රාවණා රජු දේවත්වයෙන් සලකා ගරු බුහුමන් කරන ලග්ගල රණමුරේ ගම්වැසියෝ පාරම් පරිකව පවත්වාගෙන යන ''රාවණා යක්කම "එම ගම්මානයේදී පැවැත්විණි .
රණමුරේ හා ලග්ගල අවට ගැමියන් අදටද කියා සිටින්නේ තමන් රාවණා රජුගෙන් පැවත එන බවයි .
රාවණා රජු වර්තමානයේ දීත් බණ්ඩාර දෙවියන් නමින් විමාන ගතව ජනතාව ආරක්ෂා කරන බව ඔවුන්ගේ විශ්වාසයයි.
ඒඅනුව රාවණා රජු පාවිච්චිකළ විවිද ආයුධ පේ කිරීම .පෙරහැර පැවැත්වීම ගම්මුන්ට ආරක්ෂාව ලබාගැනීම සදහා දෙවියන් ආරුඪ කිරීම මෙහිදී සිදුකරේ .
රාවණා කමිටුව ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙය සංවිධානය කර තිබිණි .








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාවනා කතා බොරු කියලා අහක දාන්න අපිට බැහැ (දී)
2015 සූර්ය කුණාටුවෙන් පස්ස්‍ෙ රාවණා නැගිටිනවා කියලා කියනවලු නේද? (නි)
මේවා පැරණි සිරිත් විරිත් (නි)
දුටුගැමුණු රජතුමාත් පසුව බිහිවූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක් (නි)
මොකක්ද කඩු,කිනිසි අරගෙන කරන මේ යාගය? (නි)
වාල්මිකී බොරුකාරයෙක් කියල කිව්වේ කව්ද දන්නේ නැහැ එකත් බොරුවක් වන්න බැරිද (දී)
ලංකාවේ ඉතා ඈත කාලයේ සිට මිනිස්සු සිටිය බවට සාදක තියනවා.(දී)
කළු සපත්තු පැළදගෙන පුජාවට ඇවිත් ,ඉන්දියාවෙන් සල්ලිවලට ගන්න ලැස්ති ?.(දී)
විශිෂ්ට ක්‍රියාවක් (දී)
පැරණි චාරිත්‍ර , යාග හෝම ,වැඳුම් පිදුම් ,පුද පුජා ,ක්‍රම ක්‍රමයෙන් අභාවවයට යන කාලයේ නුතන පරපුරට දැක ගැනීමටත් , රාවනා රජුගේ ඉතිහාසය පැරන්නන්ගෙන් අසා දැනගැනීමට පවා අවස්තාවක් ලබාදීම ලග්ගල ජනතාව ඉටු කරන මහඟු ශාන්ති කර්මයක්! (දී)
විශිෂ්ට සටන් කලාවක ආරම්භයක් (දී)
අපේ අභාවයට යන මෙවැනි දේවල් ආරක්ෂා කර ගැනීම වටිනා වැඩක් (දී)
ප්‍රශ්නය මොනව උනත්, කැති කඩු කිනිසි උල් ආයුද අනේ මන්ද. මටනම් ටිකක් හිතට හොඳ නැහැ වගේ. ඔහොම (දී)
රූපසිංහ මහත්මයා කියනදේ එත්ත, වාල්මිකී කියන්නේ ජීවිතයේ මුල් කාලයේ හොරකමින් ජීවත් උන මිනිහෙක්ලු ඉතින් ඒ මනුස්සයා බොරු ලීවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි නේ, කොහොම නමුත් ඉන්දියානු හින්දුන් ලාංකිකයින්ට වෛර කරන එක ඇත්තක් (දී)
මේ රාවනා කතාව අපේ කට්ටිය ඇත්තට අරගෙනනේ. උදේ ඉඳන් රෑ වෙනකන් හින්දි චිත්‍රපට බලන කට්ටියගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? සෙනරත්ගේ කතාවට මම එකගත්වය පල කරනවා. (දී)
රාවණ නමින් බලවත් රජෙක් ලංකාවේ දැනට මහා වංශයේ ලියවී ඇති ඉතිහාසයට පෙර සිටින්නට ඇති බවටත් ඒ කාලයේ සිට පැවතෙන මිනිස්සුන් ලංකාවේ මුල්ම මිනිස්සුන් වියහැකි බවටත් තවමත් එම පරම්පරාවල අය ලංකාවේ සිටිය හැකි බවටත් ඇති අදහස් ඉවත දැමීමට තරම් සාධක නම් කියවීමට ලැබී නැත. වාල්මිකී ලිය ඇති රාමායනය නමැති පොතට අතිශයෝක්තිය එකතු කර අලංකාර කර ඇති බව නම් පෙනේ. රාවණ රජුගේ සොහොයුරිය මල් නෙලීමට ලංකාවේ සිට, රාම තපස් දම් පිරු උතුරු ඉන්දියාවට ගොස් කරදරයකට පත් වූ බවද එයට හේතු සෙවීමට රාවණ රජු දඬු මොනරයෙන් එම වනාන්තරයට ගිය බවද යන කතා සම්පුර්ණයෙන්ම ගෙතු කතාවක් විය යුතුය. 'මහා භාරත' නමින් දකුණු ඉන්දියානුවන් පුජත්වයෙන් සලකන පොතද සුරඟන කතා එකතුවකි. (දී)
ඉන්දියාවේ අදටත් රාමට,සීතාට සහ හනුමන්ට දේවත්වයෙන් පුදනු ලබයි. ඔවුන් වාර්ෂිකව පවත්වන පුදපුජා වලදී ඒමේ තිදෙනාට දේවත්වයෙන් පුදා අනතුරුව අප රාවණා රජුගේ අනුරුවක් තනා එය ගිනි තබනු ලබයි. ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන්ට වෛර කරන්නට පෙලබුනේ මේ අයුරින්. එම වෛරය අදටත් කැපී පෙනෙනවා ක්‍රිකට් මැච් වලදී. හනුමන්ට ඔවුන් ගරුකිරීම නිසා වදුරන්ටද අද දින දීත් පලතුරු ආදී කෑම බීම දී කැලැ වදුරාද දේවත්වයෙන් පිදුම් ලබයි. එමනිසාම නොව අපි, අප රජුට පිදුම් ලබා දිය යුතුය. රාවණා රජුව හුදු මනක්කල්පිතයක් ලෙස නොසැලකිය යුතුය. අපි රාවණා දෙවිට ගරු බුහුමන් කලයුතුය. විවිධ උගතුන් මේ පිලිබදව විවිධ අදහස් පල කලත් රාවණා නමින් බලසම්පන්න රජකු අප ශ්‍රී ලාංකද්වීපයේ සිටි බව ඉන්දියානුවන්ගේ රාමාට සහ හනුමාට කෙරෙන පුද පුජා වලින්ම ඔප්පු වෙනවා නේද? (දී)