2009 වසරේ ඌව පළාත් සභා ඡන්දය සමඟ සසඳන විට මෙවර සන්ධානයේ ඡන්ද 69000ක් අඩුවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 145629ක් වැඩි කර ගෙන ඇත.
ගියවරට වඩා ඡන්ද 21941ක් වැඩි කර ජනතා විමුක්ති පෙරමුණට ගැනීමට සමත් විය.
මෙවර සන්ධානයේ මන්ත්‍රී ධුර හයක් අඩුවී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුර 06ක් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද මන්ත්‍රී ධුරයක් වැඩි කර ගෙන ඇති අතර කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීධුරය අහිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීන් මහත්තයගේ කැපවීම අනිත් එජාපයේ මහත්තුරුන්ගෙනුත් ලැබෙනවා නම් ජනයා එකතු වේවි. එජාපයේ සමහර නායකයින්ට ඕනේ බලය විතරයි. පක්ෂය දිනවන්න ඕනෑකමක් ඒ ගොල්ලන්ට නැහැ ඕනේ බලය විතරයි (නදී)
ඡන්දෙ ඉවරයි. ප්‍රථිපලේ ඉවරයි. දැන් විදුලි බිල, තෙල් මිල ගැන ඇහැ ගහගෙන ඉන්න (නදී)
මගේ උතුම් පැතුම ඔබටයි. පුතේ ඔබ හිත හොඳ ක්‍රියාශීලි නිහතමානි ගති ඇති දුර දක්නයක් ඇති තරුණයෙක් හැටියට සුබ අනාගතයක් ඇත. තමන් සතු ගති දියුණු කරමින් ඉදිරියටම යන්න. අපි මෙහෙ ඉඳන් ඔය හැම දෙයක්ම බලනවා. ඔබට සිනාසුනු මඩ ප්‍රහාර එල්ල කල සැමට දැන් තරු විසි වෙනු ඇත. මමද කොළඹ උසස් පාසැලක ඉගෙනුම ලැබූ කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ රගර් ගැසූ අයෙක් වෙමි. නමුත් රට පාලනය කරන අයගේ දරුවන්ද මෙම ක්‍රීඩාවේ යෙදෙන අය උනත් හැසිරීමේ කිසි වැදගත් කමක් හෝ හරයක් නැත. කෙසේ වෙතත් තරුණ ඔබට හොඳ අනාගතයක් ඇත. ඉහලම තැනට යන්න මගේ පැතුමයි. එතනට ගොස් ඔයිට වැඩිය තවත් මහජනයාට සමීපවී ඔවුන්ගේ දුක හැඳින කලයුතු සෑම දෙයකින්ම ඔවුන්ව රටේ ඇති හැකි පුරවැසියන් කරන්න. කලින් සිටි වැදගත් උගත් හොඳ දේශපාලකයින්ට වැඩි යමක් කර රටේ දියුණුව ඇතිකරන්න. මිනිසුන් ප්‍රශ්න පිට ජීවත්වෙද්දී රටේ අනවශ්‍ය වැඩ නොකර සියලු දෙනාටම ගැලපෙන රටක් ඇති කිරීමට ඔබට ශක්තිය දිරිය වාසනාව උදාවේවායි පතමි. බුදු සරණයි සියලු දෙවි පිහිටයි. (නදී)
චීනයේ අසහාය නායකයා කියපු කතාවක් මය මතක් උනා. " මට සතුරන් සිටිනවාට මම කැමතියි. එවිට මට මා ඉන්නා තැන වටහා ගත හැකිය.." මේ කියමන වත්මන් රජයටත් දැන් හොඳටම ගැලපෙනවා. (නදී)
හරීන් තමයි නියම නායකයා , එතුමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් හා නියෝජ්‍ය නායක කම දෙන්න.(අ)
රසික ඔය හරියටම හරි.(අ)
ඔබ හරි රසික. මෙය මීළඟ ඡන්ද වලට කලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතු බවට ඌවෙ ජනතාව දුන් පණිවිඩයක්. (නදී)
මැරවර බල නොපෙන්වා ඩිෆෙන්ඩර් බල නොපෙන්වා පා පැදි වලින් ගොස් සත් ගුණවත් ශ්‍රී ලංකිකයන් වගේ ඡන්ද හිඟා කෑමේ යෙදුනා නම් මීට වඩා වැඩි ප්‍රමාණයකින් සන්ධානය ජය ගන්න තිබුනා (නදී)
උපාලි මම කියන්න හදපු දේ ඔබ ලියල තියෙනවා. ඔබ තුමාට බොහොමත් ස්තුතියි. (නදී)
මටත් හිතාගන්න අපහසු දෙයක් තමා එය ජනතාව ජවිපෙට ජන්දය නොදෙන්නේ කියන කතාව? උගතුන්ට හා බුද්ධිමතුන්ට ජනතාව අතර තිබෙන අප්‍රසාදය හරි විශ්මිත දෙයක්. (නදී)
කෙටියෙන් කියනවා නම් ආණ්ඩුවට සොරි ඩොට් කොම් (නදී)
මෙය සජිත් මැතිදුන්ගේ අධිතාලම. කරුණාකර එතුමාට නිසි තැන දෙන්න. එතොකට ගොඩ (නදී)
කුසල් ජනතා විමුක්ති පෙරමුණ දියකරන්න යු.එන්.පී එක හා ශ්‍රී ලංකා එක දෙවතාවක් උත්සහ කරා. එ්ත් එය දියකර හරින්න ඔයාල හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. (නදී)
කුසල්, ජනතා විමුක්ති පෙරමුණ දියකරන්න වරක් නොව දෙවතාවක්ම සමහරු උත්සහ කළා. ඒත් එය දියකර හරින්න ඔයාලා හිතන තරම් පහසුවෙන්නේ නැහැ. (නි)
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)
මම හිතුවා ජනතා විමුක්ති පෙරමුණට ආසන පහක්වත් එයි කියා (නදී)
ඉදිරි මැතිවරණ වලදී විපක්ෂයට ජය ගතහැකි බව පෙනේ (නදී)
ජවිපෙ සහ ෆොන්සේකා මහතා තමන්ට පවතින ජනතා කැමැත්ත මෙතනදීවත් තේරුම්ගෙන එජාපය සමග සන්ධානයකට ගියොත් ජනතාව දිනාවි. නැත්නම් ජවිපෙ සහ ෆොන්සේකා මහතා දියවෙලාම යාවි. (නදී)
අපේ රටේ ජනතාව තාම කැමති හොර මැරකම් කරන මිනිස්සුන්ට. අැයි ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ නැත්තේ (නදී)
සම්පූර්නයෙන්ම සෑහීමකට පත්වෙන්න බැරි උනත්, ජේවීපී එක සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව පේනවා. අවුරුදු 66ක කාලය තුල යු.න්.පී සහ ශ්‍රීලනිප කියන මඞ ගොහෝරු දෙකේ එරිලා ඉන්න අයගේ මානසිකත්වය වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවන බව පැහැදිළියි. අනාගතයේදී දේශපාලු තාත්තලාගෙන් පුතාලට ප්‍රදානය වෙන මේ දේසපාලු ක්‍රමය වෙනස් කරන්න ජනතාවගේ මානසිකත්වය වෙනස් වේවායි පතමු. (නදී)
අාසන හයක් නොවේ මම හිතුවේ සභාවම නැතිවේවි කියලා ඩිෆෙන්ඩර් වලින් ඡන්දෙ දිනන්න හදන කොට. තව කැලේ ගස් ටිකත් කපල හෝටල් හදලා වන සත්තු ටිකත් මරාගෙන කන්න හෙන්චයියන්ට ඉඩ දෙන එකයි තියෙන්නේ. එතකොට නැතිවෙන්නේ ඇඩ්‍රස් එකත් එක්ක (නදී)
සන්ධානයකුත්, රාජ්‍ය බලයත් නොමැතිව ලබාගත් ඡන්ද සංඛ්‍යාව සසදන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ලගදීම එන බව පැහැදිලිව පෙනෙනවා. (නදී)
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. භීෂණය ඇතිකරන්න දගලපු උන් බංග වේවා ! (නදී)
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. (නදී)
එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. (නදී)
ඕක වුණේ කාගෙවත් කැපවීමක් නිසා නොව මිනිසුන් බුද්ධිමත් වූ නිසයි (නි)
සුබ අනාගතයක් හරින් ඇතුලු සියලු දෙනාට (නදී)
මැතිවරණ සහ මරවරණ (නදී)
මැතිවරණ සහ මැරවරණ ... (නි)
දන්නා ඔක්කොම සෙල්ලම් දාලත් ආණ්ඩුවට සෝදාපාලුව නවත්වා ගන්න බැරි වුණා. සුබවාදී වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. (නි)
වෙල්ලස්සෙන් ලැබුණු පෙරමඟ සුබ ලකුණු ඉදිරියට රැකගනිමු. මතුදින ජයගනිමු (නි)