IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි


 
සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
රජයේ වියදම් සඳහා අමතර ප්‍රතිපාදන සපයා ගැනීමට රුපියල් කෝටි 1904ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණි.
 
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේය.
 
මේ පරිපූරක ඇස්තමේන්තුව මගින් විදේශයන්හි තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයට රුපියල් කෝටි අටකට වැඩි මුදලක්ද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු පිළිබඳ ව්‍යාපෘතියේ විදයම් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට රුපියල් කෝටි 151ක මුදලක් ද ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට රුපියල් කෝටි 18ක මුදලක් ද වෙන් කර ඇත.
 
මෙයට අමතරව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යත්වය සඳහා විදයදම් වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් කෝටි 125ක මුදලක් ද වෙන් කර තිබේ. සමූද්‍රීය ආරක්ෂක ශක්‍යතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 266 කට වැඩි මුදලක් ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 260ක මුදල්ක වෙන් කර තී ඇතැයි පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන් වෙයි. 



අදහස් (7)

රජයේ අමතර වියදම් වලට කෝටි 1904 ක් ඉල්ලයි

Soma dubayi Wednesday, 09 May 2018 01:19 PM

ගත්ත ණය ගෙවන්න සල්ලි ඕනේ.

:       3       11

සතයපාල Wednesday, 09 May 2018 01:50 PM

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට හමුදා සමාජිකයන් යවනකොට අපේ රටට එ.ජා.ස. මුදල් ගෙවන බවයි මෙතෙක් කල් අප අසා තිබුණේ. එහෙම නැතිව අපේ අතින් මුදල් වියදම් කරගෙන වෙන රටවලට සාමය රකින්න අපේ හමුදා යවන්නේ මොකටද කියලා වග කිවයුත්තන් රටට වහා පැහැදිලි කළ යුතුයි.

:       0       2

SANATH Wednesday, 09 May 2018 06:48 PM

විශ්වවිද්‍යාල වල ළමයි නරක වෙන්නේ මේවිදියට නිකන් සල්ලි දෙන හින්දා. ඕනෑම දෙයක් නිකන් දෙන්න හොඳ නැහැ. ගඩාෆි ලිබියාවේ මිනිස්සුන්ට හැමදෙයක්ම සහන මිලට නැත්නම් නොමිලේ දුන්නා. ළමයින්ට පිටරටකට ගිහිල්ලා ඉගෙනගන්න ඕන නම් අධ්‍යාපන ගාස්තු සම්පූර්ණයෙන්ම ගෙවලා මාසෙකට ඩොලර් 2000 ගානේ වියදම දුන්න. අන්තිමේදී ඒ මිනිස්සුන්ට ඒවත් මැදිවෙලා කැරලි ගහල ගඩාෆිගේ ආණ්ඩුවයි ගඩාෆියි නැතිකරලා දැම්ම. දැන් එයාලට සහන දීමනා මොනවත් ලැබෙන්නේ නැහැ නමුත් කැරලි කෝලාහල ඕනෑතරම් හැමදාම නොමිලේම ලැබෙනවා. මං නම් කියන්නේ තරුණ වයසේ කිසිම කෙනෙකුට පිං පඩි දෙන්න එපා කියලයි. එක ගන්නත් ලැජ්ජා වෙන්න ඕන. ඒ වෙනුවට පොලියක් නැති ණයක් දුන්නනම් මේ ළමයි හිගන්නන්ගේ ගොඩට වැටෙන්නේ නැහැ.

:       155       313

sampathThursday, 10 May 2018 04:29 AM

මේ කතාව ඇත්ත. මේ ළමයි මහපොළ ශිෂ්‍යත්වය ගන්න ගමන් ඒක දෙන්න මුල පුරපු ඇතුලත්මුදලි මැතිතුමාගේ නම බිල්ඩිමකට දාන්න නොදීපු අය. අඩු ගණනේ කළගුණ සලකන්නවත් දන්නේ නැහැ. දේශපාලන උන විතරයි දන්නේ ඇයි ඒ උන හැදුනේ කියන්න දන්නේ නැහැ. මම ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු හැටියට විශ්ව විද්‍යාලයට ගියේ. අපි කාටත් ඉතාම අඩු පොලී ණය දුන්නා ඉගෙන ගන්න. රස්සාවේ ආදායම යම්කිසි ගානකට ආවාම අපි ණය ගෙව්වා. අපිට කන්න දීපු මිනිස්සුන්ව අපි ගරහලා අමතක කරේ නැහැ. මම යු එන් පී නෙවෙයි ඇතුලත්මුදලි මැතිතුමා ගැන ගුණ කියන්නේ. මම පොහොට්ටුවටයි දැන් කැමති ඒ වුනාට ඇතුලත්මුදලි මහතා ගැන මට ලොකු පැහැදීමක් තිබෙන්නේ මම පාසල් ශිෂ්‍යයෙක් හැටියට එතුමා ගැන අපි දැනගෙන හිටි නිසා.

:       1       0

maheshika Wednesday, 09 May 2018 07:41 PM

විශ්ව විද්‍යාල සිසුන්ට නිකම් සල්ලි දීම නතර කරන්න. හැකිනම් තවත් ටිකක් වැඩිපුර දෙන්න ණයක් විදියට. එය දෙමව්පියන්ටත් සහනයක්. පාසල් යන්න පටන්ගත්තු දවසේ ඉඳල හැම දෙයක්ම නිකම් දීල පුරුදු උනාම , අපිට රැකියාවලුත් දෙන්න කියල පාරේ ලගිනවා. අඩු තරමේ මහන්සිවෙලා රැකියා විස්සකට තිහකට ඉල්ලුම් කරලා තරඟකාරීත්වය මැද ඉදිරියට යන්න දන්නේ නැහැ. අධ්‍යාපනය දෙන්න. රැකියා දෙන්න රජය බැඳිලා නැහැ කියන්න. හැමදාම මේ විගඩම් බලල මහජනතාවත් තීරණයක් ගනීවි.

:       160       326

surath Thursday, 10 May 2018 12:34 AM

කියන ඕනෑම දෙයක් එලෙසම විශ්වාස කරන මිනිස්සු ඉන්නකම් රජයට හොඳයි

:       0       69

dhamneth Thursday, 10 May 2018 02:48 AM

ඉස්සර සිංහල රජ කාලේ රැකියා දුන්නේ කොහොමද කියා සොයා බැලුවොත් නරකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 62 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 177 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2582 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 743 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 241 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 602 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site