IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රොහාන් ගුණරත්න නඩුවෙන් පරාදයි

කැනඩාවේ දෙමළ කොංග්‍රසය කොටි සංවිධානයට සම්බන්ධ කරමින් ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රොහාන් ගුණරත්න කළ ප්‍රකාශයකින් කැනඩාවේ දෙමළ කොංග්‍රසයට  එරෙහි කැනඩාවේ ඔන්ටේරියෝ උපරිමාධිකරණය  කැනඩා ඩොලර් පනස්  තුන්දහසක් (රුපියල් හැටතුන්ලක්ෂ තිස්දහසක් ) වන්දි  හා නඩු ගාස්තු ගෙවන ලෙස ගුණරත්නට  නියම කළේය.

කොටි සංවිධානය කැනඩා දෙමළ කොංග්‍රසය නමින් කැනඩාවේ රැඳී සිටින බවත් එය කැනඩාවේ ප්‍රධාන කොටි පෙරමුණ බවත්  2011 පෙබරවාරී මාසයේ  ලක්බිම නිවුස් ලිපියකින්  ගුණරත්න කියා ඇතැයි උසාවියේදී කියැවිණි.

කැනඩා  රජය මේ පිළිබඳව  දන්නා බවත්  ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත් ගුණරත්න ලියා ඇත.

ඕන්ටේරියෝ විනිසුරු  ස්ටීවන් ඊ ෆියර්ස්ටන් කැනඩා දෙමළ කොංග්‍රසයට වාසි සහගත  ලෙස තීන්දුව දෙමින් කැනඩා ඩොලර් තිස්හත්දහක වන්දියක් කැනඩා ඩොලර් දහසය දහසක නඩු ගාස්තු ගෙවන ලෙසද ගුණරත්නට නියම කළේය.

ගුණරත්නගේ ප්‍රකාශ පැහැදිලිවම  සෘජුව හෝ වක්‍රව අපහාසාත්මක බවක්  නීතී විරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බව ගම්‍ය වන බවත් විනිසුරු සඳහන් කළේය.

එම ප්‍රකාශ  වැරැදි හා අසත්‍ය බව  ඉතා පැහැදිළිව බව මතබේදයකින් තොරව පැවසිය හැකි යැයි ද විනිසුරු කීවේය.

දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හා ත්‍රස්තවාදී  පර්යේෂණ සම්බන්ධයෙන් සිංගපුරුවේ නැංයැං තාක්ෂණ සරසවියේ   ජාත්‍යන්තර  ප්‍රධානියා මහාචාර්ය ගුණරත්නයි.

ඔහු ශ්‍රී ලංකා රජය හා එක්ව මඩ ගසතියි කැනඩා දෙමළ කොංග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් පුපාලපිල්ලේ කියයි.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුන් ලක්ෂයක් පමණ නියෝජනය කරන ජනතා දෙමළ  කොංග්‍රසය ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම දෙමළ මහ ජනයා අයත් සංවිධානයයි.

 



අදහස් (0)

රොහාන් ගුණරත්න නඩුවෙන් පරාදයි

ගාමිණි ජයලත් Thursday, 20 February 2014 01:46 PM

රොහාන් ගුණරත්න මහතා වෙනුවෙන් අපි සහයෝගය පළ කළ යුතුව තිබේ. (අ)

:       0       0

සසි Friday, 21 February 2014 02:59 PM

කැනඩාව කියන්නේ කොටි තිප්පොළක්, කොටි හිතවාදී රටක්, මේවගේ දේවල් වලට විරුද්දව කාටවත් කැනඩාව උදව් කරන්නේ නැහැ. උන්ට ලංකාව ගැන කතා කරන්න තියෙන අයතිය මොකක්ද? ශ්‍රී ලංකාවේ පුරවසියෝද? (අ)

:       0       0

අමිල සිංග Thursday, 20 February 2014 02:41 PM

කෙනත් හරි. ශ්‍රී ලංකා රජය මේ මුදල ගෙවා දමන්ට ඕන. කැනඩාවටත් තේරෙයි තව ටික කාලයක් ගියාම(දිල්).

:       0       0

රුවන් Thursday, 20 February 2014 04:26 PM

හරියටම නඩුව අහලද (දී)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Wednesday, 19 February 2014 10:05 PM

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුන් ලක්‍ෂයක් පමණ නියෝජනය කරන ජනතා දෙමළ කොංග්‍රසය ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම දෙමළ මහ ජනයා අයත් සංවිධානයනම් ශ්‍රී ලංකාව ගැන කතා කරන්න තියෙන අයතිය කුමක්ද ? උන් ශ්‍රී ලංකා පුරවැසියන්ද? (අ)

:       0       0

සත්‍යා Thursday, 20 February 2014 06:47 PM

සනත් අමතක කරන්න එපා ඔයාගේ "උත්තමාචාරය" තවත් දේකට මෙයාට දෙන්න. යුද්ධය පැවති මුළු කාලයේම එල්.ටී.ටී.ඊ එක පරද්දන්න අපේ හමුදාවන් ට බැහැ කියල අපේ රණවිරුවන්ට දීපු චිත්ත ධෛර්යට මෙයා ට හොඳ ට සළකන්න ඕනේ.(දී)

:       0       0

චන්ද්‍රා Monday, 24 February 2014 07:39 AM

අසත්‍යට තැන තියෙන්නේ ලංකාවේ විතරයි.(නදී)

:       0       0

සනත් Wednesday, 19 February 2014 10:41 PM

ත්‍රස්තවාදයට සහ බොරුව ට පමණයි අද තැන....ඇත්ත කිව් රොහන් ගුනරත්න මහතාට අපේ උත්තමාචාරය! (අ)

:       0       0

කෙනත් Wednesday, 19 February 2014 10:46 PM

ශ්‍රී ලංකා රජය මේ මුදල ගෙවා දමන්ට ඕන, මොහු කියා ඇත්තේ රට වෙනුවෙන් ඇත්තක්, සිහල අපට කොටි හිතවාදී කැනඩාවෙන් මීට වඩා හොද දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කැනඩාව කියන්නේ කොටි තිප්පොළක් නැත්නම් කොටි මුලස්ථානය (අ)

:       0       0

චන්ද්‍ර Monday, 24 February 2014 08:00 AM

"කොටි ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව ශ්‍රීලංකාව වෙනුවෙන් ඉදිරිපත්වූ ගුණරත්න මහතාට ලක්රජය සදාරණයක් කළයුතුයි." (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 20 February 2014 09:45 PM

සත්‍ය ගේ කතාව තමයි හරි ,අනිත් අය මෙයා ගැන දන්නේ නැතුව අදහස් දාල.මෙයා තමයි කිව්වේ හමුදාවට lකොටි පරද්දන්න බැහැ කියල.(අ)

:       0       0

ගාම්යා Thursday, 20 February 2014 07:26 AM

කෙනත් හරි. රජය හෝ කොටින්ට විරුද්ද අය හෝ මේකට දායක විය යුතුයි. මේක ඇත්ත නමුත් කැනඩා රජය කොටින්ට සපෝට් කවදත්. කොහොමත් ලංකා රජයට සම්පුර්ණ කොටි ක්‍රියාකාරකම් ලෝකෙට පෙන්නන්න තරම් අවශ්‍යතාවයක් නැ. මොකද කාලෙන් කාලෙට ටිකක් එලියට දල තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ටකරගන්න ඕන නිසා. මේක රජයට හිගන්නාගේ තුවාලේ වගේ එකක්. (අ)

:       0       0

රකිත් Tuesday, 25 February 2014 07:33 AM

කැනඩාවේ මෙම කොන්ග්‍රසයේ සාමාජිකයන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා පුලුවන්නම් කැනඩාවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලලා සටන් කරන්න කියලා. මේ ලෝකයේ රටවල් අතුරෙන් රුසියාවට පස්සේ වැඩිම භුමි ප්‍රමාණය තියෙන්නේ කැනඩාවේ. බලන්නකෝ ඉල්ලලා මොකද වෙන්නේ කියලා? (අ)

:       0       0

දමයන්ති Thursday, 20 February 2014 07:54 AM

අනේ කාලේ අනේ වාසේ (දී)

:       0       0

නිමල් Thursday, 20 February 2014 07:54 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

නිමල් පෙරේරා Thursday, 20 February 2014 08:57 AM

කොටි ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව ශ්‍රීලංකාව වෙනුවෙන් ඉදිරිපත්වූ ගුණරත්න මහතාට ලක්රජය සදාරණයක් කළයුතුයි.(දිල්)

:       0       0

ශාන්ති Saturday, 22 February 2014 12:38 PM

කැනඩාවට පුලුවන්ද සිංගප්පුරුවේ මිනිස්සුන්ට විරුද්ධව නඩු අහන්න? (දිල්)

:       0       0

චානක. Thursday, 20 February 2014 09:14 AM

කොටි සංවිධානයට උදව් කළේ කැනඩාව විතරද?(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4683 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 8 0


මෙණරාගලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 11 0


කැළණිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 35 0


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 31 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15083 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 247 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site