IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රවින් ශූරතා තුනක් දිනයි

ශ්‍රී ලංකා දුන්නෙන් විදීමේ සංගමය පළමුවරට සංවිධානය කළ දුන්නෙන් විදීමේ ජාතික කනිෂ්ඨ තරගාවලියේදී ඌව පළාත නියෝජනය කළ රවින් දල්පදාදු ශූරතා තුනක් සහ අනුශූරතාවක් දිනා ගැනීමට සමත්විය. කොළඹ දුන්නෙන් විදීමේ පාසලේ ශාන්‍යා පෙරේරා ශූරතා දෙකක් සහ අනුශූරතාවක් දිනා ගනිමින් තරගාවලියේ ක‍්‍රීඩිකාවන් අතුරින් දස්කම් දැක්වුවාය. පසුගියදා 12 වැනි ජාතික දුන්නෙන් විදීමේ ශූරතාවලියට සමගාමීව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පළමුවරට කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්විණ. රවින්, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ යන වයස් කාණ්ඩ තුනම ජයගත් අතර ඔහු 16 න් පහළ වයස් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලැබීය. වයස 10 න් පහළ සහ 12 න් පහළ වයස් කාණ්ඩ දෙක ජයගත් ශාන්යා 14 න් පහළ වයස් කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තාය. වයස 14 න් පහළ සහ 18 න් පහළ මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්වල ශූරතා කොළඹ දුන්නෙන් විදීමේ පාසලේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දිනා ගැනීමට සමත්වුහ. අවසන් තරග ප‍්‍රතිඵල: 10 න් පහළ (මීටර 10, බාලක) 1. රවින් දල්පාදාදු (ඌව පළාත), 2. ප‍්‍රතාප් ජයතිලක (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. තිසරු දිස්නක (ආනන්ද) 10 න් පහළ (මීටර 10, බාලිකා) 1. ශාන්‍යා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2. නයන්තරා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. ගීති රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 12 න් පහළ (මීටර 18, බාලක) 1. රවීන් දල්පාදාදු (ඌව පළාත), 2. ශිවන්ක කුරුබලාපිටිය (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. මෙනුර පබුදිත (ඌව පළාත) 12 න් පහළ (මීටර 18, බාලිකා) 1. ශාන්‍යා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2. නයන්තරා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. නිලේකා ද සිල්වා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 14 න් පහළ (මීටර 18, බාලක) 1. රවීන් දල්පාදාදු (ඌව පළාත), 2. උමේෂ් කලංසුරිය (ආනන්ද), 3. අසේල් කරන්නාගොඩ (ආනන්ද) 14 න් පහළ (මීටර 18, බාලිකා) 1. වින්ද්‍යා රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2. ශාන්‍යා පෙරේරා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3. නිලේකා ද සිල්වා ( කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 16 න් පහළ (මීටර 30, බාලක) 1. පේසල කලංසුරිය (ආනන්ද), 2.රවීන් දල්පදාදු (ඌව පළාත), 3.පන්කජ සෙනෙවිරත්න (නාලන්දා) 16 න් පහළ (මීටර 30, බාලිකා) 1.සුචිනි උබේසිරි (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2.වින්ද්‍යා රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3.හසිනි සුරවීර (කොළඹ දු.ස.) 18 න් පහළ (මීටර 30, බාලක) 1.විදුර රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2.පේසල කලන්සුරිය (ආනන්ද), 3. පන්කජ සෙනෙවිරත්න (නාලන්දා) 18 න් පහළ (මීටර 30, බාලිකා) 1.සුචිනි උබේසිරි (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 2.වින්ද්‍යා රාජපක්‍ෂ (කොළඹ දුන්නෙන් විදීමේ පාසල), 3.මිහිරි ද සිල්වා (කොළඹ දුන්නෙන් විදීමේ පාසල) 14 න් පහළ මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව (මීටර 18) 1. කොළඹ දුන්නෙන් විදීමේ පාසල් ‘සී’ පිල, 2. 1. කොළඹ දුන්නෙන් විදීමේ පාසල් ‘ඞී’ පිල, 3. ආනන්ද විදුහල් දුන්නෙන් විදීමේ ‘ඒ’ පිල 18 න් පහළ මිශ‍්‍ර කණ්ඩායම් ඉසව්ව (මීටර 30) 1. කොළඹ දුන්නෙන් විදීමේ පාසල් ‘ඒ’ පිල, 2. ආනන්ද විදුහල් දුන්නෙන් විදීමේ ‘ඒ’ පිල, 3. නාලන්දා විදුහල් දුන්නෙන් විදීමේ ‘ඒ’ පිල



අදහස් (0)

රවින් ශූරතා තුනක් දිනයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2048 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2178 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2740 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5788 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1886 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6517 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18440 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site