දුම් පානය සෞඛ්‍යයට අහිතකර බව කියැවෙන රූපමය අවවාද සිගරට් පැකට්ටුවේ ප්‍රදර්ශනය කළ යුතු යැයි කියැවෙන රීතිය පාර්ලිමේන්තුව අද ඒකමතිකව අනුමත කළේය.
කථානායක චමල් රාජපක්ෂ මහතාගේ අත්සනින් පසු එය නීතීගත වෙයි.
මෙම අවවාද සිගරට් පැකැට්ටුවේ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වුයේ සෞඛ්‍යය අමාත්‍යංශයේ එම උත්සාහයට එරෙහිව දුම්කොළ සමාගම අධිකරණයට ගිය හෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම නරක පුරුද්දක් වෙනස් කරන්නට තම තමාට පුළුවන් උදාර සිතක් හැමෝටම තියෙනවා. එකට අවශ්‍ය වෙන්නේ උවමනාව පමණයි. කොහොමටත් මෙලෙස රුප යෙදීමෙන් දුම් පානයෙන් වළකින්නට තවදුරටත් සිත යොමු වෙයිනේ (දිල්)
ඉතා හොඳයි (අ)
ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට හිස නමා ආචාර කරමි. තව එක වැදගත් කඩුල්ලක් තියනවා ඔබ තුමාට පනින්න. ඒ "ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම" ඒකත් ඔබතුමා ජයගන්නවා ඉර හඳ සේ විස්වාසයි. ඔබතුමාට චිරං ජයතු!!(දිල්)
ඕක මේ රටේ දාල ගොඩක් කල් .එත් බොන එකේ අඩුවක්නම් මම දැකල නැ.ලංකාවේ කරන්න තියෙන්නේ සිගරට් තහනම් කරන්නයි .රජයට සිගරට් වලින් ලොකු බදු මුදලක් එකතු වෙනවා .නමුත් ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් සිගරට් බීල පිළිකා හැදුනු රෝගීන්ට රජයෙන් වියදම් කරනවා .නිකන් අතින් කාල හරක් බලනවා වගේ වැඩක් රජය කරන්නේ .(අ)
මෙම කටයුත්ත ආරම්භ කළ සෞඛ්‍ය ඇමති තුමාට ජාතියේ ප්‍රණාමය (අ)
චමල් රාජපක්ෂ මහතා ගෙන ඇත්තේ හොද තීරණයකි මා එතුමන්ට ඉස්තුතිවන්ත වෙමි.
දුම්බොන අයට වෙනවා කිව්වත් බොන කෙනා බොනවා. අනික වැඩි දෙනෙක් 1-2 ගන්න නිසා පැකට්ටුව නතර වෙන්නේ මුදලාලිලා ළඟ. ඒ නිසා රූපමය අවවාදය සිගරට්ටුවටත් ගේන්න පුලුවන්නම් වඩා හොදයි. එතකොට කුණු වෙන හැටි බල බල කට්ටියට බොන්න පුළුවන්. (අ)
ලෝකේ දියණු රටවල රූප යෙදු සිගරැට් පැකට් තියනවා.(අ)
දුම් පානය කරන්න අයත් වස විස පානය කරන ගමන් අන් යටත් වස විස පානය කරන්න සලස්වනවා.කුඩු,මත්පැන් බොන අයට වඩා විනාසයක් කරනවා. මෙම නිතිය නම් ඉතාමත් අගන වටිනා නීතියක්. මෙයට මුල්වූ සැමට මගේ උපරිම ස්තුතිය (දී)
මේ රූපමය අවවාද පාර අයිනේ තිබෙන සිගරට් පිළිබඳ දැන්වීම් පුවරු වලටත් බලපැවැත්වෙනවා නම් ඉතාම හොදයි. (ත)
ලංකාවේ සිගරට් බොන බහුතරය සිගරට් පැකට්ටුව දකින්නේ නැහැනේ. ඔවුන් පැකට් මිලදී ගන්නේ නැහැ. (ත)
රූපමය දැන්වීම් හේතුවෙන් ඒ සඳහා යොමුවන නව තරුණ තරුණියන් අඩුවීමක් සිදු වෙනවා(දිල්)
ප්‍රියන්තගේ අදහස හරියටම හරි (දී)
ඉතා හොඳයි (දී)
අතීතයේදී අපේ රටවල මිනිසුන් විනය රැකගත්තේ භාවනාව වැනි චිත්ත ධෛර්ය වඩවන ආගමික කටයුතු වල නිරත වීමෙන්.මේ වගේ දේවල් කරන්න ඕනි මෙළේ පාවිච්චි කරලා තමන් ගැන හිතලා (දිල්)