
(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්රිය වී දුම්රිය මාර්ගය මතට පස් සේදී එමින් පවතින බැවින් හෙට (24) සහ 25 දෙදින රඹුක්කන - පේරාදෙණිය, ගම්පොල අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසයි.
එම අනතුරුදායක තත්ත්වය මඟහරවා දුම්රිය මාර්ගය යථාවත් කිරීමේ හදිසි ප්රතිසංස්කරණ කටයුතු 24 සහ 25 දෙදින සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මෙම දින දෙක සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගත් මගී ජනතාව වෙත, ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල දුම්රිය ස්ථානයකින් නැවත ලබා ගැනීමට අවශ්ය කටයුතු සලසා ඇතැයි දුම්රිය සේවය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd