නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් වරකාවේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් බදාදා (01) පැවත්වීමට තිබු නිවසට අද අලුයම පෙට්‍රල් බෝම්බ හා ගල් මුල් ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි පොලීසිය කියයි.
කළුපාට ඩිෆෙන්ඩරයකින් ප්‍රහාරයට පිරිසක් ආ බවත් රැස්වීම නොපවත්වන්නැයි ප්‍රබල දේශපාලනඥයකු දින කිහිපයකට පෙර තර්ජනය කළ බවත් නිවෙස් හිමියා වන එච් පී සී පුෂ්පකුමාර මහතා කියයි.
එජාප සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා පැවසුයේ පොලීසියට පැමිණිලි කළත් සාධාරණයක් ඉටු නොවන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කැත වැඩ (දී)
මේක කාගේ ආශ්චර්යමත් වැඩක් ද කියල නාවල පිටියෙ ජනතාව දන්නවා.(අ)
ඔහොම තමයි. ඇමතිතුමා හොඳටම බයවෙලා බව දැන් මිනිස්සු දැනගත්තා. (ස)
හොරා පොලිස් (නදී)
පොලිසියට කියලා මොනවා කරන්නද? ඕවා කරන අය යටතේ නේද පොලිස්කාරයෝ ඉන්නේ? (නදී)
යු.එන්.පී චින්තනයම නේද කලින් ඕවා පටන්ගත්තේ (නදී)
මේ සාමාන්‍ය ජනතාව අතර ඇති දේශපාලන සංස්කෘතිය කවදා වෙනස් වෙයිද ? අප සිටින රටවල මැතිවරණ පවත්වනවා. එවැනි දින අනිකුත් දිනවලට වඩා සාමකාමී හා නිශ්ශබ්දයි(නි)
රැස්වීම තිබ්බට පස්සේ ගහලා වැඩක් නැති හින්දයි කල් ඇතුවම ගහලා ඇත්තේ. (නි)
සහෝදර ප්‍රේමය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! (දී)
බෝම්බ දැම්මේ ජපන්නු කොළඹට දැම්ම වගේද ? (දී)
මෙවන් නින්දිත වැඩ කරන්නේ කවුද (දී)
මෙවන් වැඩ කොයි කාලෙදිත් සිද්ද උනා (දී)
අහෝ ලංකාව (දී)
අර බලු කුක්කව ගෙන්නවල බැලුවනම්.(දී)
පව්... අපරාදේ.. (දී)
මගේ රටට ලැජ්ජා කරන්න එපා. (දී)
සාමුහික වීමයි මේවාට පිළිතුර (දී)
ගහ මරා ගැනීම් වලින් තොර රටක් කවදා උදා වෙයිද
මේවා ජාත්‍යන්තරයට ගියොත් (දී)
මේවා විපරිත කාලෙට වෙන වැඩ (දී)
මිනිස්සුන්ට මොකුත් වෙලා නැහැනේ (දී)
කරුමේ කියන්නේ බල්ලා දන්නෙත් නැහැ කලේ කවුද කියලා . උගෙත් ඉව නැතිවෙන්නයි බොම්බේ ගහන්නේ (දී)
කවුරු බෝම්බගැහුවත් අල්ලන්න බැහැ , දැන් බළල්ලු ගෙනෙන්න තියෙන්නේ (දී)
රට විනාශවෙලා තියෙන්නේ (දී)
හිතවත් පුෂ්පකුමාර ,ඔබට මතකද හිතවත් ක්‍රිෂාන් කරුණාරත්න මහතාගේ සහෝදරිය ,ඒ තුමියටත් මොනතරන් කරදර තිබුනද ,හැබැයි එතුමිය පසුබැස්සේත් නැහැ,නමුත් ඒයාටත් තේරුම් ගීයා මෙතන තියෙන්නේ දෙසපලනයක් නොව එක එක්කනා මරා ගැනිමක් කියා(දී)