වත්මන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළ ගැන තම පක්ෂයේ සුළු හෝ එකඟත්වයක් නැති බවත්, කිසිම හේතුවක් නිසා ආණ්ඩුවට සහාය නොදෙන බවත්, ජනතා විමුක්ති පෙරමුණ දැන් යන ගමන ගැන ද එකඟ නොවන නිසා ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු නොවෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉදිරි මැතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයකු ලෙස කුමාර් ගුණරත්නම් ඉදිරිපත් කිරීමේ අදහස ගැන ද , 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, පෙරටුගාමීන්ගේ ප්‍රතිපත්ති, ඌව ඡන්ද ප්‍රතිඵලය, විපක්ෂයේ දේශපාලනය සහ ශිෂ්‍ය දේශපාලනය ගැනත් ඔහු කතා කළේය.
ජාගොඩ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු රටේ මෙවන් ප්‍රගතිශීලී බලවේග සියල්ලම ඉදිරි ජාතික මැතිවරණයක් තුලදී පොදු එකඟතාවයකින් යුක්තව මේ පවතින අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා කටයුතු කල යුතුයි. (ස)
දැන් ඕකෙන් මේකෙන් අර ද්විත්ව පුරවැසිභාවය දෙන්න ගත් තීරණය අකුලාගනියිද කියලයි මට බය. (නි)
මේවා ඇහෙනකොට දකිනකොට මගේ ඇඟේ නම් මාළු නටනවා (නි)
කාගෙ කාගෙත් හැටි අපි නම් හොඳට තේරුම් අරගෙන තියෙන්නේ (නි)
ජවිපෙ ගැන නම් කොහොමටත් මගේ පැහැදීමක් නැහැ (නි)
නමුත් ඔයකියන විකල්පය කවදා ගොඩනැඟෙයිද? අපි බලාහිටියා ඔබේ පක්ෂය පසුගිය ඡන්දයකදී ඉදිරිපත්වෙයි කියලා. නමුත් ඔබ නිහඩයි. (නි)
එයාලා වැඩක් නැත්නම් ඉතින් ඔයාලා හොඳ ගමනක් පටන්ගන්නකෝ (නි)
විමල් මහත්තයෝ..සමන් මහත්තයෝ ..බයිලා කියන්න වෙන තැනක් හොයා ගන්න.. එසැන පුවත් වල ඉන්නේ මන්ද බුද්ධිකයෝ නෙමෙයි..මේ කුමාර ගුණරත්නම් මහාලොකු විප්ලවවාදියා 88/89 දී තමන්ගේ ජීවිතය බේර ගන්න කල මහා පාවාදීම් ගැන ඒ කාලේ ඔය පක්ෂේ හිටපු කෙනෙක්ගෙන් අහල දැන ගන්න.. අනෙක් නායකයෝ බල්ලෝ බළලු වගේ මහ මග වධකාගාර වල මැරුම් කද්දී මෙයා රාජ්‍ය අනුග්‍රහයෙන් විදේශගත උනේ කොහොමද කියල අහල දැන ගන්න.හරියටම දැන ගන්න සරත් පොන්සේකා මහත්තයගෙන්ම තමයි අහන්න ඕන..එතුමා තමයි ඒ අවධියේ ත්‍රිකුණාමලය භාරව හිටියේ.. (ස)
පක්ෂව ඡන්ද අඩුවීමයි වෙන්නේ. (ස)
පෙරටුගාමී සහෝදරවරුනි, ශ්‍රිලංකාවේ වාමාංශික ව්‍යාපාරය තවත් බෙදා ගන්න ඔබලාටත් ඉතුරු වෙලා තිබුනාද? (ස)
විමල් මහත්තයො කුමාර් මහත්තයා නමත් වෙනස් කරගෙන පුදුම දුකක් විඳිනවා ඇත්තෙ නේද ඔස්ට්‍රේලියාවට වෙලා.ජනතාව දන්නවා මහත්තයො ඔබතුමන්ලගේ අවශ්‍යතාවය මොකද්ද කියලා.ජන්දයට ගිහින් බලන්න එතකොට දැනගන්න පුළුවන් රට පාවා දෙන්නන්ට ලැබෙන ප්‍රතිචාරය කොහොමද කියලා. (ස)
ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ පවුලක කෙනෙක් මා සමග පැවසු ආකාරයට නම් හැමදාම කල්ලි කැඩිලා වෙන්වෙන්නේ සමාජවාදී පක්ෂ සාමාජිකයින් විතරයි. ධනවාදී පක්ෂ සාමාජිකයින් කරන්නේ කාලෙන් කාලෙට පිල් මාරු කරන එක. ඒ කාලේ ඔය වැඩේට ප්‍රසිද්ධ එක්කෙනා තමයි ගාල්ලෙන් බිහිවුණු අගමැතිතුමෙක්. අද කාලේ නම් එහෙම කරලා තාමත් බලයේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඊනියා නව ලිබරල් නුතනවාදීන්ට විතරයි. (ස)
දැන් රටට අවශ්‍ය දේශපාලනය, නිවැරදි මාක්ස්වාදී දේශපාලන භාවිතයක් සහිත නිවැරදි දේශපාලන ව්‍යාපාරයක් (නි)
ජවිපෙ නම් කොහොමටත් වැඩක් නෑ. (ස)
පුබුදු සහෝදරයගේ කතාව හරි දැන් ලංකාවට ඕිනි වමේ විකල්පයක්. අපි ඔබලට සහය දෙනවා. ජය. (ස)
මෙයාට මේ මොනවා වෙලාද ? (නදී)
මුන්නහේව ජනාධිපති කරමුකෝ. (නදී)
ඡන්දෙ ඉල්ලලා බලන්නකෝ ..කයිවාරුව තරමට වැඩ තියෙනවද කියල ..මේ ගොල්ල මනෝ ලෝක වල ඉන්නේ .(අ)
න්‍යාය ටොන් එකකට වඩා භාවිතාව අවුන්සයක් වටිනේය කිව්වේ ලෙනින්. ඉතින් පන්ති සටන ගැනත් සුපිරිසිඳු මාක්ස්වාදය ගැනත් කතාකරමින් ඉන්නවට වඩා ප්‍රයෝගික යමක් කරලා විස්වාසය දිනාගන්න. නැත්නම් ඔය සහෝදරවරු ට්‍රොස්කිවාදීන් වගේ වේවි. (අ)
පෙරටුගාමී සමාජවාදී පක්ෂය එකතු වුණත් ජ.නි.පෙ බදුල්ලෙන් ඉල්ලුව වගේ වෙයි. (අ)
ලංකාව සමාජවාදී කරන්න හැදුවත් දේශපාලන රැකවරණ පතන්නෙ ධනවාදී ඔිස්ට්‍රේලියාවෙ. ඔික තමා යථාර්තය. (නදී)
ජ වී පෙ සුළු ධනේශ්වර පක්ෂයක් ,පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමයි ලංකාවේ එකම වම .,කවූරු බොරුවට දැඟලුවත් වැඩක් නැහැ .(අ)
නිර්ධන පන්ති පක්ෂය කඩා බිඳ දමන්නට උත්සහ කළ කල්ලිය... කෑලි කෑලි වලට කැඩීගිය අවස්ථාවාදී සුන්බුන් වල හඬක්... (නි)
මේක අසාර්ථක දේශපාලන ව්‍යාපාරයක් කියල නම් පැහැදිලියි. ජ.වී,පෙ. න් පැන්නුවාට පස්සේ ගිහින් නතරවුණු තැන තමයි ඔය. ඡන්ද සීයක් වත් ගන්න පුළුවන් වේවිද කියන එක තමයි සැක. එ්ත් නිකන් කතාව කොහොමද? (නදී)
ජවිපේ කොහොම තිබුණ පක්ෂයක් ද අද මොකද වෙලා තියෙන්නේ (අ)
වැඩක් නෑ තමයි.(හේ)
රජය හා ජේ වී පී ගැන කලකිරිලා නම් රනිල් එක්ක එකතු වෙන්න. (ස)
කුමාර් ගුණරත්නම් ද්විත්ව පුරවැසි ......(ස)
පොදු අපේක්ෂක,ජේවීපියේ අපේක්ෂක, සන්ධානේ අපේක්ෂක සහ යුඑන්පියේ අපේක්ෂකයින්ට ඇප නැතිවෙයිද? (ස)
තේරුම් ගත්තා නම් ලොකු දෙයක්.(හේ)
මෙයාලට එල්ලෙන්න වැල් නැතිව ඉන්න බව නම් පැහැදිලියි. මීට වඩා හොදයි තමා සිල්ලර කඩයක් දාගන්න එක. (නදී)
සහෝදරයොත් දැන් බේද බින්න වෙලා..(නදී)
මෙහෙම පක්ෂයක් තියෙනවාද? (හේ)
අන්න එහෙම කියලා යු.එන පී වේදිකාවට නගින්න.කුමාර් සහෝදරයත් ඒවිනෙ. (අ)
මේ අයට අතීතය අමතක වෙලා (අ)
බටලන්ද මතකයිද දන්නේ නැහැ (අ)
කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේෙලියාවේ නේද? එහි පුරවැසියකුට ලංකාවේ ඡන්දෙකට ඉල්ලන පුළුවන්ද?(හේ)
මෙයාලට වැදගත් වෙන්නෙ ඊලාම් වාදීන්ගෙ වැඩපිලිවෙල. කුමාර් ගුණරත්නම් කලින් පාර ආවේ කොටි බේරගන්න.මතකනේ 2007 අයවැය.හැබැයි බැරි වුනා. මේ පාර එන්නෙ මහින්ද මහත්තයා පරද්දන්න කොන්ත්‍රාත් අරගෙන.එයා ද්විත්ව පුරවැසි විතරක් නෙවෙයි ද්විත්ව ජාතික.මෙයාලා හිතාගෙන ඉන්නෙ අඟහිග කම් පවතින සරසවි සිසුවො/පොලීසියෙන් ගුටි කාපු ගනිකාවො අල්ලගෙන වියදම් කරලා අන්දනවා වගේ මහ ජනතාවත් අන්දවන්න පුළුවන් කියලා.කොහොම වුනත් ඊලාම් වාදීන්ට කඩේ යන්නන්ට වඩා ලේන්සුවක් එලාගෙන පාලම් උඩ ඉන්න මිනිස්සුන්ට ගෞරවක් තියෙනවා මට හිතෙන විදියට. (අ)
ඔබතුමාට සාර්ථක අනාගතයක් ඇති බව පෙනෙනවා (නි)
කවුරු මොනවා කිවුවත් අද රට මේ තත්ත්වයෙන් ඇත්තේ කවුරුන් නිසාද කියලා අපි හොඳට දන්නවා (නි)
ඔබගේ කතාව නිවැරදි බව මගේ අදහසයි (නි)
කුමාර් ගුණරත්නම් යනු ලාංකීය දේශපාලනයේ පුරා අවුරුදු 3o ට අධික කාලයක් දුක්විඳින,සකලවිධ පීඩිතයන්ගේ අරගලය වෙනුවෙන් තම ජීවිතය කැපකළ විප්ලවීය විරයෙකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, පුද්ගල ප්‍රතිරූපයන් මත යැපෙන පක්ෂයක්ද නොවේ. එය නුතන වහල්භාවය ජනතාවට අවබෝධ කරදෙමින් සත්‍ය වූ නිදහස වෙනුවෙන් ලාංකීය භුමියේ වැළලීගිය පන්ති ව්‍යාපාරය නැවත ඔසවා තැබීම සඳහාත් ,පන්ති ව්‍යාපාරයට අවශ්‍යකරන නායකත්වය සැපයීමටත් කැප වී සිටින ලාංකීය භුමියේ පීඩිතයන්ගේ සටන්කරුවාය. (නි)
මටත් හිතෙනවා ඔවුන්ට අවස්ථාවක් දී බලන්න (නි)
ඉතා හොඳ කතාවක්.ඉතා හොඳ දේශපාලන පක්ෂයක්.කවදාහරි රට වෙනුවෙන් හොඳක් කරයි (නි)
කුමාර් සහෝදරයා ඇවිල්ලා මොනවද කරන්නේ කියලා බලාගෙන ඉන්න. මොකටද නිකන් බොරුවට අවලාද නඟන්නේ? කුමාර් කියන්නේ නියම සමාජවාදියෙක් ,විප්ලවවාදියෙක්. එයා කාටවත් කඩේ යන්නේ නැහැ (නි)
ඒ මහත්තයා කියන එකෙත් ඇත්තක් තියෙනවා ඉතින් (නි)
ධම්ම, මටත් හරිම බයයි ඒ ගැන (නි)
මේකෙන් පෙනෙන්නේ මෙයාලා උත්සාහ කරන්නේ ජවිපෙට වඩා මේගොල්ලෝ ඉදිරියෙන් කියලා පෙන්වන්නද? (නි)