IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ පෙත්ම විභාගයට දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ  විශ්‍රාමිකයින්  95 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන  ජනවාරි මස 21  විභාගයට ගැනීමට  අභියාචනාධිකරණය අද (10) දින  නියම කළේය.

සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්‍රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් , එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා  මෙම පෙත්සම ගොනු කර තිබිණි.

එදින  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණය   පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණ විනිසුරු  එම්. ටී.ලෆාර්  තාහිර්    මහතා  ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී  මෙලෙස  නොතීසි නිකුත් කරන ලදී.

පන්නිපිටිය පදිංචි සරත් ලාල් පෙරේරා , හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල කේ.ඒ.තිලකරත්න මහතා විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සුනිල් වටගල මහතා මඟින් ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ සියලු දෙනාම රජයේ විශ්‍රාම වැටපු ලබන විශ්‍රාමික රජයේ සේවකයෝ වෙති.2016 ජනවාරි 01 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ පෙත්සම්කරුවන් ඇතුළු සියලුම විශ්‍රාමිකයින්ට නව දීමනාවක් විශ්‍රාම වැටුපට එකතු කරන බවත් පෙත්සම්කරුවන්ට දැන ගන්නට ලැබිණි.එය මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට විශ්‍රාම වැටපුට එක් කරන බවත් එවකට පැවති රජය ප්‍රකාශ කළේය.

නමුත් පෙත්සම්කරුවන් ඉමහත් පුදුමයට පත් කරමින් 2020 ජනාරි 02 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සියලුම විශ්‍රාමිකයින් ගේ වැටුප් වර්ධක අත්හිටුවන බවට 35 /2019 (1)  චක්‍රලේඛය අනුව දැනුම් දුන්නේය.

මෙම නව චක්‍රලේඛය මඟින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් , එය අසාධාරණ සහ අයුක්තිසහගත බවත්ය.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් , තමන්ගේ අත්හිටවූ විශ්‍රාම වැටුප් වර්ධක සහිත දීමනා ලබා දීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.



අදහස් (2)

රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ පෙත්ම විභාගයට දිනයක්

අප්පුහාමි Friday, 10 December 2021 04:54 PM

විශ්‍රාම වැටුප් ගැටලු අනන්ත තියෙනවා. මම එකක් කියන්නම් මගේ බිරිඳ හා එකම ආයතනයක සේවය කළ ඇගේ යෙහෙළියක් එකම වැටුප් ලබා එක මාසයේ දින 05ක් ඇතුළත විශ්‍රාම ලැබුවා 2019 විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමට පෙර සමාන වැටුප් ගත් දෙදෙනාගෙන් මගේ බිරිඳට වඩා යෙහෙළියට රුපියල් 6000කට වැඩි මාසික වැටුපක් ලැබෙනවා. මෙයට පෙර විශ්‍රාම වැටුප් සංශෝධනය කලේ අතින් වුණත් මෙවර පරිගණක මගින් කළ නිසා මෙහෙම වුණා කියලයි මම හිතන්නේ... වැඩිපුර විශ්‍රාම වැටුප් ලබන කෙනාට සංශෝධනය කළ පත්‍රිකාවක් දීලා නැහැ... මෙහෙම සිද්ධි තව අනන්තවත් ඇති...

:       0       0

Ranjan Friday, 10 December 2021 04:58 PM

තුනෙන් දෙක අරන් කරපු දේවල් තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 67 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 611 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 470 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1085 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 546 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 2392 2

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site