බැංකු වලින් ගත් වගා ණය කපා හැරීම, නියං සහනාධාර ලබා දීම, බිත්තර වී ලබාදීම සහ වගාහානි සඳහා වන්දියක් දෙන ලෙස ඉල්ලමින් ගොවි සංවිධාන 22 ක ගොවීහු පන්දාහක් තඹුත්තේගම නගරයේදී උද්ඝෝෂණයක් කළහ. පෙළපාළි ද ගියහ.
මේ නිසා අනුරාධපුර කුරුණෑගල පාර අවහිර විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගත්ත ඔක්කොටම තියෙන්නේ ණය කපන්න කියලා උද්ඝෝෂණය කරන්නයි. මිනිස්සු ණය ගන්නෙ සල්ලි නැති හින්දනේ. එහෙම ඒගොල්ලන්ගෙත් කපන්න ඕනේ. හරි ලේසියි. ණයක් අරන් මොකක් හරි පටන් ගන්නවා බැරි වුනොත් ණය කපන්න කියලා උද්ඝෝෂණය කරනවා. (ස)
බලන්න මෙයා, රටම කුලප්පු වෙලා. හැම තැනම උද්ඝෝෂණ. ආශ්චර්යයේ හැටි මගේ හිතේ. (නි)
ගියපාරත් දුප්පත් ගොවීන්ගේ වන්දි මුදල් වංචා කළානේ. මේ පාරත් කොටසක් දීලා ඉතිරි ටික මාටියා ගහයි. (ස)
ඕවට පෙළපාලි ගිහින් වැඩක් නෑ. කතිරය හරිකෙනාට දෙන්න තමයි ඕනේ. (ස)
ගසාකන දේවල් වලින් සොච්චමක් අසරණ ගොවීන්ට දුන්නට පව් නෑ (ස)
ගොවීන්ව මුරුංගා අත්තේ තියන්නේ නැතිව ඔවුන්ට සහනයක් සලසා දෙන්න. (ස)
මේ ගොවියෝ නෙවෙයි.... (දී)
ඔබගේ ඉල්ලීම් අනිවාර්යෙන් ඉටු කරාවි.ඔබගේ පළාත් සභා ඡන්ද ඉතා වැදගත්. (නි)
ඉසුරින් පිරි රටක් නේ එකයි පාරට බහින්න ඇත්තේ (දී)
අනේ මන්දා!! පාලකයෝ ගොවි ජනතාවගේ සහ අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්ණවලට හරි විසදුමක් නොදීමේ ප්‍රතිඵල තමයි මේ..!! (නු)
ගොවියට, දුප්පතාට තමයි පහර. පව් අහිංසක මිනිස්සු.... (ස)
අනේ පව් මේ මිනිස්සු වගා කරන නිසා නේද අපි බත් කන්නේ. (අ)
මෙවරත් වැඩිම මානාපය අපිට තමයි. (ස)
ඔව් ඔව් ඔයාලට තමයි වැඩිම මනාපය..බලන් ඉන්න..... (ස)
මේ රටේ ගොවියෝ කියන්නේ අහිංසක ජනතාව දුක් මහන්සියෙන් වගා කරන ඔවුන්ට රජයෙන් උදව් කරන එක සාධාරණයි. තව ටික කලක් යනකොට අප රටෛ් හාල් දකින්න හම්බවෙයිද දන්නේ නෑ. (ස)
ගොවි මහතුන් ණය ගන්නේ වගා කිරීමටයි .කවදාකවත් වගාවක් නොකරපු අයට ඒ ගැන වැටහීමක් නැහැ .වගාව පාලු උනහම කොහොමද ගත් ණය ගෙවන්නේ ? දුප්පත් මිනිස්සු පුළුවන් කමක් තියෙනවනම් කවදාකවත් ණය නොගෙවා ඉන්නේ නැහැ .දැනට රජයේ බැංකු වලින් ණය රුපියල් කොටි ප්‍රකෝටි ගණන් අරගෙන නොගෙවා ඉන්න රටේ දේශපාලකයින් සහ ඔහුන්ගේ සහායකයන් කොපමණ ඉන්නවද ? අන්තිමට දේශපාලයකයන්ගේ බලය යොදවා එම ණය අහෝසි කරලා දානවා .ඒ වගේ ජල හිගය නිසා වගා පලු වුන සියලුම ගොවි මහතුන්ගේ ණය අහෝසි කිරීමට ඉල්ලීම ඉතාම සාධාරණය . සූරියආරච්චි