දැදුරු ඔයද රිදී බැඳි ඇල්ලද පිටාර ගැලීමෙන් පාදෙනිය අනුරාධපුර මාර්ගය අඩි 10ක් දක්වා ජලයෙන් යටවී තිබේ. අඩු ගණනේ ගෙවල් 100ක් යටවී ඇත. රිදී බැඳි ඇල්ල තැන් කීපයකින් පුපුරා කැඩී ගං වතුර ගලයි. රිදීබැඳිඇල්ලේ ගෙවල් 40ක් 50ක් පමණ යටවී ඇත. පාදෙනිය අනුරාධපුර පාරේ වාහන ගමනා ගමනය නැවතී ඇති හෙයින් නිකවැරටිය දළදාගම විකල්ප මාර්ගය තෝරා ගන්නැයි රියැදුරන්ට උපදෙස් දෙයි.
නිකවැරටිය පුත්තලම මාර්ගය අඩි තුනක් පමණ ජලයෙන් යටවීමෙන් එම මාර්ගයේ ගමනාගමනය නතර වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයට වරින්වර විපත් සිදුවන ආකාරය බුදු හාමුදුරුවෝ එක සූත්‍රයක දේශනා කර තිබෙනවා. කාලයකට ලෝකෙ මිනිස්සු විනාස වෙන්නෙ යුද්ද නිසා. ඉන් පසු කාලයකදි ස්වාභාවික විපත් නිසා. ඉන් පසු අමනුශ්‍ය කරදර නිසා. මම හිතන්නෙ දැන් ස්වාභාවික විපත් නිසා විනාසෙ සිදුවෙන කාලේ ඇවිල්ලා වගේ.(ස)
මින් පෙනෙන්නේ මේවාට කිසිම නඩත්තුවක් නැති බව නොවේද? (නි)
වරද කාගේද? (නි)
අයියෝ සල්ලි (දී)
කවුරුවත් ඉක්මන් ප්‍රතිකර්මයක් කරන පාටක් නම් නැහැ. (නි)
අපරාදේ මේ පාර හොඳට හදලා ඉවර උනා විතරයි (ස)
අපේ දුක හදුනා ගත්තාට ඔබට බොහොම ස්තූතියි මාර්ස්. (නි)
නඩරාජා ඔබ හරියටම හරි , තව ඔහොම නොවයි මිනිස්සු අපරාද කරන්න කරන්න ස්වභාවධර්මය තවත් දඩුවම් දෙනවා , (ස)
කිසිම කෙනෙකුට මොනයම්ම හෝ විපතක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
හෙට අනිද්දා බෝට්ටු වල බඩු අඩු කරලා බෝට්ටු රේස් තියාවිද දන්නේ නෑ (ස)
අයියෝ .. ඕවා මොනවද කාර් රේස් තියෙන කාලේ.. සතුටුවෙලා ඉන්න තියෙන්නේ (ස)
අපිට දුක දෑනෙන නිසා තමා කාර් රේස් වලට ගිය සල්ලි මේ දුප්දුපත් අය වෙනුවෙන් යොදවන්න කියන්නේ. ඩුබායි ඉදගෙන කිඹුල් කඳුළු හලන්න එපා පාලි. දේශපාලනේ රට කනවා. ඔයා කඩේ යනවා. (නි)
අන්තිමට බලන්න වෙලා තියෙන විනාසේ (දී)
ගංවතුරෙන් අවතැන් වන අයට මොකද කරන්නේ..?(නු)
හැම දේටම වැරදි විදියට බලන්න එපා.. ගංවතුරක් ආවත් ආණ්ඩුවට බණිනවා..!(නු)
මිනිසුන් කරන අපරාධවල ප්‍රතිඵල තමයි මේවා..!(නු)
අචිනි.. සෝමා ඔයාලා විහිළුවට ගන්න එපා ස්වාභාවධර්මය.. මොකද මම ඉන්නේ ඩුබායිවල.. අපිට කවදාවත් මේවගේ වෙලා නැහැ.. මගේ පවුලේ අය ගොඩක් දුකින් ඉන්නේ.. කාර් රේස් වෙනයි..ක්‍රිකට් වෙනයි.. ගංවතුර වෙනයි.. සුළිසුළං වෙනයි.. අපි කවුරු මැරෙනවා.. ඒක හිතට ගන්න..! (ස)
කාලයක් ඉඩෝරෙ කාලයක් ගංවතුර ඇයි මේ..!(නු)
කවුරුත් මැරිලා නෑ නේද (ස)