ගාල්ල කොළඹ බසයකට පානදුරයෙන් නැඟුණු මගියෙක් රුපියල් දහයක ප්‍රශ්නයක් මත කොන්දොස්තර සමඟ අවුලක් ඇති කැර ගෙන මොරටුවේදී ටිකට් මැෂිම උදුරාගෙන පොලීසියට ගියේය.
කොන්දොස්තර ද පොලීසියට ගිය පසු ගැටුම ගොඩින් බේරා පොලීසිය දෙදෙනාටම තරයේ අවවාද කළේය.
ගාල්ල කොළඹ බසයකට පානදුරයෙන් නැඟුණු මගියෙක් රුපියල් දහයක ප්‍රශ්නයක් මත කොන්දොස්තර සමඟ අවුලක් ඇති කැර ගෙන මොරටුවේදී ටිකට් මැෂිම උදුරාගෙන පොලීසියට ගියේය.
කොන්දොස්තර ද පොලීසියට ගිය පසු ගැටුම ගොඩින් බේරා පොලීසිය දෙදෙනාටම තරයේ අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයෙක් වුණාම ලැජ්ජාවක් ,බයක් හා ආත්ම ගරුත්වයක් තිබිය යුතුයි.අනික තමයි මේ අපි මෙතන ලියන දේවල්,මොවුන් කියවන්නේ නැහැනේ. අපි මේ ලියන දේවලින් සුදුසු දේවල් එදිනෙදා පුවත්පතේ පළකළොත් හොඳ නැද්ද? (නි)
මේවගේ මිනිස්සු තමයි ලංකාවේ ඉන්න ඕනේ .මුදලට වඩා ප්‍රතිපත්තියට ගරුකරනවා . (අ)
කොන්ද පන තියෙන මගීන් තව තවත් බිහිවේවා. (නදී)
විප්ලවයට ජය වේවා (නදී)
බස් මගියාට අපගේ ප්‍රණාමය. බස් මගින් හුරගෙන කන කොන්දොස්තරලට මෙහෙම වෙන්නම ඕන. (නදී)
පොලිස්කාරයොත් ඔය වැඩේම කරනවානේ තවත් කවර කතාද (නදී)
නම නොදන්නා මේ මගියාට මගේ ආචාරය පුදමි. මේක රුපියල් දහය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. අසාධාරණයට විරුද්ධව යුක්තිගරුක පුද්ගලයෙක් කළ සටනක්. ඔහුට ජය වේවා! (නි)
රුපියල් දහයක් නෙමෙයි සත දහයක් වුණත් අනුන්ගේ සල්ලි ගන්න කිසිම කෙනකුට බැහැ. මේ මගියාට ගරු කරන්න ඕනෑ. මොකද අපි කරන්නේ, ඔන්න ඔහේ රුපියලක් දෙකක් නේ කියලා කටවහගෙන යන එකනේ (නි)
කොන්දොස්තරගේ ඔලුවට මැෂිමෙන් ගහනවා මම හිටියා නම් (නි)
අහන්න දෙයක් නැහැ, පුද්ගලික බස් රථයක් වෙන්න ඇති. (නි)
මඟියාට දඬුවම් කළයුතුව තිබුනා. මැෂිම උදුරන්නවත් ඒ නිසා අනිත් මඟීන්ගේ ගමන පමාකරන්නවත් ඔහුට බලයක් නැහැ (නි)
දෙන්නටම තරයේ අවවාද කරලද අපේ පොලීසිය ? අපුරුයි .(අ).
කොහොමත් පුද්ගලික බස් රථ වල ඉතිරි මුදල දෙන්නේ බොහොම අමාරුවෙන්. පොඩි සල්ලි දෙන්නෙම නැහැ (නි)
ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල, බස් රථවල කොදොස්තරලා කියලා කෙනෙක් නැහැ. දුම්රිය වල ගාඩ් මහත්වරුත් නැහැ.කොඩිය වනන්න දුම්රිය ස්ථානාධිපතිවරුත් නැහැ. දුම්රිය රියදුරාම පිටුපස බලන කන්නාඩියෙන් බලලා දුම්රිය ගමන් ආරම්භ කරනවා.මෙම දුම්රිය වේදිකා ඊගහ වගේ තනි කෙළින් සාදා තිබෙන බවත් සඳහන් කළ යුතුයි. (නි)
පෞද්ගලික බස් වල කොන්දොස්තරලා ඔහොමමයි. රුපියල් නමයේ ටිකට් එකට 10ක් දුන්නොත් ඉතුරු දෙන්නේ නැතුව සද්දෙත් දානවා. ඔය වගේ දේවල් වලට කරන්න තියෙන හොඳම දෙයක් තමා මේ මගියා කරලා තියෙන්නේ. ඔය කොන්දොස්තරලා කියන්නේ බුදු බය කට්ටියක් නීතියට. මගියෙක් දවසක් කොන්දොස්තර කෙනෙකුට නිල ඇඳුම අන්දලා බස් එක යැව්වේ. (නදී)
අැත්තමට මම මේ මගියට ආචාර කරනවා ඔහු තනියම කල මේ සටන සමස්ත මගීන් වෙනුවෙන් කල එකක්. මම දවසක් කොළඹ සිට ගාල්ලට යන බසයකදී ටිකට් එකවත් ඉතුරු සල්ලිවත් දුන්නෙ නැහැ. මේ ගැන සිද්දවුණ කතාවෙදි කොන්දොස්තර උත්තමය මාව දෙහිවලින් බැස්සුවා. මම බස් එකෙන් බහිකොට එක මගියෙක්. ටයි එකක් දාපු මහත්තයෙක්/හාමුදුරුසීට් එකේ වාඩිවෙලා හිටියේ කිව්වා. රුපියල් පහ මොකක්ද අයිසේ කියලා. ඒත් ඒ දවස්වල මට රුපියල් පහ කියන්නෙ ගාල්ලේ සිට මගේ ගමට යන බස් එකේ ගණන. (නදී)
ජපානයේ බස් වල කොන්දොස්තරලා නැහැ. රියදුරු අසළ ඇති මැෂින් එකට මුදල් දමා ගමනාන්තයේ අයකරන ගණන ගැසූ විට ටිකට් එකත් ඉතිරි මුදලුත් පිට කරනවා. විදේශිකයෙක් නම් බහින තැන කිවුව විට රියදුරු ඉතා සතුටින් මඟියාට සේවය කර දෙනවා (නි)