පාලකයින් අධර්මිෂ්ඨ වනවිට රට විපතට පත්වන බවත් ඒ නිසා දෑත් එකතු කර ‘රාජා භවතු ධම්මිකෝ‘ යැයි ප්‍රාර්ථනා කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
නියඟයෙන් ජනතාව බැට කෑ බවත් පිරිසක් ජලයේ ගිලෙද්දී තවත් පිරිසක් පස් යට වැළලී ගිය බවත් කිසි දින නොදුටු ආකාරයේ ගිනි ඇතිවන බවත් කොස්ගම ඇතිවූ ගින්න සෙබළුන්ගේ නොසැලකිල්ලෙන් ඇතිවූවක් බව ඒත්තු ගැන්වීමට ඇතැමුන් උත්සාහ කරන බවත් ගම්මන්පිල මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු කියන කතා කියවනවිට පුුදුමත් හිතෙනවා (නි)
අනේ ඉතින් තව ටික දවසකින් ඔය කාගෙ කාගෙත් කටවල් වැහෙයි (නි)
මෙතුමාගේ ප්‍රකාශය වඩාත් ගැළපුනේ පසුගිය පාලන සමයටය. එයට අනුකූලව ජනතාවගේ ප්‍රාර්ථනය ඉටුවිය. (නි)
දේවෝ වස්සතු කාලේන කියලත් කියනවනේ.... (නි)
මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ යහපාලනය නිසා (නි)
මේ මොනවද මේ කියවන්නේ? (නි)
රජිත්, සීනිගම පොල් ගැහුවේ මේ රට විනාශ කරන දේශපාලුවන්ට විතරයි. රට පාලනය කරන අය රටට විරුද්ධ වැඩ කළොත් නම් දෙවියෝ කොහොමටත් කෝප වෙනවා. (නි)
මීට කලින් මත්තේගොඩ, වවුනියා සහ වැලිසර ඒවත් ගිනිගත්තා ගිය රජය කාලේ. කවුරුවත් ඒ කාලේ එ් දේවල් පහත් දේශපාලන වාසි වලට යොදාගත්තේ නැහැ. එ්ත් දැන් ඉන්න අය කාගේ හෝ කරදරයක් උඩින් දාලා තමාගේ මඩිය තර කරගන්න බලනවා. හරි බාල වැඩ මේවා (නි)
මේ රටට තවදුරටත් අවි ආයුධ ගන්න වෙන්නේ නැති බවත්, සංහිදියාව රජ කරන බවත් අවි ගබඩාව පිපිරී යාමෙන් සංකේතවත් වෙනවා. කොහොම නමුත් බඩු මිල නම් අඩුවිය යුතුයි. (නි)
රටේ මොන දෙයක් වුණත් එ්ක තමන් පරාද කරපු නිසා වුණ දෙයක් කියලා කියන්න තරම් ‘උගත්තු‘ ටිකක් තමා ඔය විපක්ෂයේ ඉන්නේ. පුලුවන්නම් තව පොල් ටිකක් ගහන්න මහත්තයෝ. (නි)
රටට ආපදාවක් වුණහම පක්ෂය ගැන සිතා සතුටු වෙන්න එපා (නි)
කුහක බලතණ්හාධිකයන් ඉන්න රටේ රජා පමණක් ධාර්මිෂ්ට වෙලා වැඩක් නැහැ. රජ වෙස්සන්තර වුවත් සමහරුන්ගේ බලතණ්හාව ඉවත්කරන්න බැහැ (නි)
පහුගිය කාලවල වුණු දේවලුත් මේකට අදාළයිද? (නි)
මිට පෙර මේ රටේ ඔහොම ක්‍රෝධයෙන් වෛරයෙන් රට පුරා දේවාලවල එකම කට්ටියක් එකතුවී පොල් ගැහීම් තිබුනේ නැහැ. පොල් ගැහිල්ලට පසුව නේද තමුන් කියන ඔය ඔක්කොම. දේව ශාප පහත් තැනින් පටන්ගන්නවා. (නි)
මෙතුමාගේ පිවිතුරු උරුමය ගැන හිතනකොට අපට දවල් තරු පේනවා! (නි)
රටේ ඛේදවාචකයක් වෙනතුරු බලාගෙන ඉන්න දේශපාලකයෝ මිනිසුන්ගේ මළකඳන් උඩින් ගිහින් හරි ඔවුන්ගේ ලාබ දේශපාලන උවමනා ඉටුකර ගන්න තමා දඟලන්නේ. (නි)
මේ අරයගෙන් කාල කෑගහන කෙනෙක් නේ . පරම්පරාවටම ලැබෙන්න ඇති. (බ)
රණවිරුවන්ට අපහාස කරන නිසා ඒ අසහනයෙන් ඉන්න කියා නොසැලකිල්ල මත රණවිරුවන්ට විනය විරෝධී ක්‍රියාමාර්ග ගන්න මේ දේශප්‍රේමියා ඉඩදෙන්නේ නැහැලු . මෙවන් විදග්ධ බුද්ධිමත් අපේ රටේ පහල වෙන්නේ පිනටලු. (බ)
මට මතක නැති හින්දයි අහන්නේ, එතකොට සුනාමි එනකොට අගමැති කවුද? (ම)
මේ අවස්ථාවාදී දේශපාලුවන්.මොවුන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය. (ම)
සම්පූර්ණ ඇත්ත (ම)
අනේ මේ නිකන් දොඩවන්නේ නැතුව ඉන්න (ම)
රටට වෙන හානිවලිනුත් දේශපාලනය කරන්න හදන වුන් මුන් (ම)
කාගේ හො විපතක් තම සතුට කරගන්නා මෙවන් අපතයින් ගැන සිතා බැලීමට කාලය එලබ ඇත.(ම)
මහත්තයෝ, විනාශකාරී දේශපාලකයන්ව පත්කර තියෙන්නේ මේ රටේ ජනතාවයි. ඒක නිසා ඔය හැම ශාපයක්ම මුලින්ම වදින්නේ මේ රටේ මිනිසුන්ට. අතිරික්තයක් තිබුනොත් තමයි දේශපාලුවන්ට (නි)
කවුරුහරි අතින් වැරැද්දක් වෙලා තියනවා නම්, උපරිම දඬුවම් ලැබෙන්න ඕනෑ. මේක මහා විනාශයක්. (නි)
විපතකදී සන්තෝෂවන අය ජාතියේ අවාසනාවකි (නි)
මෙලෝ වැඩකට නැති කෙනෙක් (බ)
මට හිතාගන්න බැරි නියම යහපාලනයක් තියෙන රටේ මේවගේ විපත්ති වෙන්නේ කොහොමද කියල? (බ)
සුනාමිය ආවේ රාජාගේ කාලේ .ඒකාලේ කිව්වනම් \"රාජා භවතු ධම්මිකෝ " දැන් රජෙක් නැත (බ)
අවස්ථාවාදී දේශපාලකයන්ගේ කතා අපි අහන්නේ නැහැ (නි)
රටට වෙන විපතකිනුත් දේශපාලන වාසි ගන්න හදනවා (නි)
නැවතත් බණ කියන්න පටන් අරගෙන වගෙයි. අනේ සාධු! (නි)
ඔව් මහත්තයෝ, තවම ගංවතුර හරියට බැහැලා ගියේ නැති නිසා බොර දිය තියෙනවා. පුළුවන් තරම් මාළු බාගන්න මේ වෙලාව. (නි)
කරන වැඩකුත් නැහැ. හැම එකටම දොඩවනවා. (නි)
මොවුන් විතරක් නොවෙයි මොවුන්ට ආවඩන අනුගාමියන් පිරිසකුත් රට තුළ කාට හො සිඩුවන විපතක් තමන්ගේ අසීමීත සතුටක් සේ සළකන පිරිසක්, මුලුමහත් රටේම ජතාවට හිමි ජාතික දේපොල කිසිම හිරිකිතියකින් තොරව මංකොල්ලකෑවනේ. (නි)
විනාශයකින් එළිය බලන්න බලාසිටින දේශපාලකයින් ගැන කවර කතාද? (නි)
ගහගෙන යන දිය පාරක බේරෙන්න දඟලන මේ උදවියට තුතිරි ගහත් ඇතිලු එල්ලෙන්න (නි)
මෙච්චර ජාතික විපතක් වෙලා තියන මොහොතකදිත් වගකීමෙන් කතාකරන්න බැරිද? මහින්ද මහත්තයා නම් වැදගත් විදිහට ප්‍රකාශයක් අද උදේ කළා. එ්ත් මේ අය මේ අාපදාවෙන් ඡන්ද එකතුකරනවා (නි)
මේ මහත්තයලගේ පාලනය... අනේද කියන්නේ? කෝ අපේ රු. 100? (නි)
අනේ මගේ කට! මෙයාලා හරි අවංක කට්ටියනේ (නි)
රජා ධාර්මික වුණාම දළදා මාලිගාව ළඟ රේස් පදින්ට ඕනේ (බ)
අරුණෝදයේ සිට සවස අඳුර වැටෙන ගොම්මන් වෙලාව දක්වා සිහින දකින්නන්ට වෙන මොනවා කියන්නද? (බ)
ඒ වගේම රටේ පාලකයා රටේ ජනතාවගේ දේපල සොරකම් කරයිද, එමෙන්ම ඔහුගේ ‘රාජපුරුෂයන්‘ රටේ දේපල සොරකම් කරයිද, එසේනම් එම රටේ පාලකයා රාජ්‍ය පාලනයට සුදුසු නොවන්නේය කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා (නි)
දැන්වත් මෙවෙලාවේ කට පියාගෙන මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්න බැරිද. (බ)
ඔබලා කරපුවා නිසා තමයි මේ විපත් (බ)
රටට හෙණ ගහන්ඩ කියල සීනිගම දේවාලෙට පොල් ගැහුවා රටේම තියන දේවාලවල පොල් ගැහුවා කන්නලව් කෙරුව රටේ මිනිස්සුන්ව වැළලිලා ඒ මළ කදන් උඩින් ගිහින් තමන්ගේ බලය තර කරගන්ඩ දගලන බලයට කෑදර අය (බ)
මොනවද මේ කතා? අපිට නම් ලැජ්ජයි (නි)
සමහරු ලොකු සතුටක් ලබන බව පේනවා මේ වෙච්ච දෙයින්. ඒකට කියන්නේ මොන සතුටද කියලා කවුරුහරි මට කියලා දෙනවද? (නි)
මෙතුමා ගැන මම කිසිවක් කියන්නේ නැහැ. (නි)
රටට විපත් වෙනකොට පුදුම සතුටක්නේ තියෙන්නේ .අමුතුම ජාතියේ දේශප්‍රේමයක් තමයි තියෙන්නේ . (ර)
ගිනි අවි, වෙඩි බෙහෙත් ඇති හැම තැනකම ගින්නක් ඇති වීමට තියන ඉඩ ඉතා වැඩියි. (ර)
හැම දේකින්ම දේශපාලන වාසි ගන්න හදන එක ගැන කණගාටුයි. (ර)
වැරදිකරුවන්ට හැමවෙලේම වැරදි මිස යහපත් දෙයක් පෙනෙන්නේ නැහැ (නි)
ඇත්තටම අපේ දුප්පත් රට වටවෙලා කන්න බැරි දුකට කියන කතා මේවා. ජිනීවා යන්නේ කවදාද? (නි)
මෙයාලගේ කාලේ අපි පුදුම සැපක්නේ වින්ඳේ (නි)
රංජිත්ට තරහා ගිහිල්ලා වගේ. පාලකයෝ වැරදි කරනකොට, රටට මෙහෙම වෙන එකේ අරුමයක් නැහැ. පත්කළ අපිට තමා මුලින්ම පටිසන් දෙන්නේ. (නි)