ගාල්ල දෙවටේ දී කාරයක් වෑන් රථයක හැපී විසිවීගොස් යතුරුපැදියක වැදීමෙන් එහි සිටි මව, පියා හා දියණියත් කාරයේ පැමිණි වෛද්‍යවරයාත් කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. රෝහල්ගත කළ වෛද්‍යවරයා රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු බව කරාපිටිය රෝහලේ වෛද්‍යවරු හඳුනාගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම කාර් එක මරුටි එකක් වෙන්න ඕනෑ (නි)
රෝහලක වාහන අවසරපතක් තිබු පමණකින් රියදුරා දොස්තර කෙනෙක් කියන්නේ කොහොමද? මම ලංකාවට ගියාම වැඩිපුරම පාවිච්චි කරන්නෙත් ඔය වගේ පර්මිට් එකක් ගහපු කාර් එකක් තමා. (නි)
ඉදිරි වීදුරුවේ ලේබල් ගහන එක නීතියට වැරදී නේද ? (අ)
අපේ සංස්කෘතියට අනුව, රියදුරුව අල්ලලා තඩි බෑවේ නැති එකනම් විශාල දුර්වලකමක්. (අ)
හොඳ මාර්ග පද්දතියක් හදන්න මහන්සි වෙන ගමන්ම හැදිච්ච විනය ගරුක ඉදිරි රියදුරු කැලක් හැදුවේ නැත්තන් පාරේ යනවා කියන එක බිම් බෝම්බ තියෙන ඉසව්වක් හරහා ගමන් කිරීමකට වඩා අමාරු වැඩක් වේවි. අපේ රටේ දියුණු රටවල වගේ තමන් යායුතු මන් තීරුවේම ගමන් කිරීමේ පුරුද්දක් හෝ ඒවා ඇදලා තියෙන්නේ අයි කියන වැටහීමක්වත් අපේ හොදක් රියදුරන්ට නෑ. එ්ත් දැඩි නීති හා දැඩි විනය ගරුකව , හික්මීමක් ඇතිව රිය පදවනවා නම් අනතුරු 90% වලක්වා ගන්න පුළුවන්. වෛද්‍ය වරුවගේ උගත් අයගෙන් වත් ආදර්ශයක් නැති එකයි දුක. ඔය දැන් ඔච්චාර ඉකමනට යන්න ගිය ගමන ආවසන් කර ගන්න බැරි උනානේ. අනේ මන්දා හරි ම වේදනාවක් දැනෙනවා. මිනිස් ජීවිත සත්ව ජීවිත වල තරමට වත් මායිම් නොකරන සමාජයකයි ජීවත් වීමට සිදුව තිබෙන්නේ. (නදී)
හැදිච්ච විනය ගරුක රියදුරන් අහසින් පාත්වෙන්නේ නැහැ. හැදිච්ච විනය ගරුක සමාජයකින් තමයි හැදිච්ච විනය ගරුක රියදුරන්. දොස්තරවරුන් පොලිස් නිලධාරීන් ආදීන් ඇති වෙන්නේ. (නදී)
හරියට හරි අපොන්සු. හැදිච්ච විනය ගරුක සමාජය කින් තමයි හොඳ රියදුරන් වගේම හොඳ පාලකයින්, හොඳ ජනතාවක් බිහිකරන්නේ. මේ අපේ රටේ සමාජය කෑවේ විවෘත ආර්ථික ක්‍රමය තමයි.(නදී)