IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රත්නපුරෙන් පුෂ්පරාග හමුවෙයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත.

රත්නපුර, වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව මහතා සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා මහතා යන දෙපළ 2021 වසරේ සිදුකල අධ්‍යයනයකදී මෙම ශාක විශේෂය ප්‍රථම වරට හඳුනාගෙන තිබේ.

ඉන්පසු ශාක පිළිබඳ පර්යේශණය කටයුතුවල යෙදෙන හර්ශ සම්පත් මහතා දෙවන වරට සිංහරාජ වනාන්තරයෙන් සහ ලසිත ප්‍රගීත් මහතා තෙවන වරට කලවාන ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා කර ඇත.

මෙම පැළෑටිය සඳහා තවම සිංහල භාෂාවෙන් නාමයක් නොමැති අතර, මෙම උඩවැඩියා විශේෂයේ පැහැය පුෂ්පරාග මැණික් ප්‍රභේදයේ පැහැයට සමාන වීම, පුෂ්පරාග මැණික් සොයා ගන්නා පොලවෙන් හමුවීම ආදිය නිසාවෙන් පර්යේශකයන් මෙහි විශේෂ නාමය ලෙස ‘පුෂ්පරාග’ යන්න යෙදීමට කටයුතු කර ඇතැයි පරිසරවේදී පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

මෙම ශාක විශේෂය පරපෝෂී ශාක විශේෂයක් වන අතර, මෙහි ශාක පත්‍ර දක්නට නොලැබේ. පොලව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් කහ පැහැ මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයකින් යුක්තය.

මෙම නව සොයා ගැනීමත් සමග ලාංකාවේ දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194 ලෙස ඉහල යන අතර ආවේනික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවන බව ද පේෂල පසන් කරුණාරත්න මහතා පැවසීය.

මෙම පර්යේෂණ පත්‍රිකාව එලි දැක්වීම සඳහා භාතිය ගොපල්ලව මහතා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සහ අමිල පෙරේරා මහතා (රජරට විශ්ව විද්‍යාලය) සමගින් ඉන්ද්‍රකීල මාදොල මහතා (වයඹ විශ්ව විද්‍යාලය), මහාචාර්‍ය දීප්ති යකන්දාවල මහත්මිය (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), හර්ෂ සම්පත් ජයවික්‍රම මහතා (ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය), ආචාර්ය පන්කර් කුමාර් (කර්ටින් විශ්ව විද්‍යාලය - ඕස්ටේ්‍රලියාව), මහාචාර්ය මාර්ක් චේස් (කිව් උද්භිද උද්‍යානය - එංගලන්තය) යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල කණ්ඩායමක සහය ලැබී ඇත. 



අදහස් (9)

රත්නපුරෙන් පුෂ්පරාග හමුවෙයි

දිමුත් Tuesday, 14 March 2023 04:20 PM

ෂා ලස්සනයි!

:       0       22

පැරකුම් Tuesday, 14 March 2023 05:12 PM

මෙවැනි විශ්මයජනක ශාකයක් ගැන මීට පෙර අසා නැත. මෙම ශාකයේ ව්‍යාප්තිය සිදුවන්නේ කෙසේද ධාරක අලයක් සොයායන්නේ කෙසේද කෘතිම අන්දමට වගා කල හැකිද විස්තර දැනගැනීමට කැමැත්තෙමි

:       1       30

ඕෂද Tuesday, 14 March 2023 06:09 PM

මෙහෙම පර්යේෂණ සදහා විවෘත විශ්ව විද්‍යාලයේ කවුරුවත් සහභාගි වෙන්නෙ නැද්ද එහෙම නැත්නම් එම විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා පාඨමාලා නැද්ද උසස් පෙළ සිසුවෙක් ලෙසට නොදන්නා නිසා අහන්නෙ.?

:       0       27

Bhathiya Gopallawa Tuesday, 14 March 2023 07:26 PM

ඉහතින් අහලා තියෙන ප්‍රශ්න දෙකකට පිළිතුරු 1..මේක ව්‍යාප්ත වෙන්නෙ සාමාන්‍යෙ ඕකිඩ් වර්ග වගේම බීජවලින් සහ ඒ බීජ ව්‍යාප්ත වෙන්නෙ සුලඟින්.අපිට වගා කරන්න බෑ 2.විවෘත විශ්වවිද්‍යාලයේ පර්යේයේෂකයෝ ඉන්නවා උද්භිද විද්‍යාව හදාරන්නත් පුළුවන්

:       0       2

Lal Tuesday, 14 March 2023 10:00 PM

මෙය ඕකිඩ් වර්ගයක් නොව පරපෝෂිත ශාකයකි "Cytinus hypocistis" හතු වර්ගයකි

:       3       3

kapila Wednesday, 15 March 2023 01:01 AM

අපරාදේ මේවට වියදම් කරන සල්ලි .මෝඩ වැඩ .මාලිමාව ආපු දවසට ඔක්කොම නතර කරනවා

:       5       2

නිමල් Wednesday, 15 March 2023 03:35 AM

හෙළයට ගැලපෙන නමක් නැද්ද?

:       1       2

Lal Wednesday, 15 March 2023 04:03 AM

තවත් පරපෝෂී ශාක විශේෂයක් "රාවණා රැවුල - Cuscuta reflexa identified a dodder (ක්ලෝරෝෆිල් ඉතා අඩු"

:       2       3

ඩයනා Thursday, 16 March 2023 03:21 AM

මෙය දුටු මට, පුශ්පෙ අය්යා මතක් විය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 70 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 293 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 159 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 224 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 119 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


සීගිරියේ වන විනාශය
2025 අප්‍රේල් මස 20 401 0

සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 266 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site