IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා

(නිමල කොඩිතුවක්කු)

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය.

රජය වැරදි මාර්ගවල ගමන් කරන අවස්ථාවල ඊට විරුද්ධව නැගි සිටිමටත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනිමටත් සමගි ජනබලවේගය කැප වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා තවදුරටත් මෙසේද කීවේය.

“ජාතික ජනබලවේග රජයට ජනතාව විසින් තුනෙන් දෙකක බලයක් ලබාදිලා තිබෙනවා. සමගි ජන බලවේගය එම ජන මතයට ගරු කරනවා.  ජනතාවගේ ජිවන මට්ටම ඉහළ මට්ටමකට ගෙන ඒමට, රට තුළ වෙනසක් ඇති කරලිමට රජය ලබාදුන්න පොරොන්දු ජනතාව වෙනුවෙන් ඉටු කරවීම විපක්ෂයේ ප්‍රබලම දේශපාලන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කාර්යය වනවා.

රට කඩා වට්ටන්න, රටේ ආර්ථිකට කඩා වට්ටන්න, පටු දේශපාලන අවශ්‍යතා මත සියලුම දේවල් විනාශ කර දමන්න සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක කටයුතු කරන්නේ නැහැ. නමුත් රජය වැරදි මාර්ගවල ගමන් කරන අවස්ථාවල ඊට විරුද්ධව නැගි සිටිමට සහ රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරවා ගැනිමට සමගි ජනබලවේගය කටයුතු කරනවා.

ණය ගෙවීමේ හැකියාව වැඩි කරගැනිම, ආදායම් මාර්ග වැඩි කරගැනිම, නිෂ්පාදනය වැඩි කර ගැනිම, නිෂ්පාදනය වැඩි කරගැනිම, අපනයනය වැඩි කර ගැනිම, අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරිම, කෘෂිකර්මාන්තය දියුණු කිරිම, වැවිලි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරිම, සංචාරක කර්මාන්තය දියුණුව, රැකියා ගැටලුවට විසදුම් පිලිබදව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ සියයට 60 ක වගේ ප්‍රමාණයක්. ඡන්දය නොදුන්න බහුතරයක් දක්ෂිනාංශික මතය නියෝජනය කළ ජනතාව. යම් පක්ෂයක් මැතිවරණයක් දෙකක් පරාජය වු පමණින් දේශපාලනයෙන් අතුගැවිලා යන්නේ නෑ. කිසිම පක්ෂයක් ජයග්‍රහනය කළ පමණින් එම ජයග්‍රහනය සදාකල් රැදි තිබෙන්නෙත් නෑ. ජයග්‍රහන සහ පරාජ සදාකාලික දේවල් නෙවෙයි.  ලංකාවේ දේශපාලන සංස්කෘතිය අලුත් කළොත් පමණයි ජයග්‍රහන ලබා ගැනිමට හැකියාව ලැබෙන්නේ” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (8)

රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා

Jayasekara Monday, 18 November 2024 04:34 PM

කවි සීපද... අනේ බොලාගේ සහය... තියාගනිල්ලා...

:       7       21

විකුම් Monday, 18 November 2024 05:27 PM

තරමට වඩා උඩ පැන්න තවත් කෙනෙක්. දැන් සහයෝගය දෙන්න කතා කරනවා. ලොක්කාව හොඳටම අන්දපු අයගෙන් කෙනෙක්...

:       5       23

Rata Perata Monday, 18 November 2024 06:49 PM

සිලින්ඩර් සීයා ට කියලා වාහන වැඩේ ගොඩ දාගන්න බැරි වුණා නේද? අනේ මුන්ගේ සහාය...

:       3       21

wimal Monday, 18 November 2024 08:17 PM

මෙයාට ටිකට් එක ලියලා දුන්නේ නැහැනේ ජනතාව. මොවුන්ට මේවා කියැවෙනවා දැන් වෙලා තියෙන වින්නැහියෙන් පස්සේ. නානා දැන් හුනානා වෙලා තියෙන්නේ දැන්...!

:       0       0

පිටරටවැසියා Tuesday, 19 November 2024 12:43 AM

යම් පක්ෂයක් මැතිවරණයක්, දෙකක් පරාජය වූ පමණින් දේශපාලනයෙන් අතුගෑවිලා යන්නැති බව ඇත්ත. හැබැයි, ඊළඟට පැවැත්වෙන පළාත්පාලන මැතිවරණවලදී හැඳිගෑවිලා යාවි. පොඩ්ඩක් පරිස්සමින්...

:       0       4

ලයන් Tuesday, 19 November 2024 01:50 AM

ඇයි රතු අලි කතාව නැතැ, මරික් කාර් රනිල් දෙන්නෙ නැතැ. මේ නො1අපතයෙක්

:       0       3

ත්‍රස්ත මාර්ෂල් Tuesday, 19 November 2024 06:45 AM

ඉස්සෙල්ලම දුෂණයෙන් තොර මනුෂ්‍ය ගතිගුණ ඇති නායකත්වයක් හොයාගන්න .

:       0       6

Chinthaka Tuesday, 19 November 2024 08:46 AM

හැරෙන හැරෙන පැත්තට කතාකරන වාසියට ඕනෑම ජරා වැඩක් කරන පාර්ලිමන්තුවෙන් පන්නන්න ඕන තවක් බඩුවක්

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 739 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 320 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1109 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4349 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2085 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1133 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site