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනා ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා නියෝග කළේය.
සැරයන්වරයා ඔහුගේ හිඟුරක්ගොඩ නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු කොස්තාපල්වරුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු මිට පෙර රිමාන්ඩ් බාරයට පත් කළේය.
මෙම සිද්ධියෙන් මියගියේ රාජන් රාජ් කුමාර් නමැති කන්තාවකි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි
පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල
ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.
ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.
කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රාජ් කුමාර්ගේ මරණයට පොලිසියේ තුනක් රිමාන්ඩ්
Prabha Friday, 01 September 2023 05:08 PM
දැන් ඔය ලොකු නෝනා... ඕකට සම්බන්ධයක් ඇත්තේම නැද්ද?
හුලා Friday, 01 September 2023 06:02 PM
ඒක තමයි. ඒ නෝනා එළියේ වගේ. අර ඉස්සර වගේ තව බලවත් මහත්තයෙක් කොහේ හරි සයිඩ් එකෙන් සපෝට් දෙනවද දන්නේ නෑ. මෙයා මෙච්චර අපරාධයක් කරන්න මුල්වෙලා නිකම්ම ඉන්නේ. පොලිසියේ අයටත් හොඳ වැඩේ... ලොකු එවුන්ට වැඳ වැඳ පොඩි එවුන්ව නිරපරාදේ තලනවාට. ජාති ආගම් හිතන්න එපා. මොන තරම් අර මනුස්සයා බයෙන්, දුකෙන්ද ජීවිතයේ අන්තිම මොහොතේ ඉන්න ඇත්තේ...? වැරැද්දක් කරා නම් ඒ ගැන හොයලා දඬුවම් දෙන්න නීතියේ විදිහට... මේ වගේ අපරාධ කරන්න එපා සතෙකුටවත්...
G. K. Ekanayake Friday, 01 September 2023 11:19 PM
ලොකු නෝනට ඉහළින් තව පොලිසියට බලපෑම් කරපු අය ඉන්නවලු.