IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රෙෂිකා - හේෂාන් හෙට ලන්ඩන් යති

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආරම්භවීමට සතියක් තිබියදී පිහිනුම් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූර හේෂාන් උණම්බුව සහ රෙෂිකා උඩුගම්පොළ හෙට (20) ලන්ඩන් නුවර බලා පිටත්ව යති. ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මේ මස 27 වැනිදා පැවැත්වෙන අතර ඊට පසු දිනයේම (28 වැනිදා) පිහිනුම් තරගාවලිය ආරම්භවන බැවින් හේෂාන් සහ රෙෂිකා කලින්ම ලන්ඩන් නුවරට යති. සිය ක‍්‍රීඩා දිවියේ හොඳම තරග නිමි කාලය වාර්තා කරමින් ජාතික වාර්තාවක් පිහිටුවීම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පළමු ඉලක්කය බව මීටර 100 පසුපස ආර ඉසව්වට (පිරිමි) සහභාගිවන හේෂාන් උණම්බුව පවසයි. ජාත්‍යන්තර තරග අත්දැකීම්වලින් හෙබි 20 හැවිරිදි හේෂාන්ගේ මීටර 100 පසුපස ආර ඉසව්වේ හොඳම තරග නිමි කාලය තත්පර 57.47 කි. පසුගිය මැයි මසදී මැලේසියාවේ පැවැති අන්තර්ජාතික විවෘත පිහිනුම් තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමත්, ලෝක පිහිනුම් ශූරතාවලියට සහභාගිවීමට අවස්ථාව ලැබීමත් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට ඉවහල් වු බව හේෂාන් පවසයි. ”පසුගිය මාස පහක පමණ කාලයක් ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග‍්‍රහය ඇතිව  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පිහිනුම් පුහුණු කඳවුරකට මම සහභාගිවුණා. එරට ඔලිම්පික් පදක්කම් ලාභී ක‍්‍රීඩකයන් සමග පුහුණුවීමට ලැබීම වැරදි හදා ගැනීමට අවස්ථාවක් වුවා යැයි” යයිද හේෂාන් පැවසීය. මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙන් පසුව ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඉංජිනේරු උපාධියක් සඳහා සිවු වසරක පමණ කාලයක් ඇමරිකාවේ අධ්‍යාපනය ලබන හේෂාන්, සාග් ක‍්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරගවලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද පැවසීය. මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවන ලාබාලතම ශී‍්‍ර ලංකා ක‍්‍රීඩිකාව වන රෙෂිකා උඩුගම්පොළයි. 18 හැවිරිදි රෙෂිකා, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 නිදහස් ආර ඉසව්වට (කාන්තා) සහභාගිවෙයි. ඔලිම්පික් උළෙලේදී මීටර 100 නිදහස් ආර ඉසව්වේදී (කාන්තා) තමන් වාර්තා කළ හොඳම කාලය වන විනාඩි 1. තත්පර 3.36 ක කාලය අබිබවා යාම සිය මුලික ඉලක්කය බව රෙෂිකා පවසන්නීය. රෙෂිකාට ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට වරම් හිමිවීම සඳහා පසුගිය වසරේ චීනයේ පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියට සහභාගිවීම සුදුසුකමක් විය. ”මම 2011 වසරේ චීනයේ පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියට සහභාගි වුණා. ලෝක තරගාවලියට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව වුණේ මමයි” ”ඔලිම්පික් වරම් හිමිවීමට ලෝක තරගාවලියට සහභාගිවීම සුදුසුකමක් වෙනවා. ඒ අනුව තමයි මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව මට හිමිවුණේ’’ යැයි රෙෂිකා පවසන්නීය. ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පිහිනුම් ඇකඩමියක පසුගිය මාස තුනක කාලයක් පුහුණුවීමේ අවස්ථාව ද ඇයට හිමිවුවාය. කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබු රෙෂිකා ඇමරිකානු අන්තර්ජාතික පාසලේ උසස් අධ්‍යාපනය ලබයි.



අදහස් (0)

රෙෂිකා - හේෂාන් හෙට ලන්ඩන් යති

හිල්මි Saturday, 21 July 2012 11:07 AM

අපගේ හෘදයාංගම සුභ පැතුම්...... ඔයාලාට.. (ස.වි)

:       0       0

සේනානායක Thursday, 19 July 2012 11:28 PM

සුබ පැතුම් සමගින් ලක්නම ලොව රන්දන්න

:       0       0

වරුණ Friday, 20 July 2012 07:20 AM

ස්වෝත්සාහයෙන් සුදුසුකම් ලැබූවාට සුභ පැතුම්! පදක්කමක් දිනන්න ලැබේවා!

:       0       0

නිලුක්ෂි Friday, 20 July 2012 08:56 AM

සියල්ලන්ටම සුභ පැතුම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 375 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 321 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site