කැනඩාවේ දෙමළ කොංග්‍රසය කොටි සංවිධානයට සම්බන්ධ කරමින් ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විශේෂඥයකු වන රොහාන් ගුණරත්න කළ ප්‍රකාශයකින් කැනඩාවේ දෙමළ කොංග්‍රසයට එරෙහි කැනඩාවේ ඔන්ටේරියෝ උපරිමාධිකරණය කැනඩා ඩොලර් පනස් තුන්දහසක් (රුපියල් හැටතුන්ලක්ෂ තිස්දහසක් ) වන්දි හා නඩු ගාස්තු ගෙවන ලෙස ගුණරත්නට නියම කළේය.
කොටි සංවිධානය කැනඩා දෙමළ කොංග්‍රසය නමින් කැනඩාවේ රැඳී සිටින බවත් එය කැනඩාවේ ප්‍රධාන කොටි පෙරමුණ බවත් 2011 පෙබරවාරී මාසයේ ලක්බිම නිවුස් ලිපියකින් ගුණරත්න කියා ඇතැයි උසාවියේදී කියැවිණි.
කැනඩා රජය මේ පිළිබඳව දන්නා බවත් ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත් ගුණරත්න ලියා ඇත.
ඕන්ටේරියෝ විනිසුරු ස්ටීවන් ඊ ෆියර්ස්ටන් කැනඩා දෙමළ කොංග්‍රසයට වාසි සහගත ලෙස තීන්දුව දෙමින් කැනඩා ඩොලර් තිස්හත්දහක වන්දියක් කැනඩා ඩොලර් දහසය දහසක නඩු ගාස්තු ගෙවන ලෙසද ගුණරත්නට නියම කළේය.
ගුණරත්නගේ ප්‍රකාශ පැහැදිලිවම සෘජුව හෝ වක්‍රව අපහාසාත්මක බවක් නීතී විරෝධී හා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බව ගම්‍ය වන බවත් විනිසුරු සඳහන් කළේය.
එම ප්‍රකාශ වැරැදි හා අසත්‍ය බව ඉතා පැහැදිළිව බව මතබේදයකින් තොරව පැවසිය හැකි යැයි ද විනිසුරු කීවේය.
දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හා ත්‍රස්තවාදී පර්යේෂණ සම්බන්ධයෙන් සිංගපුරුවේ නැංයැං තාක්ෂණ සරසවියේ ජාත්‍යන්තර ප්‍රධානියා මහාචාර්ය ගුණරත්නයි.
ඔහු ශ්‍රී ලංකා රජය හා එක්ව මඩ ගසතියි කැනඩා දෙමළ කොංග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් පුපාලපිල්ලේ කියයි.
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුන් ලක්ෂයක් පමණ නියෝජනය කරන ජනතා දෙමළ කොංග්‍රසය ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම දෙමළ මහ ජනයා අයත් සංවිධානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනත් හරි. ශ්‍රී ලංකා රජය මේ මුදල ගෙවා දමන්ට ඕන. කැනඩාවටත් තේරෙයි තව ටික කාලයක් ගියාම(දිල්).
කැනඩාවේ මෙම කොන්ග්‍රසයේ සාමාජිකයන්ගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා පුලුවන්නම් කැනඩාවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලලා සටන් කරන්න කියලා. මේ ලෝකයේ රටවල් අතුරෙන් රුසියාවට පස්සේ වැඩිම භුමි ප්‍රමාණය තියෙන්නේ කැනඩාවේ. බලන්නකෝ ඉල්ලලා මොකද වෙන්නේ කියලා? (අ)
"කොටි ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව ශ්‍රීලංකාව වෙනුවෙන් ඉදිරිපත්වූ ගුණරත්න මහතාට ලක්රජය සදාරණයක් කළයුතුයි." (අ)
අසත්‍යට තැන තියෙන්නේ ලංකාවේ විතරයි.(නදී)
කැනඩාවට පුලුවන්ද සිංගප්පුරුවේ මිනිස්සුන්ට විරුද්ධව නඩු අහන්න? (දිල්)
කැනඩාව කියන්නේ කොටි තිප්පොළක්, කොටි හිතවාදී රටක්, මේවගේ දේවල් වලට විරුද්දව කාටවත් කැනඩාව උදව් කරන්නේ නැහැ. උන්ට ලංකාව ගැන කතා කරන්න තියෙන අයතිය මොකක්ද? ශ්‍රී ලංකාවේ පුරවසියෝද? (අ)
සත්‍ය ගේ කතාව තමයි හරි ,අනිත් අය මෙයා ගැන දන්නේ නැතුව අදහස් දාල.මෙයා තමයි කිව්වේ හමුදාවට lකොටි පරද්දන්න බැහැ කියල.(අ)
සනත් අමතක කරන්න එපා ඔයාගේ "උත්තමාචාරය" තවත් දේකට මෙයාට දෙන්න. යුද්ධය පැවති මුළු කාලයේම එල්.ටී.ටී.ඊ එක පරද්දන්න අපේ හමුදාවන් ට බැහැ කියල අපේ රණවිරුවන්ට දීපු චිත්ත ධෛර්යට මෙයා ට හොඳ ට සළකන්න ඕනේ.(දී)
හරියටම නඩුව අහලද (දී)
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තුන් ලක්ෂයක් පමණ නියෝජනය කරන ජනතා දෙමළ කොංග්‍රසය ශ්‍රී ලංකාවෙන් පිටත වැඩිම දෙමළ මහ ජනයා අයත් සංවිධානයනම් ශ්‍රී ලංකාව ගැන කතා කරන්න තියෙන අයතිය කුමක්ද ? උන් ශ්‍රී ලංකා පුරවැසියන්ද? (අ)
රොහාන් ගුණරත්න මහතා වෙනුවෙන් අපි සහයෝගය පළ කළ යුතුව තිබේ. (අ)
කොටි සංවිධානයට උදව් කළේ කැනඩාව විතරද?(දිල්)
කොටි ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව ශ්‍රීලංකාව වෙනුවෙන් ඉදිරිපත්වූ ගුණරත්න මහතාට ලක්රජය සදාරණයක් කළයුතුයි.(දිල්)
අයියෝ සල්ලි (දී)
අනේ කාලේ අනේ වාසේ (දී)
කෙනත් හරි. රජය හෝ කොටින්ට විරුද්ද අය හෝ මේකට දායක විය යුතුයි. මේක ඇත්ත නමුත් කැනඩා රජය කොටින්ට සපෝට් කවදත්. කොහොමත් ලංකා රජයට සම්පුර්ණ කොටි ක්‍රියාකාරකම් ලෝකෙට පෙන්නන්න තරම් අවශ්‍යතාවයක් නැ. මොකද කාලෙන් කාලෙට ටිකක් එලියට දල තමන්ගේ දේශපාලන අරමුණු ඉෂ්ටකරගන්න ඕන නිසා. මේක රජයට හිගන්නාගේ තුවාලේ වගේ එකක්. (අ)
ශ්රී ලංකා රජය මේ මුදල ගෙවා දමන්ට ඕන, මොහු කියා ඇත්තේ රට වෙනුවෙන් ඇත්තක්, සිහල අපට කොටි හිතවාදී කැනඩාවෙන් මීට වඩා හොද දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කැනඩාව කියන්නේ කොටි තිප්පොළක් නැත්නම් කොටි මුලස්ථානය (අ)
ත්‍රස්තවාදයට සහ බොරුව ට පමණයි අද තැන....ඇත්ත කිව් රොහන් ගුනරත්න මහතාට අපේ උත්තමාචාරය! (අ)