පිවිතුරු හෙටක් ජාතික සංවිධානයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළහ.
හිටපු අගවිනිසුරු සරත් සිල්වා ඇතුළු කණ්ඩායමක් විසින් එම කෙටුම්පත සකස් කැරිණි.
මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති ඩී යූ ගුණසේකර ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.
ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති ක්‍රියා කළ හොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ කීහ.
සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ පැවසූහ.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල බෞද්ධ රට යන හැටි නම් ඉතාම නරකයි. ඒත් තවමත් රටේ සිංහල බෞද්ධ බහුතරය මේ ක්‍රමය අනුමත කරන නිසා මේ ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ. (නි)
අන්තිමට සද්දෙ විතරක් ඉතුරුවෙලා නම් වැඩක් නැහැ. වැඩත් ඕනෑ (නි)
නීතියට ගරුකරන, ආදර්ශමත් පාලකයන් ඇතිවිය යුතුයි. එයට කාලය දැන් ලහි ලහියේ හැඩවෙනු ඇත. එය දුටු මට මෙසේ හැඟේ. ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ නිමිති පහළවන ලකුණුද මේ ? (නි)
මම මේ බැලුවේ මෙතනත් අපේ නමින් ප්‍රතිචාර දාලද කියලා. සමහරු දේශපාලන වැඩ වලට සුභ පතන්නේ මෙතන ලියන අනුන්ගේ නම් වලින්. (නි)
ඇත්තටම මේක තමයි දැන් වෙන්න ඕනෑ. මේ රජයේ ගොඩක් දේවල් වල විශ්වාසය නැතුව ගිිහින්. මැති ඇමතිවරුන්ගේ දුෂණ වංචා මෙන්ම රටේ නීතියක් නැහැ. නීතිය තරාතිරම අනුව වෙනස්. ඒ නිසා ආණ්ඩු මාරුකළාට වැඩක් නැහැ. පවතින ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෑ. රතන හාමුදුරුවන්ට ජය වේවා! (නි)
ව්‍යවස්ථාවක් නැති රටවලුත් තියෙනවානේ. අවශ්‍ය වන්නේ නීතිය සුරැකීමයි (නි)
ඒකත් නරක නැහැ.... (නි)
කවදාවත්ජනාධිපතිවරණයකට කලින් ව්‍යස්ථා සංශෝධනයකට යන්නෙ නැතිවෙයි. පුදුම වෙන්න දෙයක් නැහැ. දෙමල ඩයස්පෝරාව, ටීඑන්ඒ සංවිධානයත් බලන්නෙ මහින්ද මහත්තයා පරද්දන්න. පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා මෙයාලා ප්‍රසිද්ධ අය මිසක් ජනප්‍රිය අය නොවන බව. මේ රටේ බහුතරය ඊළමට විරුද්ධ අය. (නි)
ව්‍යවස්ථාව හොඳ එකක් වුණත් නැතත් මෙතනට පත්වෙන පුද්ගලයා අනුව තමයි හැමදෙයක්ම සිදුවෙන්නේ. (නි)
දේශපාලන පුවත් වලට ඕනෑම ප්‍රතිචාරයක් ලිව්වට කමක් නැහැ, අපේ නම් වලින් නොලියා. (නි)
කවුරුත් තමන් ගැන පමණක් හිතනවා මිසක් රට ගැනවත්, ජනතාවගේ දුක ගැනවත් හිතන්නේ නැහැ. මෙච්චර කලක් ජනතාවට කළ සෙතක් තියෙනවද? මේ කතා කියන්න මේගොල්ලන්ට මෙතරම් කල්ගිය එකනේ පුදුමේ. (නි)
ඉතාම හොඳ කාරණා අඩංගු යෝජනාවක් රත්න හිමියන් විසින් ඉදිරිපත්කර ඇත්තේ. රටේ සිවිල් සමාජ දේසපාලන පක්ෂ සහ මහජනතාවද පක්ෂ පාට නොබලා සහයෝගය දෙන්න (නි)
රතන හිමියනි, ඔබවහන්සේ අද විරුද්ධවන්නේ එදා තමන්ම සම්මත කළ දෙයටයි. ඉතා නිහඬව බුද්ධිමත්ව අවස්ථාව එළඹෙනතුරු බලා සිට දැන් ඉදිරිපත්වීම හොඳ දෙයක්. නව ව්‍යවස්ථාවෙන් පක්ෂ දේශපාලනය තුළින්ම උගත් වැදගත් පුද්ගලයින්ට දේශපාලනයට ඇතුලුවීමට අවස්ථාව ලබාදෙන්න.ඔබ වහන්සේට ජය ශ්‍රී! (නි)
වෙන දේවල් පේනවනේ දැන්. මේ විදිහට බෞද්ධ ඡන්ද කැඩිලා ගියොත් මොකද වෙන්නේ? 2009 දී සිටි බලවේග අද අනෙක් පැත්තක් අරගෙන. ඉදිරි ජනාධිපතිවරණය බොහොම තීරණාත්මකයි. අනෙක් අතට පරණ ශ්‍රී ලංකා මන්ත්‍රීවරු කළකිරීමෙන් ඉන්නේ. ඒ අය ප්‍රසිද්ධියේ රජය විවේචනය කරනවා. යු එන් පී එකෙන් පැනපු උදවිය වැට උඩ ඉන්නේ. ඒගොල්ලොන්ට උලත් එකයි පිලත් එකයි (නි)
ගරුතර ස්වාමින් වහන්ස, දැන් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පතෙහිවත් උගත් ශීලාචාර මහත්ම මහත්මියන්ට පමණක් දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ලබාදෙන නීති සහ කාටත් සුවසේ ජීවත්විය හැකි, සිංහල බෞද්ධ උරුමය රැකෙන සිංහල රටක් බිහිකිරීමේ නීති ඇතුළත් වී තිබේද? එමෙන්ම මැතිවරණයකදී යම් කෙනෙකු දුෂිත ලෙස ක්‍රියාකර මැතිවරණය දිනු බවට ගරු අධිකරණයකින් තීරණය කළහොත් ඔහු හෝ ඇය දෙවන තැනට සිටින අයට මන්ත්‍රීකම ලැබෙන සේ නීති සකස් කර ඇත්තේද? මන්ද අතුරු මැතිවරණ වලට හෝ වැයවන්නේ මේ රටේ මහජන මුදල් බැවිනි. (නි)
මේ උත්සාහය සිංහලකම, බෞද්ධකම රැකෙන සාධාරන සාමකාමී රටක් බිහිකිරීමට පමණි. (නි)
අපිත් කැමතියි මේකට (නි)
මේ කියන විදියට මේ රටේ දේශපාලන පක්ෂයකට බලයක් ගත්තට මාස හයක්වත් ඒක රැකගන්න ලැබෙන්නේ නැහැ.මාස හයෙන් හයට මැතිවරණ තියන්න නම් මේක හොඳයි.ඕවා ප්‍රායෝගික දේවල් නෙමෙයි (නි)
විකල්පයක් ලෙස යෝජනාවක් තිබේද? (නි)
රටට යහපතක් වෙනවා නම් ඒ ඇති (නි)
අපේ මේ පුංචි රටට ගැලපෙන ව්‍යාවස්ථාවක් නම් වඩාත් යහපත්.(හේ)
කොන්දේසි විරහිතව හැමෝම සහයෝගය දෙන්න ඕන කාරණාවක්.(හේ)
අපිට හීන දකින්න පුළුවන්.. නමුත් අවදි උනාම පොළොවේ පය ගහන්න වෙනවා..(හේ)
හැමෝගෙම ඒවා එළිදැක්වුවොත්, ජනතාවට පුළුවන් හොඳ එක තෝරාගන්න. නමුත් බලය ලැබුනම පොරොන්දු ඉටු කරාවිද? කවුද දන්නේ? එතන තමා කොස්ස (නි)
ආරම්භය හොඳයි, සුබයි. (නි)
ගරු හිමියනි, ඔබ වහන්සේගේ උත්සාහය රටේ ජනතාවට යහපත් දිනයක් උදා කිරීමටයි. එය ඉෂ්ට වේවා! (නි)
රටේ නීතියේ ආදිපත්‍යය සුරකින කවුරු හෝ වේවා අපි දිවිහිමියෙන් එකඟ වන්නෙමු.(හේ)
අනේ වාසනාවන්.(හේ)
විශිෂ්ඨයි. සාර්ථක වේවා.(හේ)
රටේ ජනතාවට සෙතක් වන එකක් ම වේවා. මගෙන් සුබපැතුම්...!(හේ)
රටට විනාශයක් ගෙන දුන් පළාත් සභාවයි මනාප ක්‍රමයයි අනුපාත ක්‍රමයයි නැත්නම් මේක හොඳ එකක් වෙයි. (හේ)
ජනතාවට අවශ්‍ය ජිවන තත්වය උසස් කරගෙන සාමයෙන් ජීවත්වීමටය.(හේ)
මොන දේ ගෙනාවත් අපිට වාසිනම් හොදයි.(හේ)
මේ ව්‍යවස්ථාව හොද එකක් වෙන්න ඕනැ. (හේ)
අපේ නිදහස රැකෙන ක්‍රමයකට අපිත් කමතයි.(හේ)
අපිට අපේ දරුවන් සමඟ ජීවත්වෙන්න රටක් ඉතිරි කරලා දුන්නොත් හොඳටම ප්‍රමාණවත්. දැන් යන ක්‍රමයට රටක් නම් ඉතිරිවෙන්නේ නැහැ. (නි)
දුෂිතයන්ට දඩුවම් කරන්න පුළුවන් රජයක් බිහිවේවා! (නි)
ලියනගේ, අන්තිමට වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ. (නි)
දුෂණයෙන්,නීතියේ ආධිපත්‍යයෙන් ,වංචාවෙන්,හොරකමින්දැන් රට විනාශයෙන් විනාශයටම ගිහින් ඉවරයි. (නි)
රටේ අනාගතය වෙනුවෙන් ස්ථිර වැඩපිළිවෙලකට අපගේ සහයෝගය! පාර්‍ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් තමා මුලිකම දේ. ඒ වගේම රටේ නීතිය සදාචරය ගොඩනැගිය හැකි ව්‍යවස්ථාවක් විය යුතුයි. සාධාරන රටක් උදෙසා මෙවැනි වැඩක් කාලයට ඔබිනවා.සාර්ථක වේවා!! (නි)
"සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ පැවසූහ". අද රටට වෙලා තිබෙන විනාශයට මේ හැමෝම වගකියන්න ඕනෑ. (නි)
අපි බුද්ධිමත් වියයුතුයි (නි)
අපි මෙයට සහයෝගය දෙමු (නි)