විදේශ අධ්‍යාපන හා රැකියා වලට යවන බව කියමින් ව්‍යාජ වීසා හා ගුවන් ටිකට් පත් පෙන්නා තුන්සිය දෙනකුගේ අති විශාල මුදලක් වංචා කළැයි සැකපිට පොල්ගහවෙල කෝවිලක පූජකවරයෙක් ද තැරැව්කරුවෙක් හා පරිගණක තාක්ෂණ ශිල්පියෙක් ද කොළඹ මංචා විමර්ශන කාර්යංශයෙන් සැකපිට කොටහේනේ දී අත් අඩංගුවට ගනු ලැබූහ. එක් අයකුගෙන් ගත් බව කියන අවම මුදල රුපියල් ලක්ෂ 12කි. වැඩපුරම උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ගෙන් එසේ මුදල් ගෙන ඇතත් එක් අයකුවත් විදේශගත කැර නැතැයි පොලිසිය කියයි. සැකකර පූජකයා හැඳුම්පත් දෙකක් භාවිත කැර ඇත. කැනඩාව, ඉතාලිය, සයිප්‍රසය, ඇමෙරිකාව, ජර්මනිය යන රටවලට යවන බව කියා ව්‍යාජ වීසා හා ලියැවිලි පෙන්වා මේ වංචාව කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංචා විමර්ශන කාර්යංශයෙන් ??????????????????????
ඔය වගේ අයට අමතක නොවන දඩුවමක් දෙන්න ඕන
මෙවැනි දේවල් සිද්ධවෙන්නේ තන්හාව නිසා... මෝඩ මිනිස්සු.....