IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රත්නසිරි වික්‍රමනායක සමුගනී

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා (83) නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මින් මද වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.

2000 සහ 2001 වසරවල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ පළමු වරට අගමැති පදවිය ලද ඒ මහතා 2005 මහින්ද රාජපක්ෂ රජයේ ද අගමැතිවරයා විය.

1933 මැයි 5 වැනිදා උපත ලැබූ වික්‍රමනායක මහතා හොරණ ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනප්‍රිය නායකයකු ද විය. නියමිත වේලාවට වැඩ කිරීමත් කෙලින් කථා කිරීමත් ඒ මහතාගේ කැපී පෙනෙන ගුණාංග දෙකක් විය. වික්‍රමනායක මහතා හොරණ මිල්ලෑව ප්‍රාථමික විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විදුහල, පේදුරුතුඩුවේ හාට්ලි විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

බැරිස්ටර්වරයකු වීම සඳහා එංගලන්තයේ ලින්කන් ඉන් නීති විද්‍යාලයට පැමිණි ඔහු නීති විභාගයට පෙනී සිටීමට වඩා දේශපාලනයට ඇදී ගියේය. එංගලන්තයේ සිට 1955 දී ඔහු ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ සභාපති විය. ඔහුගේ වැඩිමල් සොයුරු මුනිදාසගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමනායක මහතා මුලින්ම බස්නාහිර පළාත් සභාවෙන් දේශපාලනයට පිවිසියේය.

බැරිස්ටර් විභාගයට පෙනී සිටීමට ඔහුට නොහැකි විය. 1960 දී ලංකා සමසමාජ පක්ෂයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියේ 1962 දීය. 1965 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හොරණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. වික්‍රමනායක මහතාට දරු තිදෙනෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ඔහුගේ වැඩිමල් පුත්‍රයා ද දි්‍යණිය  වෛද්‍ය තුසර  වික්‍රමනායක හා චතුර වික්‍රමනායක බාල පුතු වෙති.

වික්‍රමනායක මහතා මුලින්ම ඇමැතිවරයකු වූයේ 1970 දීය. ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ අධිකරණ නියෝජ්‍ය ඇමැති වූයේ 1970දීය. 1975 දී වැවිලි කර්මාන්ත ඇමැති ලෙසද 1976 දී අධිකරණ ඇමැති ලෙසද කටයුතු කළේය. පසුකාලීනව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ද විය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය වරක් පිටරට චාරිකාවක් යන්නට පෙර අගමැති වික්‍රමනායක මහතා වැඩබලන විධායක ජනපති ලෙස පත් කළාය. ශ්‍රී ලංකාවේ එවැනි පත්වීමක් සිදුවූ මුල්ම අවස්ථාව එයයි. කොටියා ත්‍රස්තවාදියකු ලෙස හැඳින්වූ ඔහු ත්‍රස්තවාදය යුද්ධයෙන්ම පරාජය කළ යුතු යැයි යන මතයේ දැඩි ලෙස එල්බ සිටියේය. කොටි සංවිධානය සමග සාකච්ඡා කිරීමද ඔහු ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරෝගාමීන් සමග ක්‍රියා කළ ඔහු මහජන එක්සත් පෙරමුණේ හිටපු නායක පිලිප් ගුණවර්ධන මහතාගේ අනුගාමිකයෙක් ද විය. 1960-70 කාලයේ මහජන එක්සත් පෙරමුණු වේදිකාවේ ඔහු ජනප්‍රියම කථිකයකු විය.

1977 දී හොරණ ආසනය පරාජය විය. 1978 දී ඔහු ශ්‍රීලනිප ලේකම්වරයා විය. චන්ද්‍රිකා කුමාරතුංග රජයේත් මහින්ද රාජපක්ෂ රජයේත් ඇමැති හා අගමැති පදවි දැරූ වික්‍රමනායක මහතා වරක් රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ද විය. 1993/94 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර මහ ඇමැති සමයේ ඔහු පළාත් සභා ඇමැතිවරයෙක් විය.

ඔහු හැබෑ ගැමියකු විය. හොරණ බොහෝ දෙනා නමින්ම හඳුනාගෙන සිටි ඔහු ආසනයේ ජනප්‍රියම පුද්ගලයෙකි. වික්‍රමනායක මහතා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණයෙක් ද විය.

 

web0153851998094033_2573549254875831682_nweb800px-Ratnasiri_Wickremanayake_with_Obamas



අදහස් (0)

රත්නසිරි වික්‍රමනායක සමුගනී

චමින්ද Tuesday, 27 December 2016 07:48 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 27 December 2016 07:51 AM

ලංකාවේ දේශපාලන ඉතිහාසේ , මහත්මා දේශපාලනේ නියුතු අවසන් මිනිස්සුන් කිහිප දෙනාගෙන් කෙනෙක් . කිසිම දවසක දේශපාලනයෙන් හම්බු නොකරපු අයෙක් . ඔබතුමාට නිවන් සුව (බ)

:       0       0

සෞම්‍යා Tuesday, 27 December 2016 07:53 AM

නිවන් සැප ලැබේවා !! (බ)

:       0       0

රිද්මා Tuesday, 27 December 2016 08:05 AM

නිවන් සුව පතමි !! (බ)

:       0       0

වසන්ත Tuesday, 27 December 2016 08:14 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චමල් Tuesday, 27 December 2016 08:23 AM

නිවන් සුව​ ලැබේවා! (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 27 December 2016 08:24 AM

හිතට එකඟව වැඩකරපු කෙනෙක්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

තිස්ස Tuesday, 27 December 2016 08:26 AM

හොරණ ප්‍රදේශයට තිබුණ ලොකු ශක්තියක් අහිමිවුණා වගෙයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 27 December 2016 08:35 AM

ඔබට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 27 December 2016 08:40 AM

අද අහන්න ලැබෙන්නෙම කණගාටුදායක පුවත්මයි (නි)

:       0       0

විකී Tuesday, 27 December 2016 08:46 AM

හොඳ දේශපාලකයෙක් අපිට අහිමිවුණා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අසංග Tuesday, 27 December 2016 08:49 AM

නිවන් සුව පතමි (බ)

:       0       0

සිරි Tuesday, 27 December 2016 08:52 AM

ඔහු මහ චන්දයකට ආසන්නයේ හොරණට ලබාදුන් මේධංකර විද්‍යාලය මේ දැන් කෙරූ විද්‍යාලය යයි ප්‍රතිවාදීන් අවඥා සහගතව කිව්වට එය ඔහුගෙන් හොරණට සිදුවුන ලොකුම සේවයයි. (බ)

:       0       0

සමරබන්දු Tuesday, 27 December 2016 09:01 AM

අභීත නායකයාණනි ඔබට නිවන්සුව ලැබේවා (බ)

:       0       0

සේන Tuesday, 27 December 2016 09:00 AM

අද ඉන්නේ වංචාකාරයන් ඒ අතර ඔබ ඉතාමත් දුර්ලබ සම්පතක්!. ඔබට නිවන් සුව මහත්මයාණනි. (බ)

:       0       0

චින්තක Tuesday, 27 December 2016 09:06 AM

ඉපදෙන කාටත් උරුම මරණය, ඔබට නිවන් සුව. (බ)

:       0       0

යශෝධරා Tuesday, 27 December 2016 09:11 AM

හිතට දැනෙන්නේ කියාගන්න බැරි දුකක් (නි)

:       0       0

සුනිල් විජේසේන Tuesday, 27 December 2016 09:15 AM

හොරණ මිණි පහන නිවෙයි! (නි)

:       0       0

අබ්දුල් Tuesday, 27 December 2016 09:26 AM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සෙනරත් Tuesday, 27 December 2016 09:26 AM

එතුමාට නිවන් සුව පතමි!

:       0       0

චන්දු Tuesday, 27 December 2016 09:27 AM

මැරෙන්නෙ එකපාරයි - ජීවත්වෙන්නෙ එකපාරයි - ඉපදෙන්නෙ එකපාරයි - කියලා හිතුවට සංසාරෙ කීපාරක් මෙහෙම ඉපදිලා ජීවත්වෙලා මැරිලා ඇද්ද? මේක සිදුවෙන වාරයක් වාරයක් පාසාම සිදුවන්නෙ දුකක් මිස අන්යමක් නොවන බව කාටහරි තේරුණ දවසට, නිර්වාණ ශාන්තිය ලබාගැනීමේ මාර්ගය පේනවා. එතෙක් සංසාරෙ අපි මැරි මැරී ඉපදෙනවා (නි)

:       0       0

ධම්ම Tuesday, 27 December 2016 09:32 AM

ඔබට නිවන් සුව හිටපු අගමැතිතුමනි! (නි)

:       0       0

සංජීව - හොරණ Tuesday, 27 December 2016 09:43 AM

ඉතාමත් කණගාටුදායක පුවතක්. දේශපාලනයෙන් මඩගානොගත්, කිසිදා වංචා දූෂණ වලට නම ගාවානොගත් ඉතාමත් විරල ගණයේ මහත්මා දේශපාලකයෙක්. ඔබතුමාගේ අභාවය හොරණ අපිට කිසිදා පිරිමැහිය නොහැකි පාඩුවක්. දැයෙන් සමුගත් රත්නසිරි ව්ක්‍රමනායක මැතිදුනි, ඔබතුමාට අමා මහ නිවන් සුව! (නි)

:       0       0

බුද්ධික Tuesday, 27 December 2016 09:43 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 27 December 2016 10:23 AM

වික්‍රමනායක මහතා අජරාමර නිවනින් සැනසෙත්වා! (නි)

:       0       0

නන්ද Tuesday, 27 December 2016 10:29 AM

මෙවන් යහපත් දේශපාලකයින් අපෙන් සදහටම සමුගෙන යද්දී, අපට ඉතිරි වන්නේ "බොල් දේශපාලකයින්" පමණයි. ඒ ගැනයි අපට වේදනාව. අපේ රත්නසිරි වික්‍රමනායක ශ්‍රීමතානන්ට නිවන්සුව ලැබේවා..! (නි)

:       0       0

ලක්මාල් Tuesday, 27 December 2016 10:49 AM

හොඳ නායකයකු අපිට අහිමි විය .... (ම)

:       0       0

නිමල් Tuesday, 27 December 2016 01:23 PM

සංවේගජනක මරණයක්. ඔබතුමාට නිවන් සුව.(ම)

:       0       0

චන්ද්‍ර පැරිස් Tuesday, 27 December 2016 02:00 PM

ඔබට නිවන් සුව හිටපු අගමැතිතුමනි! (නි)

:       0       0

ශශී Tuesday, 27 December 2016 03:34 PM

ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

ජනහිත Tuesday, 27 December 2016 10:08 PM

ඉතාමත්ම කණගාටුදායක පුවතක්. ඔබතුමා සදා අමරණියයි. නිවන් සුව පතමු! (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 28 December 2016 12:30 AM

ඔබ දේශපාලකයෙකු වෙන්න කලිනුත් හොඳ මිනිසෙකුව සිටියා. ඔබ මියගියත් ඔබ ඉතිරි කළ ඒ සුවඳ මියයන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 248 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 540 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 363 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1108 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 105 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 214 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site