(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන ඥානේන්ද්‍ර පාර බෝට්ටු හිමි ව්‍යාපාරිකයාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැදිය බණ්ඩාරගම කිදෙල්පිටිය බොල්ගොඩ ගඟේ අතුගඟක දමා ගොස් තිබියදී අද සවස සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි.
කැස්බෑව පොලිසියට අනුයුක්ත කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව යතුරුපැදිය සොයාගෙන ඇත.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ එල්ලාවල ලියනගේ විමුක්ති නුවන් සම්පත් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි ප්‍රහාරය ඔහුගේ වම් අතේ කිහිලි ප්‍රදේශයට සහ කලවා ප්‍රදෙශයට එල්ලවී ඇතැයි පොලිසිය කියයි.
ඔහු මේ වන විට කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පෙරේදා ඔහු ශල්‍යකර්මයකට ද ලක් කෙරිණි.
එම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ යතුරු පැදිය රත්මලාන බොරුපන, මාර්ගය හරහා බෝකුන්දර ට පැමිණ අලුත් පාර ඔස්සේ කැස්බෑවට නගරයට පැමිණ බණ්ඩාරගම මාර්ගයේ හොරණ දෙසට ගොස් ඇති බව සීසීටීවී දර්ශන අනුව මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රත්මලාන වෙඩික්කරුවන් ආ යතුරු පැදිය ගඟෙන් ගොඩ ගනී