රාජාංගනය යාය හය පාසලේ සිසුන් තිදෙනා දින දෙකකට පසු සොයා ගත් බව පොලිසිය කියයි.
අයියා මලෝ දෙදෙනකු ද ඇතුළු මොවුන් ගෙදරට නොකියා පාපැදිවලින් කොළඹ බලා යන්නට ගිය බවත්, හලාවත දී ලොරියකට වි පටවා රුපියල් 500ක් උපයාගෙන ඇති බවත් රාජාංගන පොලිසිය කියයි.
කණ්ඩායමේ සිටි බාලයා ගෙදර යා යුතු බව කියා අඬන්නට වූ නිසා ඔවුන් ආපසු හැරී ඇති බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලුකමට කරන දේවල්. හොරකමේ ගිහිල්ලා නෙමෙයිනේ. (නදී)
අපි පොඩි කාලේ ඉස්කෝලේ නිවාඩු දීපු ගමන් දෙතුන් දෙනෙක් එක්ක ගමෙන් සිංහරාජ කැලේට ඇතුල් උනාම උඩුගම බටුවන්ගල ,වාරුකන්දෙනිය, ලංකාගම ඔය හැමතැනම ඇවිදලා දවස් ගානකින් ගෙදර එන්නේ. අනික් පැත්තට දෙනියායටත් යනවා. එ්ත් අපේ අම්ම තාත්තා අහන්නේ කොහෙද බොලා මෙච්චර කල් ගියේ කියල විතරයි. කෝටු පාරකුත් සමහර විට. පොලිසියට නෙවේ අල්ලපු ගෙදරට වත් කියන්නේ නැහැ. හපොයි එ්කට දැන් ළමයින්ට .... ලෝකේ වෙනස් වෙලා ද? දියුණු වෙලාද ? මොකක් වෙලාද? බලන්නකෝ එ්කෙත් හැටි නේද? (නදී)
ආණ්ඩුවේ වැරැද්දක් නෙමේද ? (නදී)
නියම කොල්ලෝ තුන් දෙනෙක්. දැන් කාලේ කාමර වලට වෙලා ගේම් ගහන ඒවයි කොම්පියුටර් ඔබ ඔබ ඉන්න ඒවයි කර කර ඉන්න පොඩි උන්ට වඩා මේ තුන් දෙනා නම් නියමයි. වෙලේ පැනල මාලු අල්ලන දුනු හදාගෙන කැලේ රොබින් හුඩ් කරන ගස් නැගලා වැල් වලින් පනින අල්ලපු ගෙදර ආච්චිට හූ කියපු කාලයක් තිබුනා අපිටත්. (නදී)
කොල්ලෝ කොලුකමට ඕවා කරනවා තමයි (නි)
අර හොයාගත් රුපියල් 500 යේ නියම වටිනාකම ඊට වඩා වැඩියි කියල හරියට තේරුම් ගත්තොත් අද පටන් හොඳට ඉගෙනගෙන මිනිහෙක් වෙන්න, ඒකම නියම පාඩමක් වේවි. ලොරියකට වී පටවනකොට ඒකට වූ මහන්සිය හිතන තරම් ලෙහෙසි නැහැ කියලා තේරුම් ගැනීම වටිනවා. (නි)
යාය 06 යාය 10 ලෙස වෙනස් විය යුතුයි නේද (නදී)
සුනිල් විතානගේ ටිකක් කරනවා වගෙයි නේද. ආණ්ඩුවේ ආරක්ෂකයෙක් වගේ නේ (නදී)
නියම කොල්ලෝ තුන්දෙනෙක්නේ. (නි)
හොඳවයින් කනේ පාරක් දීල තමයි මේගොල්ලන්ව ගෙට ගන්න ඕනා. අරෙහේ දරුවෙක් නැති වෙලා එක ගෙදරක ගිනි පත්තු වෙලා. මේ ගොල්ලන්ගේ වැඩ කොහොමද ? (නදී)
හොඳ දහිරියවන්ත කොල්ලෝ දෙන්නෙක්. අනුන්ගේ දේ කොල්ල කන්නේ නැතුව ලොරියකට බඩු පටවා තමන්ගේ වියදම ගත්තා අනේ පව් (නදී)
මල්ලී අඬපු එකත් හොඳයි. නැත්නම් කොහෙන් ඒ ගමන නතර වෙයිද? (නදී)
උපාලි, මනුෂ්‍යයන්ට ගරුසරු ඇතුව කතා කරන්න පුරුදු වෙන්න (නි)
මේකේ කොමෙන්ට් දාපු අය කවදාවත් රාජාංගනේ දැකලා තියෙනවද? ඒ අය සැපක් දැකල නැහැ. උන් තාම 1950 ඉන්නේ. කොළඹට කිරි උන්ට කැකිරි. (නදී)
පාරා ඔබ කියන දේ හරි. මේ දඩබ්බරයින්ට දිමි ගොටුයි, කහඹිලියා ටිකකුයි ගෑවා නම් හරි නේද ? (නදී)
කොල්ලන්ට මොකුත් කියන්න එපා. (නදී)
අපේ කාලේ අපි ගමේ අල්ලපු ගෙදරට ගියා නම් ඒ ගියේත් අම්මාගෙන් අහලයි. අම්මා එපා කිවුවොත් අපි ගියේ නැහැ (නි)
අය්යෝ නිකන් ඔය ළමයින්ට දොස් කියල , බැනල කොමන්ට් ගහන්න එපා.එයාල අද කරපු වැඩේ ,හා හොඳයි අපි කරලා නැද්ද,ඕව ඔහොම තමා ඉතින්.එයාල කරපු එකේ බරපතලකම එයාලට තේරිලා,එයාල හැදෙයි.වී පටවල හම්බකරපු 500න් මුදල් වල වටිනාකමත් එයාලට තේරිලා ඇති.කොල්ලොනේ අනේ කෙල්ලෝ නෙමෙයිනේ. (අ)
හොඳ අනාගතයක් තියෙන දරුවෝ (නදී)
අනේ ඇත්තට මෙහෙමත් ළමයි? (නි)
ඔහොම තමයි ළමයි. දේවල් තේරුම් ගන්න කල් යනවා. එකම වරද ගෙදරට නොකියා යෑම. වයසක බක පණ්ඩිතයෝ ඉතින් බනීවි. (නදී)
තුම්පත් රෑන (නදී)
පොඩි උනාට දුරගමනක් ගිහින්. වැඩිය තරවටු කරන්න එපා. ගෙදරින් පැනයාම, හොරෙන් කුරුම්බා කෑම, කැට කැඩීම, චිත්‍රපටි බැලීම, ඇස් කොලු වයසනේ. (නදී)
මාත් අයියාගේ බයිසිකලේ හොරෙන් අරන් අනන්තවත් ඔය වගේ ගමන් ගිහිල්ලා ඇති. ඒත් රෑ වෙන්න කලින් ගෙදර එනවා. අනිත් එක ඒ කාලේ දරුවන් දැන් වගේ අනාරක්ෂිත නැහැනේ. (නදී)
මුන් තුන් දෙනා වයසේ හැටියට නොවේ වැඩ කරන්නේ. කොළඹ ගියානම් ඉතින් "තණ්හා, රති, රගා" බලන්න තමයි වෙන්නේ. (නදී)
අලුත් පරම්පරාව " රෝන්දේ " කියන වචනයේ තේරුම දන්නෙත් නැතුව ඇති සමහර විට. (නදී)
නරක නැහැ. ලොකු එවුන් යන පාරේම තම පොඩි එවුන් යන්නෙත්. (නදී)
මෙහෙමත් ළමයි! (නි)
කොල්ලෝ කොල්ලොම තමයි. එ්ක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. (නදී)
පොඩි කාලේ ගමෙන් පැනල ආපු කට්ටිය අද කෝටිපතියෝ වෙලා ඉන්නවා. වෙලාවට මේ කොල්ලන්ට වාසනාව නැතිව ඇති. (නදී)
ඇති යහතින් ආවා.. ඉස්සර නම් යවන්නේ "මග්ගොන" හදලා ගන්න. (නදී)
කොල්ලෝ උනහම ඔහොම වැඩ කරනවා. මමත් පොඩි කාලේ යාලුවෙග්ගේ ගෙදර ගිහිල්ල තාත්තාගෙන් හොදටම ගුටි කාලා තියෙනවා (නදී)
තව ට්කක් ලොකු වෙනකොට පලාත් සභා වලට සුදුසුයි (නදී)
අනේ අනේ මෙහෙමත් වැඩ. තව ලොකු උනාම කොහොමද. (නදී)
එල කොල්ලෝ (නදී)
ඉස්සර අපි කොලු කමට කල වැඩ දැන් කරන්න ගියොත් කොහෙන් නවතීද දන්නේ නැහැ. ගෙවල් වලින් ළමයින් උස්සන කාලයක් මේක. හොඳ දඬුවමක් දීලා හදා ගන්න ඕනා. (නදී)