ඌව ඡන්දය දා බණ්ඩාරවෙල පොලිසියේ දී බණ්ඩාරවෙල නගරාධිපතිට පහර දුන් බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.
මෑතකදී ආන්දෝලනයක් ඇති වූ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ලංකාදීප එසැණ සමඟ සමූඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එලෙස කීවේය.
ලංකාවේ සිදුවන අපරාධවල අඩුවක් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වාහනයකට දඩ කොළයක් දුන් පොලිස් කොස්තාපල්ගේ සිද්ධිය, හාලිඇළ දී මාධ්‍යවේදියකුට පහර දීම, පොලිස් අත්අඩංගුවේ සිටිය දී සැකකරුවන් මිය යෑම, බොරැල්ලෙන් ඇල්ලූ විස්කි බෝතල් අතුරුදන් වීම, හම්බන්තොට දී පිස්තෝලයක් අතැතිව සිටි නගරාධිපති, රත්නපුරදී කාන්තාවකට පහර දීම සහ පොලිසියේ උසස්වීම් ඇතුළු සිද්ධි කිහිපයක් ගැනම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණු දැක්වීය.
අජිත් රෝහණ මහතා සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරාගේ දෙපිට කාට්ටු අදහස් දැක්කම දෙකොනින් හිනා යනවා. අර දඩ කොලය දීල නීතිය ක්‍රියාත්මක කල පොලිස් කොස්තාපල් බොහොම වැරදියි. මෙතන කාන්තාවකට මහමග තඩි බාපු පොලිස් නිලධාරියා අනේ හොඳයි. ! ඇත්තට බන්දුල ඔබ ඇඳුමක් ඇඳගෙනද මෙතන ඔය සම්පත් ඔබට තිබෙනවා කියන මහාචාර්ය අදහස් ලියන්නේ ? (නදී)
අනේ මම නම් කියන්නේ මොන වරද කලත් ඔය විධියට දඬුවම් කරන්න අපේ රටේ නීතියෙන් ඉඩක් නැහැ කියලයි. බට්ටිව එල්ලුම්ගස් යැවුවත් කමක් නැහැ උසාවි නියෝගයකින්. පොලිසිය කරපු මෙම ක්‍රියාව අනුමත කලොත් අපේ රටේ යන්තම් හරි ඉතිරිවෙලා තියෙන ; නීතියෙනුත් පිහිටක් නැති වේවි. (නදී)
බමුණුගේ ප්‍රතිචාරය ඉතාම හොදඊ බුද්ධිය තියනවනම් බලන අය තේරුම් ගනී නොගන්නවනම් අපේ රටේ අවාසනාව(දිල්)
දැන් කට්ටිය කියන්නේ බට්ටිගේ රස්සාව නිසා පොලිසිය දුන්න දඩුවම හරි කියලාද එහෙම කියා කට්ටියට බැරිද බට්ටිට උදව් කරන්න.(නදී)
ක්ෂණික මිනීමරුමකටයි පොලිස් නිලදාරියගේ ඔය හැසිරීමයි නොදන්නා සමාජයක් තුල අපි අපේ දරුවන් කෙසේ නම් අතරමන් කරමුද දෙවියනේ (නදී)
මෙවන් " ඔබට පුළුවන් නම් පියවරක් ගන්න. ඔය රැකියාව කරන දස දහස් ගණනාවක් කොළඹ පුරවරයේ සහ පිට පළාත්වල ප්‍රදාන රැකියාවට සමානව ඔය රැකියාවේ නිරත වී ඉන්නවා. රටේ හොඳ දේශපාලන බලය සමග යහමින් ඔය රැකියාව වඩාත් පුළුල් ලෙස මහා පරිමාණයෙන් විදේශික ගනුදෙනු කරුවන් සමග පොලිසියේත් අනුදැනුම පිට කෙරෙනවා. ඔවුන්ගේ ජීවිතය බස්ටෑන්ඩ් වලට සම්බන්ද නැහැ. සුපිරි වාහන /විසිතුරු මහල් නිවාස/හෝටල්/ආරක්ෂා කරුවන් මෙකී නොකී සෑම පහසු කමක්ම තිබෙන බව බන්දුල සහෝදරයා හොදටම දන්නවා. එම ලදුන්ව වටලන්න ලංකාවේ තියා පිටසක්වල පොලිසියක් ආවත් එක දුර කතන ඇමතුමකින් විසදා බේරන්න බලවත් උදවිය ඉන්න රටක බමුණු වගේ සහෝදර පිරිසක් පාඨකයන් අතර ඉන්න එකත් සහනයක්. බට්ටි මහපාරේ අනාචාරයේ යෙදීම තහනම් වරදක් නම් පොලිස් නිලදාරියත් මහපාරේ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීම වරදක් නෙමේද? එසේම තවත් එවන් පොලිස් නිලදාරියෙක් බම්බලපිටිය මුහුදු වෙරළේදී ද්‍රවිඩ තරුණයෙකුට(මන්ද බුද්දික) අමානුෂික ලෙස පහරදෙන අන්දම රූපවාහිනි නාලිකා ඔස්සේ ප්‍රචාරණය වුනේ කාගේත් සිත් කම්පා වෙන අන්දමින්. එදත් ඒ තරුණය පොලිස් නිලදාරියට කී වාරයක් නම් වැන්දද? දියේ ගිලි අතුරු දහන් වෙනකම්ම පහර දීපු හැටි කාගේත් හද කම්පා කෙරුවේ පොලිස් නිලදාරියට ශාප කරමින්. ඔය බන්දුල කියන පුද්ගලයා කියන තරම් කියන්නේ වැරදි කරන්නා සුදනා කියලයි. කවද හරි මට්ටු වෙයි කිල හිතල අපි එයාට ඔහේ ලියපු දෙන් කියල ඉන්නවා. (නදී)
බන්දුල පෙරේරා මොකද මේ එක එක වෙලාවට පොලිස් නිලධාරීන්ට එක එක විදියට සලකන්නේ ? අර දඩ කොළ දීපු පී සී ගැන කියපු දේවල් මතක නැද්ද ? දැන් මෙයා හරිම නීති ගරුකයි. (නදී)
මට තියන ප්‍රශ්නය අපේ පොලිසිය ගහන්නේ ඔය වගේ හිගන ගණිකාවන්ට . පුලුවන්නම් ගහල බලන්නකෝ සුපිරි ගනිකාවකට. පොලිස් ලොක්කෝ , දේශපාලකයෝ පෝලිමේ එයාලව බේරගන්න එනවා. (නදී)
බන්දුල, මතකද පොලිස් නිලදාරීන් දෙන්නෙකුට ඇමති කෙනෙකුගේ බිරිඳක් ඉතා පහත් ලෙස බැනලා තිබ්බා. කොච්චර නිලදාරී ඉන්නවද ඇමති බිරින්දෑවරුන්ගේ බැල මෙහෙවර කරන. කෝ ඔය කියන කොන්ද. මේක මේ රටේ සමාජයේ තවත් එක පෙති කඩක්. අපි තාමත් ශිෂ්ඨ වෙලා නැහැ. එ්ක නිසයි මේ වගේ වැඩ වෙන්නේ සහ මේ වගේ වැඩ අනුමත කරන සමාජයක ඉන්නේ. ඔබට මේකට බැනලා වැඩක් නැහැ. මොකද ඔබත් මේ සමාජයේම කොටසක්. (නදී)
බන්දුලලා වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවා. වැඩිය භයානක වන්නේ ඒ වගේ අය බහුතරයක් හිටියොත්. ඇත්තටම මන් හිතන්නේ ලංකාවේ බහුතරයක් තාමත් ඒවගේ අය. තමාගේ අයිතීන් ගෙන් මානව හිමිකම් ගැන ශිෂ්ඨ උසස් සමාජයක් රටක් ගැන මිනිස්සු බහුතරයක් දැනුවත් වීමෙන් හා නිර්භයව තීන්දු තීරණ ගන්න දවසට. ප්‍රබලයන් ඉදිරියේ නිවට නොවී නියාලු නොවී ඉන්න බහුතරයක් ඉන්න ජනතාවක් ඇති වු තැන මේ රට හොඳ දිසාවට හැරෙයි. තවමත් ලංකාවේ බන්දුලලා බහුතරයක් ඉන්නේ. (නදී)
තාත්තල දාලගිය දරුවන් කොයිතරන් නම් ලෝකයේ ඉන්නවද මෙවන් හැමෝම එහෙම නැහැ. ඒවගේම තාත්තල ඉන්න කොටත් පාරට එන බට්ටිල කොයි තරම් රටේ ඉන්නවද? මෙවන් කියන්නේ ඔය හැමෝම බට්ටිල ටික පෝලිමට තියල වෙඩි තිබ්බොත් පහුවෙනිදට රටේ බට්ටිල ඉපදෙන්නේ නැහැ කියලද? ඔබට ලියන්න දේවල් ගොඩක් තියෙනවා නමුත් අපේ සංස්කාරක තුමා පළකරන්නේ නැහැ (නදී)
අනේ බන්දුල ඔබ ඒ පාර මාර්ග පල ලබලාද ? ගණිකාවක් යන පාරේ යන්න අමාරුවක් ද ? පුළුවන් නම් පස්ස දොරෙන් ගණිකා නිවාස වලට යන පිරිමි යන පාරවල් වලත් යන්න එපා බන්දුල. එතකොට ඔබට යන්න වෙන්නේ උඩින්. මොකද ඔය කියන විදියේ සත් පුරුෂ මහත්වරුන්ට විතරක් වෙන් කෙරුන පාරවල් තාම මේ රටේ නැහැ. පාරේ යනවිට මේ පාර සත් ගුණවත් ශීලාචාර කට්ටිය ගමන් කරන පාරක්ද කියලා හිත හිතා ගමන් කරන්න තරම් අපිට නම් ඔලුවේ අමාරුවක් නැහැ. (නදී)
"අනික දුප්පත් වුන හැමෝම මේ වගේ උසස් රැකියාවක් තෝරාගන්න ගියොත් මේ බෞද්ධ රටට මොකද වෙන්නේ?" ඔබ මෙයාගෙන් ද මේවගේ රැකියාවක් තිබෙනවා කියල දැනගත්තේ? හලෝ මෙය ලෝකේ පැරණිම රැකියාව බුදුන් වහන්සේ බුදුවෙන්න පෙරුම් පුරන කාලෙත් මේ රැකියාව තිබුනා. (නදී) බුදුන්වහන්සේ හෝ ජසුස් වහන්සේ අවෛකියල රැකියාව නථිඋනෙනහ රැකියාවත් එහෙම්මමයි ලෝකෙත් එහෙම්මමයි බට්ටිලත් . එහෙම්මමයි.
"මේ කාන්තාව ප්‍රසිද්ධියේ කියනවා මම ගණිකාවක් කියලා." ඉතින් හලෝ මොන රටේද ගනිකාවකට පාරේ බිමදාගෙන දෙනෝදාහක් බලාගෙන ඉන්දැද්දී පොලිස්කාරයෙකුට ගහන්න ඉඩදීලා තිබෙන්නේ. එ්ක මට කියන්න. අපේ ප්‍රශ්නය ගැහැනියකුට පොලිස්කාරයෙක් මහා පාරේ ගහපු එක. නැතිව එම ගැහැනියගේ රැකියාව නොවයි . "රත්නපුර දී කාන්තාවකට පහර දීම අනුමත කරන්නේ නෑ" කියල පොලීසියම කියනවනම් අනික් අයගේ කතා වලින් වැඩක් නැත. (නදී)
මාත් හිතන්නේ බන්දුලගේ අදහස් නිවැරදියි. ඕනෑම ප්‍රශ්නයක් දිහා සමබරව හිතන්න ඕනා. මේ කාන්තාව ප්‍රසිද්ධියේ කියනවා මම ගණිකාවක් කියලා. එහෙම වුනේ ළමයින්ට කන්න දෙන්න කියලා. එතකොට ළමයින්ගේ තාත්ත පොල්ගානවද? අනික දුප්පත් වුන හැමෝම මේ වගේ උසස් රැකියාවක් තෝරාගන්න ගියොත් මේ බෞද්ධ රටට මොකද වෙන්නේ? (නදී)
බමුණු, නියමයි. මමත් පුළුවන් තරම් ගහන්නේ ඔය බන්දුල පෙරේරා කියන හන මිටි අදහස් දරන මනුස්සයටයි. (නදී)
"අමතක කරන්න එපා නිවැරදි දේ ප්‍රකාශ කරනකොට" මොකක්ද හලෝ මෙතැන තිබෙන නිවැරදි කම ? අපි කතා කොරන්නේ මහා දවල් මහා පාරේ දහසක් දෙනා බල සිටියදී ගැහැණු කෙනෙකුට පොලිස්කාරයෙක් ගහපු එක. එ්ක නිවැරදියි කියන බූරුවා කවුද ? ජේසු ස්වාමි දරුවන් තමයි කී වේ වැරදි නොකරපු කෙනෙක් ඉස්සෙල්ලා ගල් ගහන්න කියලා. (නදී)
"ඇමෙරිකාවේ පොලිසිය මොන තරම් කාන්තාවන්ට පහරදෙන දර්ශන තියනවද කියලා කියන අපේ පාඨකයෝ මොනතරම් දැනුමෙන් දුප්පත්ද කියලා." මට දුකයි. ඇමෙරිකාවේ කාන්තාවන්ට ගහන නිසා අපේ රටෙත් ගැහැනුන්ට ගහන්න දෙන්න. එතකොට අපේ පාඨකයෝ දැනුමෙන් දියුණුයි. ඔන්න එයාගේ දැනුමේ තරම. මෙම ගැහැණු එක්කෙනා වනුවෙන් මානව හිමිකම් නඩුවකට ගියොත් මෙයාගේ රස්සාව ගැන කිසිම සැලකිල්ලක් එම කොමිසම දක්වන්නේ නැත. (නදී)
"මුළු ලෝකෙම සිද්දවෙච්ච එකම පොලිස් පහරදීම වගේ මේකට මාද්‍ය ප්‍රචාරය ලැබුනේ. " මුළු ලෝකයේම ඉන්න එකම ගණිකාව විදිහටයි සමහර අය බට්ටි ගැන කතා කොරන්නේ. හලෝ අපි කතා කොරන්නේ පොලිස් කාරය හික්මුන නිලදාරියෙක් හැටියට ක්‍රියා කලයුතු බව කීමටයි. මෙහිදී පමණක් නොව ගෙවල් වල සිටිය තරුණයින්ව ගෙන ගොස් මර දැමු අවස්ථා තිබුනා. පොලිස් නිලදාරීන්ට නීතිය අතට ගන්න ඉඩ දීල නැහැ. එහෙම ඉඩ දීල තිබේනම් ඔය කියන පොලිස් නිලදාරිය නිදහස් වේවි. (නදී)
අමතක කරන්න එපා නීතිය හැමෝටම සාදාරනයි. බන්දුල වාදීන් ඇෆ්ගන් වල අද මහා පාරේ මිනිසුන්ගේ බෙල්ල කපනවා. ඉදිරියට බන්දුල වේවැලක් පොලිසියට හදුන්වා දෙනවා වැරැද්දක් කරපු තැනම තියල තලන්න හෝ නැතිනම් බෙල්ල කපන්න. (නදී)
බන්දුල පෙරේරා කියන දේවල් තේරෙන්නේ නුවණැත්තන්ට පමණි (නි)
බන්දුල පෙරේරා මෝඩ අදහස් දාන්නේ (නි)
බන්දුලලා වගේ අය බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්නකොටත් හිටියා. කොයිතරම් බණ කිවුවත් ඇහුවත් වැඩක් වුණේ නැහැ. මේක එයාගේ වැරැද්ද නෙමෙයි. වැරැද්ද හදන්න පුළුවන් එහෙත් අවාසනාව? (නි)
රටේ ජීවත්වෙන්න අමාරුයි. දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ. ඉතින් ඇඟ විකුණලා කීයක්හරි හොයාගන්නවා ඇර කරන්න දෙයක් නැහැ. ලොකු හෝටල් වල ලොකු අය සහ ඔවුන්ගේ දු දරුවන් කරන දේවල් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මුළු ලෝකයම මේවා අන්තර්ජාලය හරහා දකිනවා. වෙන රටවල මෙවැනි දේවල් වරණය නොකළත් මෙවැනි දේවල් සිද්ධවෙන්නේ නැහැ. සිදුවුණත් සාධාරන අපක්ෂපාතීව නීතිය මගින් අධිකරණය හරහා කටයුතු කරනවා. බෞද්ධ රටකට ගිය කල! ඔබ සැමට තෙරුවන් සරණයි (නි)
බමුණු-මම ඔබේ අදහස්වලට එඟකයි.ඇත්තටම අද පොලිසිය තමන්ගේ කාර්ය හරියට වටහා නොගෙන කටයුතු කර තිබෙනවා.බට්ටී යම් වරදක් කලානම් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන්න හැකියාව තියෙනවා.මහා මඟ මෙසේ පහරදීම තුලින් පොලිසිය අප කීර්තියෙන් අප කීර්තියට පත්වීම සාධාරණයි.අද මිනිසුන් තුල පොලිසිය කෙරෙහි විශ්වාසය බිඳී ගිහින්.රටේ තවත් බට්ටිල බිහිවෙයි හැමෝටම බැටොන් පොල්ලෙන් උත්තර හෙවුවොත් පොලිසියේ කියක් එළියේ ඉඳීවිද.මෙවන් දේ ජනමාධ්‍ය තුලින් ලොවපුර ප්‍රචාරය වීම තුලින් අපේ රට කෙරෙහි විදේශීයයන් තුල වැරදි දුර්මතයන් ගොඩ නැගෙනවා.(අ)
පොලිස් නිලධාරියා සැකකරු උසාවියට ඉදිපත්කිරීම සහ ඔහු හෝ ඇය කළ වැරැද්ද උසාවියට ඉදිරිපත් කිරීම පමණයි කරන්නේ. පොලිස් නිලධාරියාට පැමිනිලිකරුයි, නඩුකාරයයි, අලුගෝසුවයි ඔක්කොම වෙන්න බැහැ. (නි)
බන්දුල මහතා, තමන් පාලනය කර ගන්න බැරි නොහික්මුණු මිනිසුන් ඉන්න නිසා තමයි පොලිස්සිය වුවමනා කරන්නේ. ඉතින් පොලිසියත් නොහික්මුණු විදිහට ක්‍රියාකරන්න ගියොත් මොකක්ද රටට වෙන්නේ? උත්තර දෙන්න (නි)
කුසුම්, එහෙම වෙනවා පත්තිනි අම්ම වැහුනහම. ඔයත් බන්දුලගේ පොලිස් නීති විදයාලට යන්න. ලංකාවේ තාම ෂරියා නීතිය නැහැ. අමතක කරන්න එපා පෙරේරලා ලංකාවට අවුරුදු 300 තිස්සේ කරපු සංස්කෘතික සෝදා පාළුව. පෙරේරලට අපේ පැරැන්නෝ කීවේ තුප්පහි කියලා. (නදී)
මෙතන එක්කෙනෙක්, ගණිකාවක් කුණුහරුප කියපුවා ගැන බණ කියනවා. එයා, එක එක සමාජ වෙබ් අඩවි වලට කියන කුණුහරුප බලන්න (නදී)
රටේ නීතියක් තියනවා. පොලිස් කාරයෝ හිතාගෙන ඉන්නේ ව්‍යවස්ථාදායකය, විදායකය සහ අදිකරණය තමන්ම කියලා. අනෙක් ව අමතක කරන්න. පිරිමියෙක් ගැහැනියකට තැලීම ලංකාවේ මොන සමාජයද අනුමත කරන්නේ? (නදී)
ලංකාවේ නීතියට අනුව පොලිස් නිලධාරියෙකුට ඇති අවම බලය යටතේ මෙහිදී මෙම කාන්තාවට පහර දීම සම්පූර්ණ වැරදියි. ඇය කුමන තරාතිරමක වුවත් පුද්ගලයෙකු වශයෙන් මානව හිමිකම් යටතේ ඇයට සිදුවුයේ වරදක් සහ එයට නීතිමය රැකවරණය පවතී. ගණිකා වෘතිය අපේ සංස්කෘතියට හා සමාජයට ලොකු වරදක්. ඒ වගේම ගෞරවාන්විත රැකියාවක් නොවෙයි. නමුත් ලංකාවේ නීතියට අනුව මැයට එරෙහිව ඒ යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාවක් නැහැ. මේවාට නීති සම්පාදනය කරනවා නම් තමයි ගොඩක් හොඳ. නමුත් මෙහිදී පොලිස් නිලධාරියා තමාට නොහැකි බලයක් බාවිතා කරලා තියෙන්නේ. වරදට දඬුවම් දීම මීට වැඩිය සැලකිලිමත් උනා නම් තමයි හොඳ (නදී)
මම දිගින් දිගටම බන්දුල පෙරේරාට විරුද්ධව අදහස් දැම්මත් මෙතැනදී ඔහුගේ අදහස්වල වැරැද්දක් දකින්නේ නැහැ. (නි)
කමෝන් බමුණු, හොඳම කමෙන්ට් ටික ඔබගෙන් ලබා දීලා. මට ලියන්න දෙයක් ඔබ ඉතිරි කර නැහැ. (නදී)
බමුණු දකින්නේ ප්‍රසිද්ධියේ පොලිස් නිලධාරියෙක් ගැහැණියකට පහරදුන් අකාරය.මම දකින්නේ නොහික්මුණු ගැහැණියක් තමාට තමා පාලනය කරගන්න නොහැකිව පොලිස් නිලධාරියෙක්ගෙන් ගුටිකෑ ආකාරය.බමුණු කියන විදියට මේ පොලිස් නිලධාරියා වරදකරුවෙක් නම් ඔහු එම තත්වයට පත්කළ මේ ගැහැණිය නිවැරදි වෙන්නේ කොහොමද? ප්‍රසිද්ධියේ අශෝභන විදියට මහපාරේ හැසිරුණු, ප්‍රසිද්ධියේ තමන් වීදි ගණිකාවක් බව පිළිගත් එම ගැහැනියට දඩුවම් නැද්ද? බට්ටි විතරක් නෙමෙයි මේ රස්සාව කරන්නේ.ඒක ඇත්ත. වෙනස තියෙන්නේ අනෙක් අය හත්පොළේ ගාගෙන ඔය රස්සාව නොකරන එක. (නි)
අපිත් බලාගෙන ඉන්නේ මොකක්ද වෙන්නේ කියලා තමයි (නි)
බන්දුල පෙරේරාට සුභ අනාගතයක්. (නදී)
බමුණු මම ඔබ ගැන ඉතාමත් ආඩම්බරයි ඔබගේ අදහස් වලට ගරු කරනවා. මා ලිවීම නතර කර දිගු කාලයක්ම නිහඩව හිටියා. ඔබ වැනි අය තව තවත් බිහිවේවායි පතා මම නිහඩ වෙමි (නදී)
බට්ටි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මානව හිමිකම් සංවිධාන කලුකෝට්කාරයෝ පොරකනවා.මේ සිදුවීම ගැන සතිඅන්ත පුවත්පත් මැනවින් වාර්තා කරලා තිබුනා.ලෝකයේ ඉන්න අහිංසකම කාන්තාව කරලා මාධ්‍ය ඉදිරියේ සළුපිලි අන්දන්න හදන මේ බට්ටිගේ කෙරුවාව, මේ පොලිස් නිලධාරියා මේ තරම් කුපිත වුණ කාරණය, මේ පහරදීමට පෙර මේ තැනැත්තිය හැසුරුණු අශෝභන අකාරය සවිස්තරව දක්වා තිබුනා.මම එතන හිටියත් ඔබ එතන හිටියත් ඔය සිදුවීම වෙන්නේ ඔය විදියටම තමයි. කවුද කැමති නිල ඇඳුමක් ඇඳගෙන පාරේ ඉන්න කාන්තාවන්ගෙන් එහෙම අපහාස විඳින්න? (නි)
පොඩි දරුවන් පවා හරි කැමතිලු නේද එයා නිසා ප්‍රවෘත්ති අහන්න. ඇත්ත තමයි ඒකත් (නි)
මෑත කාලයේ නිතරම අහන්න,දකින්න ලැබෙන්නේ මේ වගේ ජුගුප්සාජනක පුවත් පමණයි. නගර සෝභිනියන් ගැන, ගබ්සා කිරීම්,හාම්පුතා අතින් අතවර වීම්,පාසල් වෑන්රිය තුල අනියම් සබඳතා.....හිතන්න පොඩ්ඩක්. අපි වාගේම විමසිලිමත් අපේ පොඩි අයත් .........ඒ අයගේ මනසට වැටෙන්නේ මොනවගේ දැනුමක්ද කියලා? (නි)
පොලිස් නිලධාරියාට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඔබ උගත්, කඩවසම් නිලධාරියෙක්. මෙවන් වයසකදී අනවශ්‍ය ආතතියක් ගැනීම ඔබට නුසුදුසු බවයි මගේ හැඟීම (නි)
කොස්තාපල් පුන්යසෝම මේ මනුස්සයට වැඩිය හොඳයි. ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියා තමයි මේ අය හිතන්නේ ? (නදී)
මාධ්‍ය මාමි කතා කරනකොට ඉස්සර ගෙවල් වල හදපු ගිරවු මතක් වෙනවා. (නදී)
රටේ නීතියක් නැහැ. අසාදාරනයක් කියන්න කෙනෙක් නැ. මට අද ඉන්න පන්සල අහිමි කලේ කළුතර උතුර හිටපු පොලිස් ලොක්කා. මේ ගැන පොලිස් පති තුමාට පැමිණිලි 20 කලා. ඇමති තුමා නිසා විභාගයක් නැහැ. මට දුක මගේ ගෙදරත් 3 දෙනෙක් මේ ජරා පොලීසියේ සේවය ඉන්න එක. (නදී)
මේ කාන්තාවට ගහාපු පොලිස්කාරයා පිස්සෙක්ද කියලා හැමදෙනාම අහනවා. මේ විඩියෝ එක මුලු ලෝකෙම දැක්කා. ශ්‍රී ලංකාවේ ඉතාමත්ම බරපතල විදියට මානව හිමිකම් උල්ලංඝනය වෙන බව මේ විඩියෝව ප්‍රබල ෂාක්ෂියක්. ලැජ්ජයි. (නදී)
ගොඩින් බේරගන්න කියල බල කරපු පොලිසියේ ලොක්කට මොකද කරන්නේ.(නදී)
මේක නම් අන්තිම නින්දිත ක්‍රියාවක්. මොහු තම අම්මාට, සොහොයුරියට, තම බිරියට මොන විදියටද දන්නේ නැහැ සළකන්නේ? හොයලා බැලුවොත් හොඳයි (නි)
බන්දුල පෙරේරා කීමට ඇති දේවල් ඇයි නොකියන්නේ....? (නදී)
සැම් නුඹ කියන්නේ පොලිසිය හරි කියලද? උඹේ අක්කට උනා නම්. (නදී)
පොලිස්කාරය නිදහස් කරන්න කියපු කට්ටිය ගැන බැරිද නඩුවක් දාන්න. නීතිය හරියට නොදන්නා නිසයි අහන්නේ. (නදී)
කීමට ඇති දේවල් නම් අති විශාලයි. (නදී)
පොලිසියේ ලිංගිකත්වය සොයන්න කාලය හරි. (නදී)
මම නම් කියන්නේ මේක කැමරා කරපු මිනිහව හොයල අදි චෝදනා ගොනු කරලා ඉල ඇට කඩලා කුඩුවේ දාන්න ඕනේ (නදී)
කුරුටු ගාමින්ගේ උදුල් ඔය නඩු වලට කතා කරාවි (නදී)
මෙතුමගෙ කතාවලින් වෙන්නේ පොලිසිය ගැන මිනිසුන්ගේ තියෙන ආකල්ප තව තව නරක් වෙන එක විතරයි. (නදී)
" ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක කුණුහරුප අහන්න කැමතිද? " මොකට උනත් ගහන්න පොලිස් නිලදාරියෙකුට අයිතියක් නැහැ . ඔබ එ්ක පිලිගන්නවද? කුණුහරප නොවෙයි පාරේ වෙන දෙයක් කලත් නීතියෙන් කටයුතු කල හැකියි. මිනිසුන්ගේ වැරදි දිහා එ් විදිහට බලන රටක් අපට ඕනෑ නැහැ. එක එක්කෙනාගේ හැගීම් වලට ක්‍රියා කරන නිලදාරී ඉන්න රටක් නොවෙයි මේක. එම නිසා බන්දුල ඔබගේ වැදි බණ නවතා ගන්න (නදී)
"ඔබ උගත්, කඩවසම් නිලධාරියෙක්. මෙවන් වයසකදී අනවශ්‍ය ආතතියක් ගැනීම ඔබට නුසුදුසු බවයි මගේ හැඟීම" හරක හැරෙන්නේ පොල් පැලය කන්න වගේ. (නදී)
බන්දුල පෙරේරා ඔබ ප්‍රකාශ කරනදේ 100% නිවරදියි. අමතක කරන්න එපා නිවැරදි දේ ප්‍රකාශ කරනකොට චාමිකල, බමුණුල, හසිතල ඔබට තව තවත් ගහයි, අපහාස කරයි. ඒ කාලේ ඔහොම්මම තමයි නිවැරදි දේ කියද්දී බුදුන්ටයි, ජේසු ස්වාමි දරුවන්ටයි මිනිස්සු ගැහැව්වේ. ඔබ එසැන තිරයට මහාචාර්යවරයෙක්. (නදී)
මුළු ලෝකෙම සිද්දවෙච්ච එකම පොලිස් පහරදීම වගේ මේකට මාද්‍ය ප්‍රචාරය ලැබුනේ. පොඩ්ඩක් එසැන තිරයෙන් එහාට ගිහිල්ලා යු ටියුබ් එක බලන්න. ඇමෙරිකාවේ පොලිසිය මොන තරම් කාන්තාවන්ට පහරදෙන දර්ශන තියනවද කියලා. මට කනගාටුයි අපේ පාඨකයෝ මොනතරම් දැනුමෙන් දුප්පත්ද කියලා. මම හිතන්නේ නැහැ මින් ඉදිරියට කිසිම පොලිස් නිලදාරියෙක් මේවගේ බලය පාවිච්චි කරලා මිනිසුන් වෙනුවෙන් යමක් කරයි කියලා. ඔහේ තමන්ගේ පාඩුවේ උසාවි දාල ඉදියි. අපි හැමෝම දන්නවා උසාවියෙන් දඩුවම් දීලා අපරාදකාරයෝ කීදෙනෙක් තමන් කරන අපරාදේ නවත්වල තියනවද කියලා? කොටින්ම මේ කාන්තාවත් උසාවියෙන් තුන්පාරක් දඩුවන් විදලා තියනවා. කෝ තමන් කරන දේ නැවත්තුවද? (නදී)
බට්ටි ඔය රැකියාව කරන්නේ තමනුත් දරුවන් වත් ජීවත් කරවන්නයි. නමුත් ඔබම කියූ පරිදී නිකම් නිකන් හිටිය ඔබ වාහන කීපයක් මේ රජය නිසා ලබාගත්තා කියන්නේ බට්ටිලගේ අයිතිය ඔබ උදුරාගෙන නේද? (නදී)
"ඒකයි මේ පොලිස් සැරයන්ගේ මානසිකත්වය ගැන නොසිතන්නේ" යැයි කියන අය හිතන්න පොලිස් සැරයන් ඉන්න ඕනේ පාතාල මානසිකත්වයෙන් නොවෙයි හික්මුණු නිලදාරියෙකුගේ මානසිකත්වයෙන් නේද. (නදී)
"පොලිස් සැරයන්ව දඩු කඳේ ගහනවා නම් මේ කාන්තාව එල්ලුම් ගස් යවන්න ඕනා." කිය අයටයි මේ. ඇයි කාන්තාව මොනවා කලාටද? පොලිස් සැරයන් නම් ප්‍රසිද්දියේ කෙනෙකුට ගැහැව්වා. කාන්තාව මොනවද කළේ? (නදී)
"ලෝකයේ ඉන්න අහිංසකම කාන්තාව කරලා මාධ්‍ය ඉදිරියේ සළුපිලි අන්දන්න හදන මේ බට්ටිගේ කෙරුවාව," එහෙම කියන අයටයි මේ. බ්ට්ටිගේ රැකියාව ගැන ඔබ කරදර වෙන්න් ඔනී නැහැ පොලිසිය ක්‍රියා කරන්නේ බට්ටිට ගහපු අමනයා ගැනයි. බට්ටි විතරද ඔය රස්සාව කොරන්නේ? (නදී)
"පවත්නා රජයට පක්ෂග්‍රාහී වීම හෝ වීමට සිදුවීම පොලිසියට අනිවාර්යයෙන් සිදුවෙන දෙයක්." එතකොට රටේ නීතිය බල්ලටද? ඉන්දියාවේත් එහෙම උනාද ? එ් රට වල නීතියක් තිබෙනවා. (නදී)
අනුමැතියෙන් වැඩක් නෑ. පොලිස්කාරයට දඩුවම් කළ යුතුයි (නදී)
"මම නම් කියන්නේ මේක කැමරා කරපු මිනිහව හොයල අදි චෝදනා ගොනු කරලා ඉල ඇට කඩලා කුඩුවේ දාන්න ඕනේ" යටවෙන්න ගිය තවත් පොලිස් මැරකමක් මතු කලාට කැමරා කරුට මල් මිටක්. මේවා යටගහන්න කියන්නේ තවත් මැරයෝ තමයි. (නදී)
අනේ බන්දුල අපිට නම් ඔය අනාදිමත් කාලයක් ඉඳල වුන දේවල් වලින් වැඩක් නැහැ. ඕවා අහ අහ අපි මැරෙනකම් ඉන්නද කියන්නේ ? කලින් පාලනයට වඩා වෙනසක් බලාපොරොත්තු වුන නිසානේ මිනිස්සු වෙනින් ආණ්ඩු පත්කර ගන්නේ. ඊළඟට අසවල් රජතුමාගේ කාලේ ඉඳල මෙහෙමයි අපිට කරන්න දෙයක් නැහැ කතාව කියලා හරියනවද ? (නදී)
මේ පොලිස් නිලධාරියාට යම් ඉවසීමක් තිබිය යුතු බව මාත් පිලිගන්නවා. නමුත් කෂණික කෝපයට වෙන මිනීමැරුමක් ගැන අධිකරණය බලන ආකාරය හිතාමතා සැලසුම් කර කරන මිනි මැරුමකට වඩා වෙනස්. මම ඔය බන කියන මහත්වරුන්ගෙන් අහන්නේ ඔබ ඔබේ දරුවන් සමග බිරිද සමග මහ මග යන විට ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක කුණුහරුප අහන්න කැමතිද? වටේ පිටේ ඉන්න අනෙකුත් සියලු දෙනා වෙනුවෙන් මේ කුණුහරුප කියවිල්ල නතර කරන්න කියල ඔබ ඉල්ලුවොත් ඔවුන් ඔබට නපුංසකය කියල බැන වැදුනොත් ගලක් අරන් ඔබට ගහන්න හැදුවොත් ඔබ මොකද කරන්නේ. මේ නිලධාරියත් නිල ඇදුමක් ඇතුලේ ඉන්න මනුස්සයෙක්. කෂණික කේන්තියට නිල ඇදුම වලංගු නැහැ. නිල ඇඳුමකට ගණිකාවක් එහෙම අපහාස කලාම ඉවසීම ඉක්මවා නොයන්නේ කාගේද? අපේ මහත්තුරු හැම දෙයක්ම බලන්නේ ගානකට විකුණා ගන්න. ඒකයි මේ පොලිස් සැරයන්ගේ මානසිකත්වය ගැන නොසිතන්නේ. පොලිස් සැරයන්ව දඩු කඳේ ගහනවා නම් මේ කාන්තාව එල්ලුම් ගස් යවන්න ඕනා. (නදී)
බන්දුල පෙරේරා කියන්නේ තනි තීරණයක් ගන්න බැරි, කොන්ද බිඳපු කෙනෙක්. අර කාලේ මේ කාලේ ගැන වාචාල කතා කියවනවා (නි)
අපි අහසින් පාත් වෙච්ච මිනිස්සු නෙමෙයි..පාලන යුග තුනක අත් දැකීම මට තියෙනවා..ගෙවුණු යුග වල නොවුණු වෙනසක් මේ යුගයේදී පොලිසියෙන් බලාපොරොත්තු වන කට්ටිය යථාර්තය නොදන්නා අය නෙමෙයි.. පවත්නා රජයට පක්ෂග්‍රාහී වීම හෝ වීමට සිදුවීම පොලිසියට අනිවාර්යයෙන් සිදුවෙන දෙයක්. (නදී)
දැන් ඉතින් මොනවද මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග? (නි)
කවුරු මොන මොන තර්ක විතර්ක ඉදිරිපත් කළත් තිත්ත ඇත්ත නම් අපේ පොලිසිය ඉතාම ශීඝ්‍රයෙන් පිරිහීමට ලක්වෙමින් ඇතිබවයි. සියලු වැරදි දේශපාලනයටම පටවන්න බැහැ. තම තමාගේ වගේම අනුන්ගේත් ආත්ම ගෞරවය රැකගෙන කටයුතු කිරීමට පොලිසියේ සෑම තරාතිරමකම අය කටයුතුකළ යුතුයි. (නි)
මේ අයට රැකියාවට අවසර දීලද ? පොලිසිය ගෑනියෙක්ට ගැහුවේ ඇයි? (නදී)