IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු දුර මිසයිල භාවිතා කරමින් රුසියාවේ ඉලක්කවලට පහර දෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට තමන් ලබා දුන් දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහර දෙන්නැයි යුක්රේනයට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවසර ලබා දුන්නේ මීට දින දෙකකට පෙරය.

රුසියාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදා ඇමෙරිකා ජනාධිපති ලබා දුන් එම අවසරය පරිදි, ප්‍රහාර එල්ල කරන බවය. රුසියන් යුක්රේන යුද්ධය තව තවත් උත්සන්න කිරීමට ඇමෙරිකාව උත්සාහ ගන්නා බවට රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය දොස් නගා ඇත.

යුක්රේන හමුදා දිගු දුර මිසයිල භාවිතයට ගනිමින් පහර දුන්නේ රුසියාවේ බ්‍රයියැන්ස් පළාතේ රුසියන් හමුදා කඳවුරකටය. යුක්රේනය දෙසින් ආ දිගු දුර මිසයිල කීපයක් ප්‍රති මිසයිල යවා ගුවනේ දී විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් වූ බව ද පැවැසෙයි.

එක් මිසයිලයක් පමණක් හමුදා කඳවුරට එල්ල වී කඳවුරට හානි සිදුවී ඇත. මිසයිල ප්‍රහාරයෙන් හමුදා කඳවුරේ ගිනිනක් ද හට ගත් බව පැවැසෙයි.



අදහස් (0)

රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට
2024 නොවැම්බර් මස 21 285 0

මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ල


වඩයකින් ආ මාරයා අධ්‍යක්ෂක බිලිගනී
2024 නොවැම්බර් මස 21 1223 0

වඩේ එකක් අනුභව කරමින් සිටියදී කැස්සක් ඇති ඇති වී හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව


පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 තෙක් කල් තබයි
2024 නොවැම්බර් මස 21 3670 0

පාර්ලිමේන්තුව දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදන


ගත් ආකාරය කියන්න බැරි මෝටර් රථයක් සී.අයි.ඩී. බාරයට
2024 නොවැම්බර් මස 21 1423 0

හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ බෑණාට අයත් යැයි සැලකෙන මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ භාරයට ගෙන ඇතැයි එම


අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි
2024 නොවැම්බර් මස 21 608 0

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.


කෝටි 500ක කුඩු මාතරින් අල්ලයි
2024 නොවැම්බර් මස 21 1153 0

රුපියල් කෝටි 500 කට අධික හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැක පිට අත්අඩංගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 445 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 684 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1945 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site