ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක් ද (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව), එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර දෙකක් දිනා ගත්තේය.
ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක් ද (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව), එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර දෙකක් දිනා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි බණ්ඩා හිතේ දුකට කියන කතා කවුද අප්පා ගණන් ගන්නේ. ඔයා පරාදයි. ජයග්‍රහණය කියන්නේ පහුගිය ප්‍රතිපල සැසදීම නෙමෙයි. පළාත් සභාවේ බලය ලැබීම. පාලනය ගෙනියන්න එක එක්කෙනාට වැද වැටෙන්න වෙන්නේ නැති බහුතරය හිමි වීම. තව වෙන මොනවද මහත්තයෝ ඡන්දෙකින් ඕනා. අවශ්‍ය දේ සන්ධානයට ලැබිල තියෙනවා. ඔයාල හැමදාම හිත හදාගන්න ගණන් හද හදාම ඉන්න. අපි අපේ ගමන යන්නම්. ජනාධිපතිවරනේදී හමුවෙමු. (නදී)
කැරකෙන ඩිෆෙන්ඩර් දන්සැල් සහ උපරිම රාජ්‍ය බලය මැද ජනතාව තමන්ගේ 2009 හෝ ඊට පෙර සන්දානයට තිබු කැමැත්ත යු.එන්.පි ය වෙත වෙනස් කලේ ඇයි ? ඌවේ පමණක් නොව රටේම වෙනසක් සහ ඒ වෙනසේ කසකරයාගේ භුමිකාව ඌවේ ජනතාවගෙන් රටම බලාපොරොත්තු වුනු බව ඔවුන්ට දැනුන බැවිනි. (නදී)
මෙතන බොහෝ අය හිතාගෙන ඉන්නේ ඡන්ද දායකයෝ ඒ ජා පෙට වැඩිපුර ඡන්දෙ දුන්න කියලනේ. මෙතැන තියෙන්නේ රජයට දුන්නු අනතුරු හැගවීමක් පමණයි. ජනතාවට රජයකට අනතුරු හඟවන්න විරුද්දව මොකට හරි ඡන්දෙ දෙන්න ඕනා. ජනපතිගේ අසීමිත වූ ඇමති මණ්ඩලේ රැක ගැනීම සඳහා නඩත්තු කරන හෙන්චයින්ගේ ජඩ වැඩ වලට ජනතාව හැමදාම ඉවසගෙන එහෙමයි කියයිද. (නදී)
කතරගම ඉඳන් හෙලිකොප්ටරයෙන් මාසෙකට වතාවක් බදුල්ලට ඇවිත් මිනිස්සු ලව්වා හෝදගත්ත පාරවල් වල මොන්ටෙරෝ වල නැගල පළාත් සභාවට ආව නිලෙමෙලට මේ ඡන්දෙ හොඳ පාඩමක්. (නදී)
ටිකක් කල්පනා කලරලා බලන්න ඇයි ආණ්ඩුව මොනරාගල 58% ගත්තේ. සිංහල ජාතිය අඩු දිස්ත්‍රික්ක වලදී ආන්ඩුවට ඡන්ද අඩුයි. සිංහල ජාතිය වැඩි දිස්ත්‍රික්ක වලදී එජාපෙ නන්නත්තාරයි. ගන්න ගම්පහ,කුරුණෑගල, ගාල්ල, මාතර, අනුරාධපුරය, වගේ දිස්ත්‍රික්ක 15- 16 මහින්දට ලෙන්ගතුයි. ගන්න කොළඹ, නුවරඑළිය,බදුල්ල සහ උතුරු නැගෙනහිර මහින්දට වාසි අඩුයි නැත්තම් අවාසියි. ගියපාර බස්නාහිර පළාත් සභා ඡන්දෙදි කොළඹ දිස්ත්‍රික්කේ මනාප වලින් එ්ක හොඳටම පැහැදිලියි. සන්දානෙට හම්බුනා ආසන 26ක් කොළඹින්. හැබැයි එක මුසලිම් මන්ත්‍රී කෙනෙක් නැහැ. අඩුමගානේ ෆවුසිගේ පුතා නවුෆරුත් පරාදයි. හැබැයි එජාපෙ පලවෙනි 6න් 3ක් ම මුස්ලිම්. කොහොමද වෙනස. එ් කියන්නේ මුස්ලිම් ඡන්ද ඔක්කොම එජාපෙට ගිහිල්ලා සහ එජාපෙට පිහිට වෙලා තියෙන්නේ. මුස්ලිම් චන්ද කියන එක බදුල්ලෙත් ඕකම තමා උනේ. එජාපෙට සිංහල ඡන්ද දිනාගන්න බැරි තාක්කල් ආණ්ඩු පෙරලිල්ලක් ගැන හිතන්න අමාරුයි. (නදී)
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය ලබාගත් දැවැන්ත ජය ඉවසා ගැනිමට බැරි මිනිසුන් ඉන්නබව පේනවා. ඡන්දෙට දින දෙකකට කලින් විදුලි බිල, තෙල් මිල අඩුකර රුපියල් 2500,බැගින් මුදලින් ලබාදි ආණ්ඩුව ලබාගත්තේ ආසන 2 ට වැඩි බලයකි. එක්සත් ජාතික පක්ෂය ඉදිරියට එ්ම සමස්ත ශ්‍රි ලාංකීකයන් ලබපු ජයක්. (නදී)
උපරිම භීෂණය දියත් කරලා, උපරිම දන්සල් දීලත්, උපරිම සහායක බල අැනි කොලඹින් පිටත් කරලා යවලත් මෙච්චරද ඡන්ද ගන්න ලැබුනේ. (නදී)
ඌව ජනතාව නම් ගොඩේ ගොඩ වුණා. දැන් ඉතින් හාල් හුන්ඩුවක් මුරුංග කොලත් එක්ක ලිපේ තියල දරු පවුලත් එක්ක ඉදෙනකම් වට වෙලා බලන් ඉන්න වෙන්නේ නැහැ. ඕලු අල හාරලා වේල පිරි මහගන්න වෙන්නේත් නැහැ. පුවත්පත් වලින් ආදාර ඉල්ලලා වැද වැටෙන්න ඕන වෙන්නෙත් නැහැ. සුකිත මුදිත ජීවිතයක් ලබන්න තව වසර 5 කට කතිරේ ගහලයි තියෙන්නේ. (නදී)
බන්දුල පෙරේරා, ආණ්ඩුව යාන්තම් ජාමේ බේර ගත්තේ බිබිල, වැල්ලවාය වගේ දුෂ්කර පලාත්වල ඉන්න ඔයා වගේ නුගත් ඡන්ද දායකයින් නිසා. මේක රාජ්‍ය බලය මැද එජාපය ලැබූ විශිෂ්ට ජයක්. (නදී)
ආණ්ඩුව දැන්වත් 17 වැනි සංසෝදනය බලාත්මත කළ යුතුයි. යහ පාලනය ජාතික මැතිවරණයකට පෙර ක්‍රියාවෙන් පෙන්විය යතුයි. හොර මගෝඩි කොමිස් ගහපු අයව එළවිය යුතුයි. අල්ලස් කොමිසම යලි සක්‍රිය කල යුතුයි. පාරට තාර දැම්මට වැඩක් නැහැ මිනිස්සුන්ව පාගා ගෙන මැරයෝ, කුඩු කාරයෝ, කසිප්පු මුදලාලිලා, ගනිකා නිවාස, ඒවායේ අයිති කාරයෝ විතරක් ආරක්ෂා වෙනවා නම්. අපිට කන්ඩ විතරක් නෙවේ සාදාරන යුක්ති සහගත සමාජයක් අැවැසියි. ප්‍රේමදාසවත් එලෙව්වා නම් අනිත් අය ලොකු කජ්ජක් නෙවේ. සාදාරන පාලන ක්‍රමයක් ඇති කලොත් අපී ඡන්දෙ පමණක් නොව පුර්ණ සහයෝගය දෙනවා. තව මාස කිහිපයක් කල් තියෙනවා. අපි තවමත් ඔබ සමගයි (නදී)
මෙවර ඌව මැතිවරණයෙන් එජාපය ය යම් වර්ධනයක් පෙන්නුම් කරන බැව් සැබෑව. නමුත් මිනිසුන් ඔවුන්ට එතරම් ජනවරමක් දුන්නේ එජපයට ඇති කැමැත්ත නිසා නොව පැවති පාලක පක්ෂය සමග ඇති වූ අප්‍රසාදයට පලිගැනීමක් වශයෙනුයි. එය එජාපය තේරුම් ගැනිම ඉතාම වැදගත්. (නදී)
අදහස් දාන කට්ටියගේ මනස දැන් ගොඩක් දියුණු වෙලානේ. බලන්නකෝ අදහස් වල ලස්සන. එ් නිසා මම මොකුත් ලියන්නේ නැහැ (නදී)
මට ඡන්දෙ දෙන්න ලැබුණු දවසේ ඉදන්ම මම ඡන්දෙ දුන්නේ පොදු පෙරමුණ ඇතුළු සන්ධානෙට. එ්ත් මේ විදියට ආණ්ඩුවට ඡන්දෙ නොලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි. මොකද යුද්දේ නිම කරලා මිනිස්සුන්ට ටිකක් සහනයක් දෙන්න තිබ්බා ආණ්ඩුවට. එ්ත් එයාල එ්ක කරේ නැ. දැන් හරි ටිකක් ජීවත් වෙන්න සහනයක් දෙනවා නං හොඳයි. නාස්තිය ටිකක් අඩු කරලා.(නදී)
මේවට ඡන්ද කියල කියන්නේ බන්දුල පෙරේරා වගේ "මොළ හෝදපු" කට්ටිය විතරයි. 1 වෙද්දී 40% ක් වැටුනා කියපු ඡන්ද ප්‍රතිසතය මෙන්න 3 න වෙද්දී 73% ක් වෙලා. පොල්ලක් අරන් ගෙවල් වල හිටපු උදවිය එක්කගෙන ආවත් 33% ක් පැය දෙකක් වැනි කාලෙකදී ගෙන්වා ගන්න පුලුවන්ද? (නදී)
වසන්ත, ඒ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. එ්ක තේරුම් ගන්නවත් මොලයක් නැද්ද? (නදී)
බන්දුල පෙරේරාගේ සහ යුසුප් ගේ අදහස් වලට මමද එකග වෙමි (නදී)
රජය දැන්වත් දුප්පත් මිනිස්සුන්ට වැඩ කරන්න කියලා හිතට ගන්න. ලංකාවේ හැමෝම සල්ලි කාරායෝ නෙවෙයි. කාර් රේෂ්, මියුසිකල් ආදිය එපා. බොරු වැඩ ආය එපා. මිනිස්සු මොඩ නෑ. ඉදිරියේදි පාඩමක් උගන්වයි. (නදී)
සහතිකවම ආණ්ඩුවේ විශාල පසුබැසීමක් ඌව මැතිවරණයෙන් පෙන්නුම් කරනවා. 73% ප්‍රතිශතය 51% දක්වා අඩුවීම විශාල වෙනසක්. මම හිතන්නෙ එ ජා පක්ෂයට ඡන්ද වැඩිවීමට විශාල හේතුවක් උනේ ජේ වී පී කල දේශපාලන විග්‍රාහයන් කියලයි. සමන්ත, අනුර කුමාර වගේ අය තමා ආණ්ඩුවේ ඡන්ද විපක්ෂයට අරගෙන දුන්නේ. කෙනෙකුට අහන්න පුළුවන් ඇයි ඡන්ද දායකයා ජේ වී පියට ඡන්දය නොදමා යු එන්පියට දුන්නෙ කියලා. මෙතන තරගෙ තිබුනෙ ප්‍රධාන පක්ෂ දෙක අතර නිසා වැඩි දෙනෙක් පෙළබෙන්නෙ ඒ දෙකින් එකකට ඡන්දය දෙන්න මිසක් පොඩි පක්ෂයකට ඡන්දෙ දෙන්න නෙවෙයි. අවසාන මොහොත දක්වා ආණ්ඩුව කලේ බඩු භාහිරාදිය බෙදපු එකයි, නොයෙකුත් වයාපෘති ජනාධිපතිතුමා ලවා ඌව පලාතෙ ආරම්බ කරපු එකයි. තව ලයිට් බිල, ඉන්ධන මිල ඡන්දය සදහා අඩු කරපු එකයි. ඉතින් ආණ්ඩුව හිතනවා නම් මේ හැම දෙයක්ම කරලත් ගිය වරට වඩා 20% ගානක් අඩු උන එක ජයග්‍රනයක් කියලා ඒක ඉතින් හුඳු මන්ද බුද්ධික සතුටක්ම තමයි. (නදී)
විශාල ජයක් කියල හිතන්න අපහසුයි ජනාධිපතිවරණයේදී මීටත් වඩා පසුබෑමකට රජය ලක් වෙනවා.මමත් පවතින රජය සමග සිටින කෙනෙක්.පොදු ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගෙන වැඩ නොකොළොත් විපක්ෂය ඉදිරියට යාවි කියල මට හිතෙනවා.(අ)
අවංකවම මම මේ ප්‍රතිපලය ගැන සතුටු වෙනවා. හේතුව රජයට ජනතාව හොඳ පණිවිඩයක් දීල තියනවා උඹලගේ වංචා දුෂණ නැවත්තුවේ නැත්නම් උඹලගේ අවසානය ලඟයි කියලා. මින් පෙර රජය හිතුවේ මොන වැඩක් කලත් ජනතාව ගොන්නු වගේ එයාලව දිනවයි කියලා. දැන් එක්කෝ ඉදිරි කාලේ ජනතාවාදීව ක්‍රියාකරලා බලය රඳවා ගන්නවද නැත්නම් වටේ ඉන්න හොරු ටික තවත් ලංකරගන විනාශයට යනවද රජය දැන් හිතිය යුතුයි (නදී)
යුසුෆ් මහතාණෙනි, ඔබේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරුකරමි. නමුත් ඔබ තේරුම් නොගත් පැත්තක්ද රටේ ඇත. එම නිසා ඔබතුමා කියන ඔය අධිවේගී මාර්ගයේම ගමකට ගිහින් කම්කරු වැටුපකින් මාස කිහිපයක් ගත කරන්න. එවිට ඇත්ත ඔබට තේරුම් යාවි. ඒ වගේම මාස කිහිපයකින් ඔබේ බර අඩුවෙද්දී තව සමහරකගේ වැඩිවෙන තරබාරුකම ගැනත් ටිකක් හිතන්න. (නදී)
හැමෝම අමතක කරනවා තමනුත් ඡන්දදායකයෝ බව. මේ බ්ලොග් වලට ලියන කොට. මෙතන කොමෙන්ට්ස් දාන කීප දෙනෙක්ම කුලියට ලියන කට්ටිය බව ලියන දේ වලින් පේනවා. ඒ වගේම මේ වගේ බ්ලොග් එකකට ලියල රටක සිදුවන දේශපාලන වෙනස්වීම් වෙනස් කරන්න බැරි බව බන්දුල නමින් කුලියට ලියන තැනැත්තා තේරුම් ගත යුතයි. (නදී)
යූසුප්, ඔයා ඹය හිතන කියන දේ මේ ගොල්ලන්ගෙන් ඉටු වෙන්නේ නෑ. ඒක හොදට තේරුම් ගන්න. (නදී)
මහා මැතිවරණයක් එනකන් අපිත් බලන් ඉන්නේ. දෙනවා ගෙදරම යන්න (නදී)
කවුරු වුණත් වැඩ කරනවා නම් ඡන්දෙ දිනන එක පහසුයි. ජනතාව ඇත්තටම බුද්ධිමත්. එයාලව රවට්ටනවා කියන එක බොරු. ඌවට ආණ්ඩුව වැඩ කළා මදි. ඒක පිළිගෙන ජන විඥානයට වැටහෙන්න දෙයක් කළොත් ආණ්ඩුව ඊළඟට එන මහා මැතිවරණය දිනයි. (නි)
එජාපෙට සිංහල ඡන්ද දිනාගන්න බැරි තාක්කල් ආණ්ඩු පෙරලිල්ලක් ගැන හිතන්න අමාරුයි. (ස)
තනි පක්ෂයක් ලෙස 40% ඉක්මවා ඡන්ද ලබා ගත් නිසා ඉදිරි මැතිවරණය යු.එන්.පියට දිනන්න පුලුවන් (නදී)
ප්‍රථිපල දිහා බැලුවහම පේන්නේ ආණ්ඩුවට ඡන්ද අඩුවෙලා. විපක්ෂයට ඡන්ද වැඩිවෙලා. මේක රතු එලියක්ද නැත්නම් කොළ එලියක්ද ? (නදී)
අවුරුදු 30 ක යුද්දයේ අදුරු මතකයන් තවමත් මතකයේ ඇති ජනතාවක් ලංකාවේ කොතනත් සිටිනවා. එ්කයි මේ ජයග්ග්‍රහණයේ තේරුම. ආණ්ඩුව මේ බව තේරුම් අරගෙන කටයුතු නොකලොත් ඉදිරියේදී ප්‍රතිපල වෙනස් වේවි (නදී)
අපේ රටට කොහොම හරි හොඳ දෙයක් වෙනවනම් ඒ හොඳටම ඇති , සමානාත්මතාවය යි වැදගත් ,, බලය කාට ලැබුනත් කමක් නැ, රට අගාදයට නොයනවානම් . සුභපැතුම් පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රී වරුන්ට ,,(ස)
එරංග ගුණවර්ධන මහතාණනි, ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයනට අනුව 2012 දී බදුල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 5.7% කි. එනම් 45,886 යි. මුස්ලිම් ලියා පදිංචි ඡන්ද සංඛ්‍යාවද මිට වඩා අඩුය. නමුත්, එ ජා පයට මෙවර ඡන්ද 197708 ක් ලැබී තිබේ. ඔබේ තර්කයේ කිසිදු පදනමක් නැත. (නදී)
හැම කෝමෙන්ට් එකක්ම කියෙව්වම තේරෙන්නේ හැමෝම පිලිගන්නවා ඌව ඡන්දය අනාගෙන කියලා. කොහොම උනත් හරීන් තමයි වීරයා. අපි දැනන් හිටියා වගේම හරීනුත් දැනන් ඉන්න ඇති මේක තමයි ප්‍රතිපලේ කියලා. නමුත් දේශපාලනේ පෙනෙන දේට වැඩිය දකින දෙයක් තියෙනවා.
මොලේ කල්පනා කරලා ඡන්දය දුන්නු අයට ස්තුති ............! හරීන් ඔබට සුබ අනාගතයක් ...............!'' (ස)
මගේ අදහස නම් ඌවේ ජනතාව හරිම බුද්ධිමත්. රජය මහා ලොකුවට දිනවලත් නැහැ විපක්ෂය ලොකුවට පැරදිලත් නැහැ. රජය වගේම විපක්ෂයත් තේරුම්ගන්න ඕනෑ ජනතාව හිතන තරම් මෝඩයින් නෙමෙයි කියලා. දෙගොල්ලොම ජනතාව වෙනුවෙන් වැඩ කළේ නැත්තම් මේ වගේ ප්‍රතිඵල තමයි හැමදාම ගන්න වෙන්නේ. විපක්ෂයට දිනන්න වෙන්නෙත් නැහැ, රජයට ඊළඟ මැතිවරණ වලදී දිනන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන්නෙත් නැහැ (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, සන්ධාන බලය මේ රටේ තියෙන්නේ 94 ඉදන්ද? එතකොට 2001 සිට 2004 මුල දක්වා තිබුන බහුතර බලය මොකක්ද? අනික් කරුණු සම්බන්දයෙන් නම් තරමක් දුරට එකඟ විය හැකියි. හැබැයි, ස්වභාවිකව ඡන්ද බලය අඩු වූ බව පිලිගත නොහැක. වඩා නිවැරදි තක්සේරුව වන්නේ ජනතාව, සමහර ආණ්ඩුවේ දේශපානඥයින් ගැන කල කිරි ඇති බවයි.(නදී)
අපි අපේ ගමන යන්නම් ඔන්න බන්දුලගේ බල්ලා මල්ලෙන් එලියට පැන්නෝ. මම කලිනුත් කිව්වා බන්දුල ආණ්ඩුවට කඩේ යන කෙනෙක් කියලා. (නදී)
මම යූ.එන්. පී. පාක්ෂිකයෙක් නෙවෙයි. නමුත් හරින් ගේ උත්සාහය අගය කරනවා . ඔහු පැරදුනත් සටනක් දුන්න . 25% සිට 44% තෙක් ඡන්ද වර්ධනය කර දුන්න. නිදා සිටි යූ.එන්.පී. යට ඔක්සිජන් දුන්න . දයාසිරි වගේ වාසි පිලට පැන්නේ නැහැ . අමාරු තැන සිට තරඟ කළා .
මේක රජයට තමන්ගැන නිරහංකාරව තක්සේරුවක් කරන්න හොඳම අවස්ථාව. මුලු රටේම මතය තමයි මේක. ඊනියා සංවර්ධනය නවත්තලා රටේ නිෂ්පාදන ආර්ථිකයක් හැදුවා නම් මෙහෙම වෙන්නේ නැහැ (නදී)
ලම්බෝගිනි ටැක්ස් ගැන ආයේ හිතන්න කාලේ ඇවිත් . ඒවා අත්තනෝමතික වැඩ (නදී)
බන්දුල පෙරේරාගේ අදහස නම් මසුරන් වටිනවා රජයට ඉදිරියට යන්න ඕනා නම් (නදී)
කෝ අර මහලොකුවට කෑගහපු කුමාරවරු එහෙම? දැන් තේරෙනවා නේද සද්දේ විතරයි බෙරය වගේ කියලා. මැද හිස්. ගතයුත්තක් ඇත්තෙම නැහැ. (නි)
උදිත බස්නායක, අදහසට බොහොම ස්තුතියි. නමුත් ඔබේ අදහසට 100% එකඟ වෙන්න අමාරුයි. රටේ උගත් අයගෙන් වැඩි හරියක් ගමෙන් ඉගෙනගත් අය වෙන්න ඇති. හැබැයි එහෙම අය බොහෝවිට ගමේ රැඳෙන්නේ නැහැ. එහෙම හිටියත් ප්‍රතිශතයක් විදියට බොහොම අඩුයි. ගමේ ජනතාවට හොඳ අයට වෙන්න ඇති ඡන්දෙ දෙන්න ඇත්තේ. හැබයි හොඳයි කියලා තෝරගත්තේ කොහොමද කියලයි ගැටලුව තියෙන්නේ. ඒ වගේම ඒ අය මම කැමති පාර්ශවයකට ඡන්දය දීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. (නි)
පෙරහර පටන් ගත්තා. කසකාරයා ඌව පළාතෙන්. පෙරහර දිගටම යන බව සිකුරුයි වගේ. (නි)
ඇත්තටම කියන්න ඕනෑ, එක්සත් ජාතික පාක්ෂිකයෝ හොඳ ආරම්භයක් ඌව පළාතෙන් පටන් අරගෙන තියෙනවා. කොහොම වෙතත් ආණ්ඩුවේ කඩාවැටීම මෙතනින් ආරම්භ වුණා කියන්න පුළුවන්. ඇත්තටම රටට වෙනසක් ඕනෑ කාලය එළඹිලා කියන්න පුළුවන්. (නි)
දේශපාලනය කියන්නේ එකතරා සුදුවක්. දිනුම පැරදුම නියතයි. එක එක්කෙනා සිටින සිතන විදියට ඔට්ටු ඇල්ලීමක් වගෙයි ඡන්දය දැමීමත් (නි)
ජනතාව බුද්ධිමත් නමුත් දැක්ම අන්ධයි (නි)
එරංග මහත්තයෝ, යථාර්තය ඕක තමයි. ඔබ තුමා හොදින් අවශ්‍ය දේ පැහැදිලි කරලා තියෙනවා. උඩ තියෙන සිතියම බලන්න. කවුද කාවද දිනාගෙන තියෙන්නේ කියලා. සිංහල ජනතාව දිනා නොගෙන බෞද්ධ ඡන්ද ආකර්ෂණය කර නොගෙන මහින්ද මහත්තයව පරද්දන එක හීනයක් පමණයි. (නදී)
රජය ලබාගත් ප්‍රතිඵල ගැන මම නම් සෑහීමකට පත්වෙන්නේ නැහැ. (නි)
චිනයෙනුත් ලොකුම නායකයා ගෙන්නුවා. ජපානයෙනුත් ලොකුම නායකයා ගෙන්වලා ඒ අය අපත් සමග ඉන්නවා කියල අපේ පලාතේ ඡන්දෙ ගත්ත ද උදුරගත්තද කල්පනා කරන්න කාලේ ඇවිත්. (නදී)
මේ ප්‍රතිපයලට මම ගොඩක් කැමතියි මොකද එක්සත් ජාතික පක්ෂයේ පිබිදීම සහ සන්දානයට රතු එළියක් පෙනීම කියන දෙකම වැදගත් වෙනවා. රටක් හරියට පාලනය කරන්න ඕනෙ නම් රටකට ප්‍රබල විපක්ෂයක් තියෙන්නේ ඕනේ දැන් ඔය ප්‍රතිපලයෙන් යම් තාක් දුරට විපක්ෂය පලබර වෙලා තියෙනවා. එහෙම වෙන එක ගොඩක් හොදයි නැත්තම් රජය පාලු ගෙයි වලන් බිදිනවා වගේ පාලනය කරගෙන යයි (නදී)
ආණ්ඩුවට සැහෙන බලපෑමක් වෙලා. ආණ්ඩුවට ගොඩක් දේවල් හිතන්න වෙලා. ලබන ඡන්දෙදි මිනිස්සු වෙනුවෙන් දේවල් ගොඩක් දේ කරන්න වේවි. (නදී)
ඡන්ද වැඩිවීමේ ප්‍රවණතාවය ඇත්තේ විපක්ෂය දෙසටය. (නි)
සමන්ත දකුණේ කරපු සංවර්දනෙන් අපිට නම් හොඳක් වෙන්නේ නැහැ. දක්ෂිණ අදිවේගෙන් ලැබෙන ආදායම යන්නේ චීනෙට. පහුගියදා නොරොච්චෝලේ චීනෙට දුන්න අපි ආඩම්බර වෙන්න ඕනද නැද්ද කියල ඔයාම හිතල බලන්න. පාරවල් හදන කොන්ත්‍රාත් එක්ක ගන්නේ කවුද කියල ටිකක් හොයල බලන්න ඕකටද සංවර්දනේ කියන්නේ. අනික ලංකාව පුරාම තිබුන වලව් ටිකත් කවුදෝ මන්දා අරගෙන අනේ මන්දා මේ සැරේ විපක්ෂය අාපු දුර හොඳටම ඇති. ෆොන්සේකා මහත්තයාට වුන දේ ගැන නම් කනගාටු වෙනවා. (නදී)
මීට පස්සේ පත්තර කාටූන්වල කෙට්ටු අලියාගේ රූපේ අඳින්න බැහැ (නදී)
බන්දුලගේ බන හිතුවොත් ඔහොම තමයි. නමුත් ලංකාවේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා නිසා ප්‍රස්නයක් වෙන එකක් නැහැ. (නදී)
ප්‍රනීත් මෝඩ කතා කියන්න එපා. ඌවෙන් තමයි මෙහෙම හරි පාඩමක් ආණ්ඩුවට ඉගැන්නුවේ. මහා ලොකු උගත්තු ඉන්න අනිත් පළාත් වලින් දින්නේ උඩින්ම (උතුර හැර). (නදී)
කොහොමත් හරීන් තමයි දිනන්න ඕනෑ. හොර ඡන්ද දාලා බොරු දාලා කවදාවත් දිනන්න බැහැ. (නි)
සියලු ඡන්ද ප්‍රතිඵල පැහැදිලිව පළකළාට ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)
බන්දුල, කට වහගන්න. ප්‍රනීත්, ඔයා හරියටම හරි. හැබැයි ඔය ටික බන්දුලට තේරෙන්නේ නැහැ. (නි)
මෙහෙම ප්‍රතිපලයක්වත් ලැබීම සතුටු වියයුතු කරුණක්. නුලෙන් බේරුණා කියන්නේ මේවට තමයි. අපේ රටේ නායකයානන් මේ ගැන දැන් සිතා බලා ඇතැයි සිතමි. කුමන දේශපාලන පක්ෂයකටත් හිසත් හිතත් නොනමා මම කියන්නේ මෙම ප්‍රතිපලය, ජනපතිතුමාගේ හිත හොඳකම, එතුමා අවට ඉන්නා ගරානා ගෘප් එක විසින් ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රියාවේ අනියම් ප්‍රතිපලයක් කියාය. සිදුවන දේ ඇතුළත රහස් සේ සිතුවත් මහජනයා සියල්ල දනිති. මහජනයා අමාරුවෙන් දිවි ගෙවද්දී " අද දුප්පත් කමින් බඩගින්නෙන් කිසිවෙක් මියගියේ නැහැ. ." යි කියන තරමට නායකයින් මානසික ව්‍යාධියෙන් පේලි සිටිති. ඒ අහිංසක ජනතාව කල් යල් බලා රජයට දැන්වූ පණිවිඩය අද හෙළිවූ චන්ද ප්‍රතිපලයෙන් පැහැදිලිවේ. ජනපතිතුමනි, ඉදිරියටත් ඔබතුමාගේම රජයක් තුළින් රටට නියම සංවර්ධනයක් කරන්නට සිතනවා නම්, දිළිඳුකම පිටු දැකීමට අවංක උත්සාහයක නියැලෙන ගෞරවනීය ඇමතිවරුන් 25 ක් සහ නිලධාරිවාදය අයින් කල ප්‍රඥාවන්ත සේවක කණ්ඩායමක් සමග ඊළඟ ජනාධිපතිවරණයට සුදානම් වන්න. මිනිසා ජිවත් කරවා ඔහුට අධි වේගී මාර්ගය උපයෝගී කර ගන්නට කියා දෙන්න. ඡන්ද අඩුවීම සමස්ත පළාත් සභාවේ සහ අදාළ ප්‍රදේශවල රජයේ ඇමති මන්ත්‍රී වරුන්ගේ "වටිනා සේවය" බව කාටත් අවබෝධ වේ. (නදී)
බදුල්ල දිස්ත්‍රිකයේ ජනතාව ආණ්ඩුවට හොඳ රතු එළියක් දීල තියනවා. මුළු ආණ්ඩු කාලය තුලම අමතකම කරලා දාපු පළාතක්. බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, මධ්‍යම, වාගේ පළාත් වල කරන සංවර්දන ක්‍රියා වලින් 1% වත් මේ පළාතේ කරලා නැහැ. මෙහි කර ඇති උපරිම සංවර්දන ක්‍රියාවලිය එක්කෝ බස් නැවතුමක්, පොදු වැසිකිලියක් හෝ පාසලෙකට ලැබ් එකක් දීම පමනයි. (ඇතැම් පාරවල් කීපයක් සෑදීමට අමතරව). ඒකත් ඡන්දෙට දින කීපයක් තිබියදිය්. මේ පළාත් ගැන දැන්වත් බැලුවේ නැත්නම් ජනාධිපතිවරණයකදී තත්වය මීටත් දරුණු වේවි. (නදී)
බෝනස් 2 හැර ආණ්ඩුවට ඇත්තේ වැඩිපුර 2 යි. විශ්ලේෂණයක් කලොත් විපක්ෂයේ පිබිදීමක් ඇත. ඉදිරිය අවිනිශ්චිතයි රාජ්‍ය බලය යොදවලත් ලබාගත්තේ මේ සුළු ජයග්‍රහණය නම් සමස්ත මැතිවරණයකදී රට පුරාම ප්‍රතිපලය කුමක් වෙයිද? (නදී)
අවසාන ප්‍රතිපලය ඕක කියන එක මොන්ටිසෝරි ළමයි පවා දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර බලය. 2009 යුද ජයග්‍රහණයත් සමග ලැබුණු ප්‍රභෝධය 2014 දී බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ප්‍රතිපලය සසදන්න ඕන 2009 ට පෙර මැතිවරණයත් එක්ක. ඕනෑම රජයක් කාලයත් සමග පිරිහෙනවා. මොන දේ ජනතාවට දුන්නත් ජනතාවට වෙනසක් දකින්න ආස හිතෙනවා. එ්කේ ප්‍රතිපලය ස්වාභාවිකවම ඡන්ද ප්‍රතිශතය අඩු වීම. සන්ධාන බලය මේ රටේ තියෙන්නේ 94 ඉදන්. ඒ කියන්නේ වසර 20 ක්. ඉදිරි දශකයත් මේ රටේ පාලන බලය සන්ධානය බව අකමැත්තෙන් උනත් පිලි ගන්න වෙනවා. මම සන්ධාන සාමාජිකයෙක් නෙමෙයි. මම ගරු කරන්නේ ජනාධිපති තුමාට පමණයි. මේ රජයේ ඉන්න හොරු මංකොල්ල කාරයෝ දුශිතයෝ එලවල පක්ෂය සුද්ධ කලේ නැත්නම් දොළ පිදේනි ඉල්ලන යක්කු එලෙව්වේ නැත්නම් මිනිස්සු පතන වෙනස දුන්නේ නැත්නම් ජනධිපති තුමාට ඉදිරිය අසීරු වේවි. ඉදිරියේ ලග ලගම ජනාධිපතිවරණයක් එනවා. එ්කෙන් ලබනා ජයග්‍රහණයත් සමග ඉදිරි මහා මැතිවරණයේදී ජනතාව හිතන පතන දේ අවබෝධ කරගෙන හැකිතාක් චෝදනාවනට ලක් නොවුණු වැඩක් කල හැකි පුද්ගලයින්ට තැනක් දීල වන්දි භට්ටයෝ, දුශිතයෝ,නාකි මැන්ටල්,පෙඩරල් පප්පෝ එලවල දාල කටයුතු කලොත් ජනධිපති තුමා සමග අද වගේම හෙටටත් මේ රටට සැබෑ ලෙස ආදරය කරන මිනිස්සු රැදිලා හිදිවී. (නදී)
මේකෙන් පෙනී යන්නේ ඈත ගම්බද පළාත් වල මිනිසුන්ගේ ඡන්දය පාවිච්චි කිරිමේ දැනුමයි. අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වල බහුතරය එදා වෙලා හම්බ කරගෙන ජීවත් වන නිසා සහ ඔවුන්ට රටේ ආර්ථිකය නගා සිටුවීම සහ දුෂණය නැති කිරීමට අවශ්‍යතාවයක් නැති වීමයි . පොඩ්ඩක් පපුවට ගහගෙන ලස්සන කටවුට් දෙකක් ගැහැව්වා නම් ඡන්ද ටික නිකන්ම ගන්න පුළුවන් බව පාලකයන් දන්නවා. එ්ක නිසා අපේ රටේ නුගතුන් සිටින තාක් කල් පාර්ලිමේන්තුව හොරුන්ගෙන් සහ මැරයන්ගෙන් පිරිච්ච තැනක් වේවි. (නදී)
අයියෝ හරින් නිකන් ඇන ගත්ත නේද? ඕක අපි කලින්ම ඔයාට කිව්වා. ඔයා නිකන් දයාසිරි වෙන්න ගියා. ලනු කාල අන්තිමේ පාර්ලිමේන්තු මන්ත්‍රී කමත් නැතිකරගත්තා. පළාත් සභා විපක්ෂ නායක උනා නේද? (නදී)
විපක්ෂය තේරුම්ගත යුතුයි දේශපාලනය කියන්නේ හැබෑ ජනතා අවශ්‍යතාවය මිසක් කෙසේ හෝ බලය ලබා ගැනීම නෙමෙයි කියලා (නදී)
පව් අනේ හරින් (නදී)
අප හිතුව ප්‍රතිඵල වල ලොකු වෙනසක් නැහැ. දැන් ඉතින් අරක වුණා මේක වුණා කිවුවට වැඩකුත් නැහැ. (නි)
ඔහොම යමු... ඔහොම යමු... ආශ්චර්යය අතළඟයි. (නි)
ආණ්ඩුවට ජයවේවා! ඡන්ද අඩුවුණාට ආණ්ඩුව දිනුවනේ! ජයවේවා ජනාධිපතිතුමනි! (නි)
මහා බුද්ධිමතෙකු වන ප්‍රනීත් ගැන ගැමියෙකු ලෙස මම කණගාටු වෙමි. නලින් සහ බන්දුල පෙරේරාගේ අදහස් වලට ගරුකරමි. (නි)
මහින්ද ජනපතිගේ ජනප්‍රියත්වය අඩුවීමක් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ හෙන්චයියන් විසින් කරන බොහෝ ජඩ වැඩ නිසාය. දැන්වත් මේ කැලේ ගස් ටික කපන, වන සත්තුන් මරණ වැවු තාවුලු අයිති කරගෙන හෝටල් හදන පිස්සු හැදිච්ච ප්‍රාදේශීය ලොක්කන් කියා ගන්නන් පිටු දැකිය යුතුය. නැත්නම් ඉතින් ඔබ තුමාටත් අබ සරණයි තමයි. (නදී)
සමන් වසන්ත, ග්‍රාමීය ජනතාව ගැන එහෙම හිතන්න එපා. රටේ උගත් අය වැඩි හරියක් ගමෙන් ඉගෙනගෙන උගත්තු වුනු අය. ඒ පළාතේ ගොඩක් ඉන්නේ ගොවියෝ. ඒ අයට ආණ්ඩුව හොද නිසා ඒ අය ඡන්දෙ දුන්නේ. ඡන්දෙ කියන්නේ තමන්ට ඕන කෙනෙකුට කැමැත්ත දෙන දෙයක්. ඔයාට ඕන අයට ඒ අය ඡන්දෙ දෙන්නේ නෑ. සැමියාගේ නම දන්නේ නැත්තේ ග්‍රාමීය ජනතාව කතාකරන්නේ "මගේ මහත්තයා" කියල මිසක් ඔයාලා වගේ නම කියල නෙවේ. ඒ තමාගේ සැමියාට තියෙන ගෞරවයට. ඒ අයට ආර්ථිකය ගැන හොදට තේරෙනවා. එ්ක තමා එයාලට වැඩක් ගන්න පුළුවන් පැත්තට ඡන්දෙ දුන්නේ. (නදී)
"විපක්ෂය තේරුම්ගත යුතුයි දේශපාලනය කියන්නේ හැබෑ ජනතා අවශ්‍යතාවය මිසක් කෙසේ හෝ බලය ලබා ගැනීම නෙමෙයි කියලා" ඉතින් ඕක අර බලයේ ඉන්න අය තේරුම් අරගෙන තිබෙනවද? පාවිච්චියට ගෙනා වාහන විකුණා ගන්න කීවේ හැබෑ ජනතා අවශ්‍යතාවය ද? මජනයාගේ වරිපනම් බදුවලින් තායිලන්තයට යන්න කීවේ හැබෑ ජනතා අවශ්‍යතාවය ද? කිවයුතු දේ බොහෝමයි නමුත් කාටද ? (නදී)
ප්‍රගීත්, සමන් අපිත් හිතුවේ එහෙමයි. නමුත් දැන් ජනතාව බුද්ධිමත් වෙලා වගේ. දිළිඳු කමෙන් ඉදිරියෙන්ම සිටින ජනතාව ජීවත් වෙන පළාතේ ප්‍රතිඑලය මෙහෙම නම්. බලමුකෝ ලංකාවේ අනෙකුත් පලාත්වල ජීවත් වන අය අනාගතේදී මොන වගේ තීන්දුවක් ගනියිද කියලා. එක්සත් ජාතික පක්ෂයට දැන් තිබෙන්නේ වාද භේද ඉවතලා පක්ෂයක් හැටියට ශක්තිමත් වෙන්න. මත ගැටුම් හේතුවෙන් පක්ෂය හැර ගිය ප්‍රබලයන්ව නැවත ගෙන්වා ගැනීමට ක්‍රියා කිරීම. නායකත්වයේ ඇති දුර්වල තාවයන් නිවැරදි කරගැනීම වගේ දේවල්. (නදී)
රජය අධිවේගි මාර්ග හැදුවම එ්කෙන් වාසිය ආදායම නෙවෙයි. අපේ ගමන ඉක්මන් වෙන එක. සමහරු රජය නුලෙන් බේරිලා කියනවා. ආසන 12කින් 09ක් දිනනවා කියන්නෙ නූලෙන් බේරීමක්ද? කරුනාජීව මහත්තයා වගේ කොටසක් ලයිස්තුත් හදල තිබුනා දිනුවම පලිගන්න. විපක්‍ෂය කරන්න පුළුවන් සියල්ල කලා. සියල්ල කරලා ගත්ත උපරිම ප්‍රථිපලය තමයි මේක. දැන් ඉතිං මැ.කො. පිටදාලා හැංගෙන්න බලනවා ඇති. (නදී)
යු.එන්.පී එකට එච්චර අමාරු නැහැ තව ටිකක් මහන්සි වෙන්න ඕනා. හොඳ උත්සහයක් බැරි නැහැ. හරියට මිනිස්සුන්ට වැඩ කරන්න. ඡන්දෙ කාලෙට විතරක් දඟලන්න එපා. (නදී)
කවුරු කොහොම කීවත් ආණ්ඩුවට රතු එලියක් නම් වැටිලා නැහැ. කහ එලියක් නම් පෙනෙනවා. ආණ්ඩුව ඔය යන ගමන ඔය විදිහටම ගියොත් රතු එලිය වැටෙයි. වටපිට බලල ඉවසීමෙන් යා යුතු මග සොයා ගත්තොත් කොළ එලිය වැටෙයි. විපක්ෂයටත් කිව යුත්තේ ඒ ටිකම තමයි. ලද දෙයින් උද්දාමයට පත්වෙලා උඩ පැන්නොත් රතු එලිය වැටිලා විසාල අනතුරකට මුහුණපායි. හරි මග තෝර ගත්තොත් කොළ එලිය දීප්තිමත්ව වැටෙයි. නගරයේ බොරු සෝබන වලට වහල් වෙලා තම ආර්ථිකයට නොගැළපෙන ජීවිත ගත කරන අය ගමේ අල්පේච්ච ජීවිත ගත කරන ගැමියා නූගත් ලෙස හැදින්වීම මහා පාපයක්. (නදී)
මෙතන මහා දිගට අදහස් දාල මොලයක් නැතුව කඩේ යන පිරිස දැක්කම මොනරාගල ජනතාව ඡන්දෙ දාපු විදිය ගැන පුදුම වෙන්න දෙයක් නෑ. බන්දුල පෙරේරා වගේ මහත්තුරු ගැන හරිම දුකක් තියෙන්නේ. අපිට බන්දුල පෙරේරා මහත්තයට වගේ කිසිම දේශපාලකයෙක් ගැන විශේෂ ආදරයක් වත් වෛරයක් වත් නෑ. අපි හිතන්නේ රට ගැන. නමුත් බහුතරයක් ජනතාවට රට ගැන තමන්ගේ දරුවොන්ගේ අනාගතය ගැන හිතන්න බැරි වීම සහ එයට බුද්දියක් නැති වීම ගැන කණගාටු වෙනවා (නදී)
නලින් ඔබ හරි . මේ ප්‍රතිපලයත් සමග හරි වැරැද්ද නොසොයා තීරණ ගැනීම සම්බන්දව දෙවරක් සිතන්න වේවි. (නදී)
මුළු ලංකාෙවෙම ඉන්නේ පටු අදහස් තියෙන මිනිස්සු කොට්ටාසයක්. මොකද මැතිවරණ කීයක් තිබුනද මේ අවුරුද්දට. ඒ හැම එකක්ම රජය දිනුවා. (නදී)
ප්‍රනීත්ගේ ප‍්‍රතිචාරයට මම ගොඩක් කැමතියි (නි)
මම නම් හිතුවේ රජයේ සංවර්ධන වැඩ ගැන කියන හැටියට ඌවෙන් එක්සත් ජාතික පක්ෂයට ඇපත් නැතුව යාවි කියලා. (නි)
පළමුවෙන්ම කියන්න ඕන මේක ජනතාවගේ හෝ රටේ ජයග්‍රහණයක් නෙමෙයි. මේකෙන් වෙන්නේ පවතින ක්‍රමය හොදයි කියා පාලක පන්තියට පණිවිඩයක් දීමයි. කොහොමත් පවතින ක්‍රමය ජනතාවට හොඳනම් අපිට කරන්න දෙයක් නැහැ. ප්‍රනීත් කියන කතාවේ අත්තක් තියෙනවා. ප්‍රනිත්ගේ කතාවට සම්බන්ධ නොවුනත් ඒකට උපකාරයක් වෙන්න පුළුවන් උදාහරණයක් මම දෙන්නම්. ටික කාලයකට පෙර මගේ බිරිඳ හෙදියක් විදියට ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක රජයේ රෝහලක රැකියාව කලා. ඇය කියන විදියට දරු ප්‍රසුතිය සඳහා එන සමහර මවුවරු තම සැමියාගේ සම්පුර්ණ නමවත් දන්නේ නැතිලු. ඉතින් එහෙම පරිසරයක් තුල අපිට හිතන්න අමාරුයි රටේ තිබෙන සංකීර්ණ ආර්ථික හා සමාජ ගැටළු ගැන ඔවුන්ට නිවැරදි අවබෝධයක් ඇති කියා. එවැනි ගැටළු වලින් වැඩිපුරම විදවන්නේ ඔවුන් උනත් ඇයි එහෙම වෙන්නේ කියල ග්‍රාමීය ජනතාවට වැඩි අවබෝධයක් නැතුව ඇති. (නදී)
තවමත් වැඩිපුර අපේ රටේ ඉන්නේ තාවකාලික වාසියට රැවටෙන අය වගෙයි. (නි)
ඌව සන්ධානෙට ආ එකට මම නම් කැමතියි. මොකද ඌවට මොකක් හරි දෙයක් කරගන්න නම් ආණ්ඩුව තියෙන්න ඕනෑ.නමුත් ආණ්ඩුවට රතු එළියක් දුන් එක නම් වැදගත්. ඒක නිසා ආණ්ඩුව මීට වඩා සැළකිළිමත් වෙන්න ඕනෑ (නි)
සන්ධානය ලැබූ ජය සුභ ජයක්. මම මගේ හදවතින්ම සුබ පතනවා (නි)
යුසුෆ් සමඟ එකඟ වෙමි. මෙම අවපාතයට පළාත් සභාවත්, ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරුත් වගකිවයුතුයි. ඌව කියන්නේ දුප්පත් පළාතක්. ඒ පළාතට දැනෙන යමක් කරන්න ගොඩක් මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ, දක්ෂයින් හිටියා නම්. වැඩි දෙනා කරන්නේ තමන්ගේ ගොඩ ලොකුකරගන්න එකයි. (නි)
විපක්ෂයේ පැහැදිලි පිබිදීමක්. මෙවන් ප්‍රතිඵලයක් කියන්නෙ ඇත්තටම සතුටු වෙන්න පුලුවන් දෙයක්. ඌවේ ජනතාවට ස්තුතියි. (නි)
අද ඉඳලා අර අඩුවුණ භූමිතෙල් ,පෙට්‍රල්,අනිත් ඔක්කොම ආපහු ගණන් යයිද මන්දා? පාලකයන්ගේ, විපක්ෂයේ වැරැද්ද නොවෙයි, වැරැද්ද අපේ. ඕක දැන් සෙල්ලමක් වෙලා (නි)
සුමේද ආණ්ඩුවට උගන්වපු පාඩම හරින්ව විපක්ෂ නායක කරපු එකද (නදී)
වසර විස්සක් ගියත් බහුතර ජනතාව රජයත් සමගයි. 2009 ජනප්‍රියත්වය පිරිහී තියෙනවා. ඒ රජයේ සමහර මැති ඇමතිවරුන්ගේ කෙරුවාවල් නිසා. රජයේ දේශපාලකයින්ගේ දුෂණ වංචා කොමිස් කුඩු ගනුදෙනු වගේම ඔවුන්ගේ හෙන්චියියලාගේ සහ දු පුතුන්ගේ වැඩ නිසයි. අනික අද දේශපාලනය පවුල්කරණය වෙලා. මැති ඇමතිවරු කී දෙනෙකුගේ දුවරු පුත්තු ඡන්දය ඉල්ලුවාද? මේවා ධනය බලය රැකගැනීමට කරන දේවල් මිසක් රට ගැන ජනතාව ගැන හිතලා කරන දේවල් නෙවෙයි. පලාතට සේවය කලානම් මැරබලය යොදවා මිනි මරාගන්නේ ඇයි ? විරුද්ද පක්ෂයේ වර්දනයක් පෙන්නුම් කලත් එය ජයග්‍රහණයක් සේ සිතන්න එපා. පක්ෂයේ පැහැදිලි අනාගතයක් පෙනෙන තෙක් මානයයක නොතිබුනත් මේ ඡන්ද වැඩිවීම රජයට පාඩමක් ඉගැන්වීමට විපක්ෂයට දීපු ඡන්ද බව වටහා ගන්න. මනාප ක්‍රමයේ අඩුපාඩුකම් තිබුනත් ඡන්ද දායකයා බුද්දීමත්ව උගත් අවංක පුද්ගලයට ඡන්දය දීමේ හැකියාව මේ මනාප ක්‍රමය තුල තිබෙන බව වටහාගන්න. (නදී)
ඔව් ඇත්ත ' අපිට මේ පඩියෙන් ජීවත් වෙන හැටි කියා දෙන්න. එදාට බලමු (නදී)