ඉතාලියේ රෝම නගරයේ ධර්මාශෝක විහාරයේ 2013 වසරේ වෙසක් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මැයිමස 11 වැනිදා සිට විවිධ පිංකම් මාලා ඔස්සේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.
ඒ අතර විචිත්‍ර ධර්මදේශක උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්මදේශනයක්ද , ලේ දන්දිමේ වැඩසටහනක්ද, දාන , ශීල, භාවනා වැඩසටහන්ද, අසූ මහාශ්‍රාවක පූජාවක්ද විය. ධර්මාශෝක විහාරයේ තරුණ කැල විසින් ඉදිරිපත් කරනලද පැටව් 93න් යුත් මහා වෙසක්කූඩු රාජයාය ඉතාමත් දර්ශනීය ආමිස පූජාවක් විය.
වීඩියෝ -ඉසුරි ලුනුගල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු! (නි)
විශිෂ්ට කාර්යයක් (නි)
අර චන්ඩියත් අද සිල් අරගෙනද?(නදී)
චන්ඩිකම් දමන්න ගිහිල්ල තමයි පැරිස් විහාරෙනුත් එලෙව්වේ (අ)
සිංහල බෞද්ධයන්ගේ එකමුතුකමත් ඒ වගේම නායක උන්නාන්සේගේ මග පෙන්වීමත් නිසා මෙවැනි දේවල් කරන්න පුළුවන් වුණා. තව තවත් මෙවැනි දේවල් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්තනා කරමු. (නි)
සාධු සාධු! මිලානෝ ඉන්න සිල්වත් සියලු දෙනාගේම ආශීර්වාදය දඹදෙනියේ ධම්මාරාම හිමියන්ට ලැබේවා! රෝමයේ ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි (නි)
හරි අපුරුයි ජය වේවා !(ස)
ලස්සනයි. (ස)