රජිව් ගාන්ධි ඝාතනයේ පෝරකයට නියම වී සිටි ශාන්තන්, මුරුගන්, පෙරාරිවාලන් යන තිදෙනාට වසර 11කට පෙර පැණවූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත් කරමින් ඉන්දියා ශේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය.
හිටපු ඉන්දියා අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ තිදෙනා අනුකම්පාව ලැබීමට සුදුස්සන් නොවේ යැයි ඉන්දියා රජය දැක්වූ මතය අධිකරණය පිළිගත්තේ නැත.
1991 දී ගාන්ධි මරා දැමීය.
1998 දී ඔවුහු පෝරකයට නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්සර මල්ලියෝ. මම හිරගෙදර ලැගුම් ගත්තේ නම් නැහැ. නමුත් භාෂා පරිවර්තනයේ දී සිටියා. (දී)
මේ අයට මරණ දඬුවම දුන්නනම් හොදයි. (දිල්)
උතුරු පළාත් සභාවට තිබෙන බලතල පාවිච්චි කරලා විග්නේස්වරම් ට පුළුවන් කමක් තියෙනවා ද දන්නා බේරගන්න. (අ)
වළන් ගැට්ටක් කරේ තියාගෙන කතා කරන පින්වත් මහතාණනි! මම ලංකාවේ නීතිය හා පරිපාලනය හරියට කෙරෙන බව දැන ගත්තේ යුද්ධය දිනන්න ලේ මස් නහර වලින් වන්දි ගෙව් ශ්‍රේෂ්ට ලංකා පුත්‍රයෙක් ව බිම දිගේ ඇදගෙන ගොස් හිරේ දමා වසර දෙකහමාරක් වධ බන්ධනයට පාත්‍ර කරපු දවසේ ඉඳන්. අනික් හරිය හෘද සාක්ෂියෙන් (එහෙම දෙයක් තිබේ නම්) විමසා බලන්න.(අ)
රජිව් ගාන්ධි නයින්ට කිරි පොවපොවා හිටියේ මට අද වගේ මතකයි උඩින් කැම දාපුහැටි කන්නදුන්නු අත සපාකන ජාතියක්නේ ඒ ගොල්ලෝ. (අ)
නියම දඩුවම ලංකාවට ආදර්ශයක් (දී)
සත්‍යා. ඔබ ශ්‍රී ලංකාවේ නිතිය සහ පරිපාලන ගැන හරි අවබෝදයකින්ද ඔය විදිහට නන්දොඩවන්නේ.? (දී)
මෙතන අපට වැදගත් වන්නේ හිර කරුවන්ට දුන් දඬුවමේ ස්වභාවය නොව ඉන්දියාවේ රාජ්‍ය පාලනයේ බලය බෙදී ඇති ආකාරය අවබෝධ කර ගැනීමයි. ශ්‍රී ලංකා සන්දර්භය තුල මේ සම්බන්ධයෙන් අපි මොනතරම් ප්‍රාථමික ද කියල හිතන කොට දුකක් දැනෙනවා. (දී)
තම සැමියා මැරූ කොටින්ට අද සෝනියා සපෝට් නම් අධිකරණය මොන තීන්දුවක් ගත්තත් අපට මොකෝ (දී)
ඉන්දියාවේ හිරගෙදර ජීවිතාන්තය දක්වා ඉන්නකොට මරණ දණ්ඩනය ඉල්ලලාම ලබා ගත්තානම් හොඳයි කියල මේ අපරාධ කාරයින්ට හිතෙයි. අපේ රටේ මහා උළු ගෙදර වගේ මොබයිල් ෆෝන් කුඩු පැකට් ඉන්දියාවේදී අමාරුයි. (දී)
ලංකාවටත් ඍජුව බලපෑම් දේශපාලකයෙක් (දී)
ඉන්දියාවේ මරණ දණ්ඩනය නැද්ද (දී)
ගාමිණී, තමිල්නාඩුව කියන්නේ එකක්, ඉන්දියාව කියන්නේ තව එකක්,රජිව් ගාන්ධි ඉන්දියාවේ අගමැති උනාට තමිල්නාඩුවට නෙමෙයි, තමිල්නාඩුවේ ලොක්කා ජයලලිතාට නැත්නම් කරුණානිධි. කොහොමත් දේශපාලකයන්ට ලැජ්ජාවක් කියා දෙයක් නැහැනේ, ලංකාවෙත් එහෙම්මමනේ, ඒ නහරේ වැඩකරන්නේ නෑ.එකයි ලෝකෙටම පෙන්න රෙදි ඇඳගෙන හෙළුවෙන් යන්නේ, ඒගොල්ලෝ අඳින රෙදිවලට එගොලන්ගේ හෙළුව වහන්න බෑ, (දී)
අල්විස් ඉන්දියාවේ හිර ගෙදර ඉදලද ආවේ (දී)
ගාමිණී - සිරි, ජයලලිතා සීතාම්බර පටයකට මුවා වෙලානේ ඉන්නේ.(නදී)
ඔව්, ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි විය හැකියි. අනුකම්පාව නොලැබිය යුත්තේ ඝාතනය සඳහා අණ ලබා දුන් අයයි. (දී)
තම රටේ අගමැති පවා ජීවිතක්ෂයට පත්කරමින් , අපරාධ රැසක් කල එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත වාදෙන්ගේ පැත්ත ගන්න තරම් ජයලලිතාට ලැජ්ජාවක් කියා දෙයක් නම් නැති හැටි අනේ... (දී)