IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රට පුරා මැණික් හොයන්න සමීක්ෂණයක්

(අංජුල මහික වීරරත්න)

ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව එම ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීම සඳහා සමීක්ෂණයක් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මැණික් හා ස්වර්ණාභරණ  ක්ෂේත්‍රයේ නිරතවූවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. 

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටළු ඇතුළු කර්මාන්තය ආශ්‍රිත මතුව ඇති වෙනත් ගැටළු පිළිබඳව මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 



අදහස් (8)

රට පුරා මැණික් හොයන්න සමීක්ෂණයක්

සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 March 2024 12:30 PM

ඉතාමත් හොඳ වැඩපිළිවෙළක්. මිලකළ නොහැකි මැණික්ගල් උඩ ඉඳගෙන පිටරටින් හිඟාකන ජාතියක් තමයි අපි. දේශපාලන මතය කුමක් වුවත් ඔබතුමා මේ ගන්නා පියවර අගය කළ යුතුයි.

:       15       16

Chandrathilaka Monday, 18 March 2024 01:08 PM

පතල් කර්මාන්තය රටේ සංවර්ධනය සඳහා වැදගත්කමක් තියෙනවා. ඒත් මහාපරිමාණයෙන් කරන බැකෝ යන්ත්‍ර පතල් කර්මාන්තය පරිසරයට හානියක් වෙනවා නිවාස ආශ්‍රිතව බැකෝ පතල් මගින් නිවාස, දේපළ විනාශය උපරිමයෙන් වෙනවා... ජල මූලාශ්‍ර සිඳීයාම දැකලාම තියෙනවා පිපාසයට දියබිඳක් නැති තත්වයක් ඇතිවෙන්න පුළුවන්, මගේ කුඩා ඉඩමක් තියෙන ප්‍රදේශයේ කන්ද පාමුල දෙපසින් වසර පහකට හයකට පෙර බැකෝ පතල් දෙකක් තිබුණා. ඒ වනවිට කිසිදාක නොසිඳෙන කුඩා දොළපාරක් තිබුණා. නමුත් පතල් අවසන් කාලයේ සිට තිබුණු දොලපාර නැත්තටම නැතිවුණා. බලපත්‍ර දීමේදී මේවා ගැන බලන්න කටයුතු නොකළත් මහත්ම විනාශයක් ඇතිවීම නවතන්න වයිමාටවත් බැහැ..

:       2       19

Hafeel Monday, 18 March 2024 02:31 PM

සූරියකන්දත් සබරගමුව පළාතටයි අයිති. සබරගමුව පළාතට හාරන්න අවසර දුන්නුත්, ඔයාල කාලේ වළදාපු අහිංසක තරුණයන්ගේ ඇට කටු හමු වේවි. ඒ වගේම කැළණි ගඟ ආශිත්‍රවත් හාරන්න අවසර දුන්නුත්, බටලන්ද මතු වේවි.

:       3       10

Jayathissa AluthgeMonday, 18 March 2024 04:48 PM

1993 (1994) මැතිවරණය වෙලාවේ සූරියකන්ද හාරා ඇවිස්සීම කළේ තරුණයෝ යටකල අයම කියලා තමයි ඒ ප්‍රදේශයේ අය නම් කියන්නේ...!

:       0       4

ගමේ එකාලා Monday, 18 March 2024 03:42 PM

රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි බල ලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් ගැන නම් වගේ වගක් නැහැ..!

:       2       5

විජිත් Monday, 18 March 2024 05:34 PM

මැණික් ගරන්න ඉන්දියන් වඩුග නෑයින්ව ගෙනෙන්නද දන්නේ නැහැ ප්ලෑන් එක. ගෙනාවොත්... අනිවාර්යයෙන්ම ඔවුන්ව පතල් වලට දාලා වහනවා...!!!

:       0       4

sunil Monday, 18 March 2024 06:20 PM

බලාගෙන ලොක්කා වැඩිය හාරන්න එපා. දියමන්ති මතුවෙලා ඊට යටින් තියෙන දේවල් හම්බවෙයි.

:       0       4

Bandula Monday, 18 March 2024 06:33 PM

දැන් කාලයේ භූමියේ තියෙන ඛනිජ සම්පත් පරීක්ෂා කරන්න පුළුවන් යන්ත්‍රෝපකරණ තියෙනවා කියලා අහන්න ලැබෙනවා. ඉතින් එහෙම උපකරණ ගෙනැවිත් භූමියට හා පරිසරයට සිදුවන හානි අවම වනසේ කටයුතු කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඒ ගමන්ම කියන්න ඕනෑ එකක් කඩතොලු වසන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත්තා. ඉඳුරුවේ ආචාරියා කියලා කියමන වගේ පසුගියදා පුවතක් වාර්තා වුණා. මැණික් ගැරීමට පතල් කැපීම නිසා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජල මණ්ඩලයේ ව්‍යාපෘතියක් විනාශ වුණා කියලා ඒවා ගැන අවධානය යොමුකරන්න කියලා... මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරි සේවකයින් හා කෘපනිසලා සියල්ලෝම දැනුවත් කරන්න කියලා මතක් කරන්න ඕනෑ... තවත් එකක් තමයි ගැරුම් බලපත්‍රය ගැනීමට අපේක්ෂා කරන ඉඩමේ නිරවුල් බවට අමතරව එම ඉඩම අවට ඉඩම්වලට මාර්ගවලට සිදුවන පාඩු හා හානි ගැන බලන්නත් හානි සඳහා වන්දි ගෙවීමට නීති සැකසීම කරන්න... කියලා මතක් කරනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 540 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 423 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 521 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1004 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site