IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රතු වරෙන්තු කත ආ පයින්ම ආපසු යවයි

(ටී.කේ.ජී.කපිල )

ජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත  , බ්‍රසීල ජාතික තරුණියක් , ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී  අද(9)  කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන , ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

ඇය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත  බ්‍රසීල ජාතික 23 හැවිරිදි තරුණියකි .බ්‍රසීල රජය මගින් ඇය අත් අඩංගුවට ගැනීමට සැරසෙන විට , ඇය තායිලන්තය වෙත පැන ගොස් තිබුණි

එනිසා ඇය අත් අඩංගුවට ගැනීම සදහා බ්‍රසීල රජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබූ අතර , ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය විසින් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු වරෙන්තුද  නිවේදන නිකුත් කර තිබුණි .

ඇයගේ තායිලන්ත වීසා කාළය නිමා වීම හේතුවෙන් , තායිලන්තයෙන් ඇය මෙසේ ශ්‍රී ලංකාව බලා  පිටත්වී තිබේ .

 ඒ වනවිටත් ඇය අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව ඇය දැන සිටි අතර , ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන මෙසේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා මෙසේ පැමිණ තිබුණි .

ඇය අලුයම 12.00 ට තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා පැමිණි  සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

මෙසේ පැමිණි ඇය සිය ආගමන  නිෂ්කාශන කටයුතු කර ගැනීම  සඳහා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන නිලධාරී කවුළුව වෙත පැමිණ සිටියදි ඉදිරිපත් ගුවන් ගමන් බලපත්‍රය සහ ශ්‍රී ලංකාවේ වීසා සඳහා අවශ්‍ය වන ලියකියවිලි , දේශ සීමා තොරතුරු පද්ධතිය සමඟ පරීක්ෂා කල ආගමන විගමන නිලධාරීවරයා , ඇය  ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු  නිවේදනයක් නිකුත් කර ඇති තැනැත්තියක් බව අනාවරණය කර ගෙන තිබේ .

 ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කටුනායක ගුවන්තොටුපල  පැමිණීමේ පර්යන්තයේ  රාජකාරියෙහි  නිරතව සිටි  ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කෙරුණි .

එහිදී මෙම බ්‍රසීල ජාතික තරුණිය තායිලන්තයේ දිගු කළක් රැදී සිටීමෙන් අනතුරුව , ජාත්‍යන්තර පොලීසියට හසුවීමෙන් වැලැකීමට හැකි වන අයුරින් , වෙනත් රටකට ඇතුළු වීම සදහා ඇය සැළසුම් කර ගෙන තිබූ බවත් , ඒ අනුව මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ,  මේ පිළිබඳව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගැනීමට සමත්වු බව රේගුව සදහන් කලේය.



අදහස් (2)

රතු වරෙන්තු කත ආ පයින්ම ආපසු යවයි

ravin Thursday, 09 December 2021 07:05 PM

බොහොම හොඳයි. අතිදක්ෂයි,

:       0       0

Gihan Friday, 10 December 2021 10:16 AM

හැබැයි සමහර රතු වරෙන්තු කාරයො කිසි ප්‍රශ්නයක් නැතිව ලංකාවට ඇවිත් මාධ්‍යය වලත් පෙනී සිටිනවා. යුක්‍රේනයෙන් සංචාරකයොත් ගෙන්වනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 104 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 191 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 740 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 548 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1261 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 650 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site