IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රට නාඩු කිලෝව 60ට ?

ලබන සතිය වන විට සම්බා සහ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 10,000ක් ආනයනය කර කිලෝව රුපියල් 50ත් 60ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට සූදානම් බව ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

රජයේ ගබඩාවල ද වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් පමණ තිබෙන බව කී ඇමැතිවරයා එයින්ද මෙටි‍්‍රක් ටොන් 5,000ක් පමණ තබාගෙන ඉතිරිය ක‍්‍රමානුකූලව වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සපයා ඇති දත්ත අනුව ගිය කන්නයේ ලැබුණු සහල් අස්වනු ලබන අප්‍රේල් මාසය දක්වා ප‍්‍රමාණවත් බවත් ඇතැම් සහල් මෝල් හිමියන් හා ව්‍යාපාරිකයින් වෙළඳපළේ සහල් හිගයක් මවා පා මිල ඉහළ දැමීමට කටයුතු කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

මේ අතර කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා සහල් නිෂ්පාදන දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛන අනුව ලබන පෙබරවාරි අවසානය දක්වා සහල් නිෂ්පාදනය කර ඇති බවත් සහල් හිගයක් පෙන්වා එහි මිල වැඩි වීමට හේතුව රටේ කොහෙ කොහේ තැනක සහල් සගවා තිබීම බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ඡනරාල් ආචාර්ය රොහාන් විඡේකෝන් මහතා අද (19)  පැවැසිය.

වසරකට මෙරටට අවශ්‍ය සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් බවත් යල කන්නයේ හා මහ කන්නයේ සාර්ථක වි වගාව තුලින් නිෂ්පාදනය කල සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් මිලියන 2.7 ක් බවත් මේ නිෂ්පාදිත සහල් ප්‍රමානය ලබන වසරේ පෙබරවාරි අවසානය දක්වා සැහෙන බවත් අධ්‍යක්ෂ ඡනරාල් වරයා පවසයි.

DSC_0257

වීඩියෝ - ඉෂංක සුනිමල්

වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

රට නාඩු කිලෝව 60ට ?

සරා Monday, 19 December 2016 11:13 PM

රොකි, ඔබ හරියටම හරි

:       0       0

සත්‍යයා Tuesday, 20 December 2016 01:31 AM

හඳෙන් හරි හාල් ගෙනල්ලා දෙන්න බැරි අය නොවෙයි අද ඉන්නේ. හැබැයි හඳේත් කුඹුරු තියෙනවද කියලා අහන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩ නැති බව දන්න නිසා ඕනෑ දෙයක් කියන්න (නි)

:       0       0

රුවන් Tuesday, 20 December 2016 03:16 AM

අපි මෝඩ නොවී යථාර්ථය හඳුනාගත යුතුවේ. ජපානයෙන් වාහන ලාබෙට ගෙන්නන්න පුළුවන් එකේ අඩුමිලට මේ පරිභෝගික භාණ්ඩත් වෙන රටකින් ආනයනය කිරීම කිසිම වැරැද්දක් නොමැත. (නි)

:       0       0

සිරිල් Tuesday, 20 December 2016 05:26 AM

මට හොඳ අදහසක් අාවා. අපි කුඹුරු ඉඩම් ඔක්කොම ඉන්දියාවට ලියලා දෙමු. අපේ ගොවීන්ට වස බෝතල් නොමිලේ ගන්න කූපන් ටිකකුත් දෙමු. අපිට අඩුවට බත් කන්න පුළුවන් විදියක් මම කිව්වේ. (නි)

:       0       0

කුමාර Tuesday, 20 December 2016 05:44 AM

කයිය විතරයි වැඩ බෑ (බ)

:       0       0

රොකී‍ Tuesday, 20 December 2016 06:32 AM

අපේ රටේ හාල් පිටරටකට යවා ඉන් පසු 'ප්‍රොඩියුස් ඔෆ් ඉංග්ලන්ඩ්' කියලා ගෝනි වල ලේබල් ගහලා ඒ රටෙන් අායෙත් අපේ රටට ඉම්පෝට් කරමු. එතකොට දෙපැත්තෙන්ම සැප කොමිස් පාරක් ගහන්න පුළුවන්. දැනටමත් කරන්නේ ඒකද කියලා කවුද දන්නේ? ඉර හඳ උලාකාපු අයියලානේ අපේ ගැලවුම්කාරයෝ හැටියට පෙනී ඉන්නේ! (නි)

:       0       0

විපුල Monday, 19 December 2016 09:59 AM

ලංකාවේ කෘෂිකර්මය අඩපණවෙලා තියෙන්නේ. මුලික හේතුව අවිධිමත් ලෙස එක එක වෙලාවට වල්නාශක කෘමිනාශක භාවිතය තහනම් කිරීම. දැන් මේ හාල් වල විස තියෙනවද නැද්ද කියලා කවුද බලන්නේ (නි)

:       0       0

ඉමාක් Monday, 19 December 2016 11:36 AM

වෙනස කොහොමද? (නි)

:       0       0

අසංග Monday, 19 December 2016 11:53 AM

කියනවා වගේ නෙමෙයි නේද කරන්න ගියාම? (නි)

:       0       0

සමන් Monday, 19 December 2016 11:58 AM

ඔය කියන හාල් විකුණන්න තියන තැනත් කලින්ම කිව්වා නම් හොඳයි. නැත්නම් අපිට හොයාගන්න බැරිවෙයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 19 December 2016 12:07 PM

ප්‍රවෘත්ති සාකච්ඡා තබා තබා ඉන්නේ නැතුව මේවා වෙළඳ පලට නිකුත් කරන්න , රජයේ ගබඩා වල අප්‍රේල් වෙනකම් සහල් තබාගෙන ඉන්න හදන්නේ ඒවා දිරා පස් බවට පත්වුණාම කොම්පෝස්ට් පොහොර හදන්නද ? රජයේ ගබඩා වල තිබෙන්න ඒවා කඩිනමින් වෙළඳ පලට නිකුත් කර , මදි පාඩුවක් තිබෙනවා නම් පෙබරවාරි මාසයේ විතර අප්‍රේල් මාසයට අදාළ සහල් තොග ඇනවුම් කරන්න (බ)

:       0       0

ඇසළ Monday, 19 December 2016 12:26 PM

මුදල් ඇමතිතුමා නම් කිවුවේ පොහොර දාලා වී වගා කරනවට වැඩිය පිටරටින් හාල් රුපියල් 35 ට ගෙනත් දෙන්න පුළුවන් කියලා. දැන් 60 වුණේ ඇයි? නරකත් නැහැ බැලුවහම. අපිට 60 වුණත් ලාබයි 90 ට ගන්නවට වැඩිය. ස්තුතියි ඇමතිතුමා. (නි)

:       0       0

රොකි Monday, 19 December 2016 01:14 PM

මේ වතාවේ වත් ගෙන්නුවේ මනුස්ස ආහාරයට සුදුසු හාල්ද? කොමිස් ගැහුවේම නැද්ද?ලංකාවේ හාල් මිල පාලනය කරන ලොක්කෝ දෙන්න ඒ කිව්වේ නිපුන නයා සහ කවුරුත් දන්නා අනිත් එක්කෙනා ඕකෙනුත් වාසි ගන්න මොකක් හරි දහම් ගැටයක් ගහවි. ඇයි ගබඩා වල තියනවා කියන වී තොග කොටන්නේ නැත්තේ? පිට රට පටවන්නත් හාල් ඇති තරම් තියනවා කියල සමහරු පහු ගිය කාලේ සිංහ නාද කරනවා ඇහුන! (අ)

:       0       0

මහීස් Monday, 19 December 2016 01:51 PM

චීන නිෂ්පාදන ප්ලාස්ටික් සහල් තියනවා. බලාගෙනයි (නි)

:       0       0

ජයසේකර Monday, 19 December 2016 03:12 PM

2014 වාගේ මිල එකසිය ගණන් වලට ගොස් අධික ලෙස ආනයනය කර රටේ ගොඩගෑසී ඇති තොග විසිකරන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 430 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site