නීති විරෝධී ලෙස රට පැටවීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ පිරවූ ලොරි රථ තුනක් සමග සැකකරුවෝ හත් දෙනෙකු බියගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කැළණිය කඳවුර නිලධාරීන් විසින් අද අළුයම අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ නුවර, නුවර එළිය සහ ගම්පොළ යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති.
මෙම කසල තේ ගම්පොළ සිට කොළඹ වරායට රැගෙන එමින් තිබූ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තේ තොගය වැරදිලාවත් රට ගියා නම්, ශ්‍රී ලංකාවේ උසස් තේ වලට තිබෙන අපේ කීර්තිමත් නාමය නිකම්ම දියවෙලා යනවා. මේ වංචාකාරී, ආර්ථික හොරුන් අල්ලා තද දඬුවම් දියයුතු වෙනවා. (නි)
තේ කියන්නේ ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක්. එ්කත් විනාශ කරලා සල්ලි හම්බකරන්න හදන්නේ. (නි)
මේ රටේ තවත් විදියක ජාතික අපරාධකාරයෝ ටිකක් (නි)
නන්දලාල් ලොකුකමට ප්‍රංශය කියලා දැම්මට ඉන්න රට අපිට වැඩක් නැහැනේ