(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ එක ගෑස් සිලින්ඩරයක් හෝ පුපුරා ගොස් නැතැයි සියයට සියයක් තහවුරුවී ඇති බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවක් ගෑස් සිලින්ඩරයක් පුපුරා මිය ගිය බවට කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා මෙම සභාවේදී පැවසුවත් ඇය මියගොස් ඇත්තේ සිය දිවි හානි කරගෙන යැයි පොලිසිය වීඩියෝවක් මගින් තහවුරු කර ඇති බවද අලගියවන්න මහතා කීවේය.
මේ රජය සිටින්නේ සමාගම් පැත්තේ නොව පාරිභෝගිකයා පැත්තේ යැයිද ඔහු සඳහන් කළේය.
අලගියවන්න මහතා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලසන්ත අලගියවන්න මහතා එහිදී මෙසේද පැවසීය.
හිටපු අගමැතිතුමා මේ සම්බන්ධයෙන් හොඳ යෝජනාවක් කළා. මම ඒ ගැන එතුමාට ස්තූතිවන්ත වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාවට කැඳවා සාකච්ඡා කරන්න කියලා එතුමා කිව්වා. ඒක ඵලදායි යෝජනාවක්. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒක විසඳා ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා.
ජනාධිපතිතුමාත් මට මේ ගැන අද කතා කළා. එතුමාත් මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන කැඳවා කමිටුවක් පත් කරනවා. කෙටිකාලීන සහ මධ්‍යකාලීන යෝජනා ඇතුළත් වාර්තාවක් එතුමා බලාපොරොත්තු වෙනවා. අදත් සාකච්ඡා කීපයක් පැවැත්වෙනවා. උපාංග ගෙන්වන සමාගමුත් අද කැඳවනවා.
ලීටර් 18 ගෑස් සිලින්ඩර අද වෙළඳපොළේ නැහැ. මම වගකීමෙන් කියනවා.ඒ වංචාවට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගත්තා. උසාවි ගිහිල්ලා ගැසට් නිවේදනයකුත් පළ කළා. ඒ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කළා.
මෙම ගෑස් සිද්ධි සාධාරණීකරණය කරන්නේ නැහැ.
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'රටේ එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා නැහැ'
කිරි පුතා Tuesday, 30 November 2021 01:02 PM
පේන විදිහට ගෑස්වල සංයුතිය වෙනස් කරලා. ඒ නිසා පීඩනය වැඩි වෙලා තියෙන්නේ. ඒ පීඩනය දැනට භාවිතා කරන සමහර උපකරණවලට ඔරොත්තු නොදී ගෑස් කාන්දු වෙනවා. මහා විනාශයක් වෙලා ජනතාව පාරට බහින්න කලින් මේ ප්රශ්නය විසඳිය යුතුයි.
sharm warn Tuesday, 30 November 2021 01:07 PM
ගෑස් සිලින්ඩර් පිපුරුවේ නැති නිසා එක ප්‍රශ්නයක් නෙවෙයි කියන්ද හදන්නෙ .එයාලගෙ කුස්සියේත් පිපිරුවොත් තෙරෙයි
sena Tuesday, 30 November 2021 03:34 PM
ඇමැතිතුමා කොහොම කිව්වත් මොන වචන හරඹයක් හරි දාලා කම්පැණි බේරාගන්න දඟලන විදිහට තේරෙනවා ඇමැතිතුමා ඉන්නේ කොහේද කියලා...?
Lalith M Tuesday, 30 November 2021 05:27 PM
එතකොට මහජනතාව ගෑස් සිලින්ඩර හිල්කර ගිනිතිබ්බාද? මොල හතටම ගැලපෙන ඇමතියෙක්...